Ads 468x60px

.

ජනප්‍රිය නළුවකුගෙ නමක් එකතු කරලා විනූට කට කතාවක් පැතිරිලා ගිය කතාව ඇත්තද..?

ඔහුටත් නංගිල නැති හින්දා මට නංගි කෙනෙකුට වගේ සැලකුවා...

ඒ සහෝදර බැඳීමෙන් එහා දෙයක් අපි අතර තිබුණෙ නැහැ...

විනූ උදානි සිරිවර්ධන යනු අද නවක නිළි පරපුරට එක්වූ ජනප්‍රිය යොවුන් නිළියකි. රූප රාජිණියක් ලෙස කිරුළ දැරූ විනූ වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා හරහා ක්‍ෂේත්‍රයට විත් ඒ ඔස්සේ නිළිකමට පිවිස සිටින්නීය. අපි ඇගේ නවතම තොරතුරු ටිකක් කතා බහ කරන්නට සිතුවෙමු.

විනූගේ කලා ජීවිතේ නවතම තොරතුරු කතා කළොත් .....
මම මේ දවස්වල ස්වර්ණවාහිණී නාලිකාව මගින් විකාශය කරන ‘තරුමලී’ ටෙලි නාට්‍යයේ රූගතකිරීම්වල යෙදෙනවා. ‘තරුමලී’ සතියේ දින පහේම රාත්‍රී 9.30ට විකාශය වනවා. දෙරණ නාලිකාවේ විකාශය වන ‘පිපෙන මල්’ දැන් අවසන් අදියරේ පවතින්නේ.

කොහොමද තරුමලීට ලැබෙන ප්‍රතිචාර?
බොහොම හොඳ තත්ත්වයක තියනවා.

අලුත් නිර්මාණ සඳහා ආරාධනා ලැබුණේ නැද්ද ?
ආරාධනා ලැබුණත් දැන් තාවකාලිකව කලා ජීවිතේට සීමා පනවන්න සිදුවනවා.

ගීතාගේ කෝල් එකෙන් සිල්මාතාව උපවාසය අතහරී...

සාකච්ඡා කර දින තුනක් ඇතුළත පිළිතුරක්...

නැතිනම් මාරාන්තික උපවාසයක්...

ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේ දෙනමකට ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට විරෝධය පළකරමින් ඊට විරුද්ධව වහාම පියවරක් ගන්නා ලෙස රජයට බල කරමින් ඇල්පිටිය බස් නැවැතුම් පොළේදී පසුගියදා (19දා) උදෑසන සිට උපවාසයක් කළ ඇත්කඳුර පාඹරවත්ත සුජාත ආරාමයේ සුගුණමිත්ත දසසිල් මාතාව පසුගියදා (19දා) සවස 6.00ට පමණ උපවාසය අවසන් කළා.

ජනාධිපති සමඟ සාකච්ඡා කර දින තුනක් ඇතුළත පිළිතුරක් ලබාදෙන බවට බෙන්තර - ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය දුරකතන මාර්ගයෙන් සිල් මාතාවට පොරොන්දුවක් ලබා දීමෙන් පසු සිල් මාතාව උපවාසය අත්හැරීය. එහෙත් දින තුනක් ඇතුළත නිසි පිළිතුරක් නොලද හොත් යළි මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව දස සිල් මාතාව ප්‍රකාශ කළා.

සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා කිව්වැයි සේමිනි කෝටි 50 ක්‌ ඉල්ලා දමිතාට නඩු දමයි...

හෝටල් ගැන හොයන්න ගියොත් ලංකාව වටේම ඇවිදින්න වෙයි...

සේමිණි දමිතාට "පව් ඒ බැල්ලි" කියලා...

දමිතා හින්දා නිවේදකයෙකුට රැකියාවත් අහිමි වෙයි...

චිත්‍රපට හා ටෙලි නාට්‍ය ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියට ජනප්‍රිය නිළි දමිතා අබේරත්න මහත්මිය විසින් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී අපහාසකළේ යැයි රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේදී ඊයේ (21) නඩුවක් පවරා තිබෙනවා.

2013 ජනවාරී 13 වැනිදා දමිතා අබේරත්න සහභාගී වූ එකී සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළැයි කියන ප්‍රකාශයක් නිසා තමාගේ චරිතයට වූ හානිය වෙනුවෙන් අදාළ වන්දිය ඉල්ලා තිබෙනවා.


තමාට අපහාස වන ප්‍රකාශයක්‌ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකට කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි දමිතා අබේරත්න මහත්මිය ඉකුත් ජනවාරි 13 දා ගුවන්විදුලි නාලිකාවක්‌ ඔස්‌සේ තමා සම්බන්ධ කර කළ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් ඉන් තමාගේ පෞද්ගලික ජීවිතයට හා කීර්ති නාමයට බලවත් හානියක්‌ සිදුවූ බවත් සේමිණි ඉද්දමල්ගොඩ කියා සිටිනවා.