Ads 468x60px

.

අමිල නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගත්තේ වෙල්ගමගේ බලපෑමටද..?

නයනා කුමාරිට අපහාස වන කට කතා තැනින් පතුරලාලු...

පැමිණිල්ල ගොඩින් බේරගන්නයි වැඳලා තියෙන්නේ...

නයනා කුමාරිට අපහාස කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධව ඇය විසින් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කරන ලද පැමිණිල්ලකට අනුව ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අමිල අබේසේකර විසින් නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා ඉදිරියේ අදාළ සිද්ධියට කනගාටුව ප්‍රකාශ කර පැමිණිලිකාර නයනා කුමාරිගෙන් වැඳ සමාව ගෙන තිබෙනවා.

එසේ "පබා" ටෙලි නාට්‍යයෙන් ජනප්‍රියත්වයට පත්වූ අමිල අබේසේකර අමාරුවේ වැටි තිබෙන්නේ ටෙලි නාට්‍යය නිලියක් මෙන්ම රුපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නයනා කුමාරි හට අපහාස වන කට කතා තැනින් තැන කීම හේතුවෙනුයි.

අමිල අබේසේකර නයනා කුමාරිගේ නම අමාත්‍යවරයෙකුට සම්බන්ධ කරමින් පවත්වාගෙන යන කතාව ප්‍රවාහන අමාත්‍යවරයා වන වෙල්ගම අමාත්‍යවරයාට සැල වීමත් සමග වෙල්ගම අමාත්‍යවරයා විසින් නයනා කුමාරිව දැනුවත්කොට තිබෙනවා.

තමාගේ චරිතයට සිදුවූ හානිය පිලිබඳ කම්පාවට පත්වූ නයනා කුමාරි මේ පිළිබඳව මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් සිදුකොට තිබෙනවා.

එම පැමිණිල්ල විභාග කිරීමේදී එම සිදුවීම ගොඩින් බේරාගැනීමට උත්සුක වූ අමිල අබේසේකර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ ඉදිරියේ එම සිදුවීම පිලිබඳ කනගාටුව පලකොට නයනා කුමාරිගේ පා යුගම වැඳ සමාව ගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails