Ads 468x60px

.

ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන්


ඔපීනියන් දීම යනු 
දෙකයි දෙකේ පොල්ලක්

ශ්‍රී ලංකාවේ යම් ප්‍රමානයක්ට බුද්ධිමත් මිනිසුන් සිටින බවට අප විශ්වාස කරමු. තවමත් මේ ර​ෙට් උගත් දොස්තරවරු, ඉන්ජිනේරුවන්, ගණකාධිවරුන්, ඇතුලු වෘත්තිකයන් පිරිසක් සිටිති. 

නමුත් ශ්‍රී ලංකාව යනු නූගතුන් විසින් බුද්ධිමතුන්ව පාලනය කරන රටකි. එයට මූලික හේතුව නම් ලංකාව සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වීමයි.

අසංස්කෘතික පසුගාමී ගෝත්‍රික රටවල බලවත් සිවිල් උගත් මිනිසුන් ගෙන් සැදුම් ලත් සමාජ කවයක් නැත​. එවැනි රටවල සිටින සුලුතරයක් වූ  බුද්ධිමත් වෘත්තිකයන් සමාජ ප්‍රශ්න වලදී තම ඔපීනියන් දෙන්නට යන්නේ නැත​.