Ads 468x60px

.

දේමවුපියන්ගේ අනියම් සම්බන්ධයට හයක් හතරක් නොදත් පුංචි උපේක්ෂා වන්දි ගෙවූ හැටි...

මේ දරුවා තමුසෙගෙ නෙමෙයි...

පවුල් ආරවුලක් දිග්ගැස්සීමෙන් ඇති වූ වචන හුවමාරුවකදී සිය බිරිඳගේ කටින් පිටවූ එවන්  වචනයක් සිතේ තදකරගෙන සිට එතෙක් කලක්  පවු‍ලේ අන් දරුවන්ට වඩා ආදරය කළ දියණියගේ ගෙල මිරිකා මරා, මළ සිරුර කුණු ඇළකට දමන්නට තරම් පියෙකුගේ සිතක් දරදඬු වේද? 

මේ සටහන් තබන්නට යන්නේ අහිංසක දැරියකට අත්වූ එවන් ඉරණමක් ගැන හෙළි නොවූ කතාවකි. ඒ කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීමේ හෝ අපහාස කිරීමේ අරමුණෙන් නම් නොව දරුවන් සිටින මව්වරුන්ටත් පියවරුන්ටත් මේ ඛේදවාචකය හරහා බොහෝ දේ ඉගෙන ගන්නට ඇති බැවිනි.මේ ඛේදවාචකය පිටුපස සැඟවී ඇත්තේ එකී දියණියගේ මව්පියන් අතර දිගින් දිගටම පැවැති පවුල්  ආරවුලකි. 

ඒ ආර්ථික ප්‍රශ්න මුල්කරගනිමින් කන්න, බොන්න, අඳින්න පළඳින්න නොමැතිව අඹුසැමියන් අතර ඇතිවන සාමාන්‍ය විදියේ පවුල් ආරවුලක්  නොව අනියම් පෙම් පලහිලව්වක් සම්බන්ධයෙන් හටගත් පවුල් ආරවුලකි. ස්වාමියා චෝදනා කරන්නේ බිරිඳට අනියම් පුරුෂයෙකු සිටින බවටය. බිරිඳ චෝදනා කරන්නේ සැමියාට අනියම් සම්බන්ධයක් ඇති බවය. 

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ලිංගික අතවර චෝදනා ලැබූ දොස්තරට උසස්වීමක්...

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ චර්මරෝග සායනයේදී තරුණිය කට සාපරාධි ලෙස ලිංගික බලපෑම් කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ  කුමාර වනිගතුංග නමැති වෛද්‍ය වරයා සම්බන්ද යෙන් නිසි පරිදි චෝදනා විභාග නොකොට අදාළ පරීක්ෂණ යට ගසමින් එම වෛද්‍ය වරයා අතුරුගිරිය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස පත් කිරීම ගැන දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයන් විමතිය පළ කරති. 

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ චර්ම රෝග අංශයේ සේවය කල වෛද්‍ය කුමාර වනිගතුංග මුහුණේ කුරුලෑ මතුවීම නිසා එම සායනයට ප්‍රතිකාර සඳහා පැමිණි තරුණියකට බලහත් කාරයෙන් ලිංගික බලපෑම් කිරීම සහ අයුතු ලෙස ශරීරය ස්පර්ශ කිරීම සම්බන්දයෙන් එම රෝගී තරුණිය සහ ඇයගේ දෙමාපියන් විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ රෝහලේ චර්ම රෝග අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද ගුණවර්ධන මහතාට ලිඛිතව පැමිණිලි කොට තිබෙන අතර මේ සම්බන්දයෙන් කිසිම පරීක්ෂණයක් නොපවත්වා එම චෝදනා යට ගසා තිබේ. 

වෛද්‍ය කුමාර වනිගතුංග විසින් මෙම තරුණියට සිදු සාපරාධි  ලිංගික බලපෑම ගැන ඇයගේ පියා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයටද පැමිණිලි කලද සිදු කොට ඇත්තේ අදාල වෛද්‍යවරයා චර්ම රෝග අංශයේ සිට තලංගම රෝහලට මාරු කිරීම පමණි. මේ දක්වා එම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා විභාග කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන නැත.  

විදුහල්පතිනිය නිදහස්‌ : ජංගම දුරකතනය ගස්‌ : මිනුවන්ගොඩ පාසල් දැරියගේ ඛේදවාචකය....

සති දෙකක්‌ පංති තහනම්, වෙන පාසලක්‌ සොයා ගන්න...-විදුහල්පතිනිය

සති දෙකක්‌ පංති තහනම්...? - මහේෂිකා

ෆෝන් එකක් නිසා නාලන්දාවේ විදිහල්පතිනී සති දෙකක් පන්ති තහනම් කල ලජ්ජාවට සිසුවිය වස පානය කල පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

මිනුවන්ගොඩ නාලන්දාවේ විදුහල්පතිනිය මහේෂිකාගේ කණ මිරිකා බැණ වැදුන නිසාත් සති 02 ක්‌ පංති තහනම් කළ නිසාත් එදා සිට කලකිරීමෙන් සිටි මහේෂිකා නැවත පාසලට බාර නොගන්නා බව විදුහල්පතිනිය කිව් නිසාත් ඇතිවූ කලකිරීම මත එම සිසුවිය වස පානය කර තිබෙන බව මීට පෙර අප වාර්තා කලා .

අපගේ න්‍යායට අනුව සියදිවි නසා ගැනීමක්‌ යනු පෞද්ගලික දෙයකැයි කෙනෙකුට තර්ක කළ හැක. ජීවිතයට මුහුණ දෙන්නට නොහැකිකම නිසා කරගත් මෝඩකමකැයි කියාද තර්ක කළ හැක.

එහෙත් ඔහුට හෝ ඇයට දිවි නසා ගැනීමට බලකරනු ලැබූ වටපිටාවක්‌ ඇති කරවනු ලැබ, කෙනෙකු දිවි නසා ගත්තේ නම් ඒ දිවි නසා ගැනීම ගැන අප බැරෑරුම් ලෙස කතා කළ යුතුය.

මේ එවන් කතාවකි.

ඇය මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි. ජනවාරි මාසය සාමාන්‍යයෙන් පාසල්වල ක්‍රීඩා උත්සව පැවැත්වෙන කාලයයි.

අප කතා නායිකාව වන නිෂාදි මහේෂිකා ගේ ඉරණම තීන්දු කරන්නේ මේ ක්‍රීඩා උත්සවයයි. ඊට ආසන්නම සාධකය වන්නේ හෑන්ඩ් පෝනයයි.