Ads 468x60px

.

ජනප්‍රිය නළුවකුගෙ නමක් එකතු කරලා විනූට කට කතාවක් පැතිරිලා ගිය කතාව ඇත්තද..?

ඔහුටත් නංගිල නැති හින්දා මට නංගි කෙනෙකුට වගේ සැලකුවා...

ඒ සහෝදර බැඳීමෙන් එහා දෙයක් අපි අතර තිබුණෙ නැහැ...

විනූ උදානි සිරිවර්ධන යනු අද නවක නිළි පරපුරට එක්වූ ජනප්‍රිය යොවුන් නිළියකි. රූප රාජිණියක් ලෙස කිරුළ දැරූ විනූ වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා හරහා ක්‍ෂේත්‍රයට විත් ඒ ඔස්සේ නිළිකමට පිවිස සිටින්නීය. අපි ඇගේ නවතම තොරතුරු ටිකක් කතා බහ කරන්නට සිතුවෙමු.

විනූගේ කලා ජීවිතේ නවතම තොරතුරු කතා කළොත් .....
මම මේ දවස්වල ස්වර්ණවාහිණී නාලිකාව මගින් විකාශය කරන ‘තරුමලී’ ටෙලි නාට්‍යයේ රූගතකිරීම්වල යෙදෙනවා. ‘තරුමලී’ සතියේ දින පහේම රාත්‍රී 9.30ට විකාශය වනවා. දෙරණ නාලිකාවේ විකාශය වන ‘පිපෙන මල්’ දැන් අවසන් අදියරේ පවතින්නේ.

කොහොමද තරුමලීට ලැබෙන ප්‍රතිචාර?
බොහොම හොඳ තත්ත්වයක තියනවා.

අලුත් නිර්මාණ සඳහා ආරාධනා ලැබුණේ නැද්ද ?
ආරාධනා ලැබුණත් දැන් තාවකාලිකව කලා ජීවිතේට සීමා පනවන්න සිදුවනවා.


ඇයි ඒ ?
මම වාණිජ විෂය ධාරාව ඔස්සේ 2011 දී උසස් පෙළ විභාගය සමත් වෙලා විශ්ව විද්‍යාල අපේක්ෂිකාවක් විදියටයි ඉන්නේ. ඉදිරියේදී විශ්ව විද්‍යාලයට යාමට සිදුවන නිසා රංගනයෙන් ටිකක් දුරස් වෙන්න වෙයි.

ඒත් සම්පූර්ණයෙන් දුරස්වන්නේ නැහැනේ ?
නැහැ ..... නැහැ ........ දිගටම රඟපෑම කරනවා. නමුත් මුල්තැන දෙන්නේ අධ්‍යාපනයට.

විශ්වවිද්‍යාලයට ගියාම නවක වදයටත් මුහුණ දෙන්න වෙයි ....
ඔව්. මගේ සමහර යාළුවොත් කියනවා මම නිළියක් හින්දා වැඩිපුර රැග් එක කන්න වෙයි කියලා.

එහෙම කියන කොට බය හිතෙනවද?
මම හිතන්නේ මම ඒ අවස්ථාවට මුහුණ දෙන විදිහ අනුවයි ඒ අයත් එක්ක ගනුදෙනු කරන විදියයි අනුව තමයි රැග් එකේ බරපතළකම තීරණය වන්නේ.

විශ්වවිද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියෝ මේ ලිපිය කියවයි කියලා හිතාගෙන ඒ අයගෙන් ෂේප් වෙන්න ද ඔය විදියේ උත්තරයක් දුන්නේ ?
අනේ නැහැ. නවක සිසු සිසුවියන් විදියට යන හැමෝම රැග් එකට මුහුණ දෙනවනම් නවක සිසුවියක් නම් ඒ දිහා උපේක්ෂාවෙන් බලනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නෑ. ඒක මං තේරුම් අරගෙනයි ඉන්නේ.

ඔබ 2011 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන් කිරුළ හිමිකර ගත්තා. ඉන්පසු ඒ කිරුළ පිළිබඳ මත ගැටුම් ඇතිවුණා නේද ?
ඒ තරගයේ කිරුළ හිමි වුණේ මට. ඒත් පසුව වෙනත් කෙනෙකුට සම කිරුළ හිමිවන බව දැනුම් දීලා ඇයට පසුව කිරුළක් ලබා දුන්නා. ඒත් මගෙ කිරුළ අහිමි වුණේ නැහැ. පසුව 2012 දී මම ‘මිස් ටුවරිසම්’ තරගයට ගියා. එහි ‘මිස් ටැලන්ට්’ වර්ගීකරණයේදී මම අවසන් දහය අතරට ආවා. බෙස්ට් නැෂනල් කස්ටියුම් වර්ගීකරණයේදී අවසන් විසිපහ අතරටත් ආවා.

අධ්‍යාපනය නිමාකරලා මොන විදියේ රැකියාවකට යොමු වන්න ද හිතාගෙන ඉන්නේ?
බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාවකට තමයි මම පුංචි කා‍ලේ ඉඳලම කැමැති.

ඒ මොකද වැඩිපුර සල්ලි අත පත ගාන්න පුළුවන් හින්දද?
නැහැ, මම හිතනවා බැංකු සේවය ආත්ම ගෞරවය රැකගෙන යෙදෙන්න පුළුවන් වෘත්තියක් කියලා.

ඒ විදියේ කාර්යබහුල ක්‍ෂේත්‍රයක් තෝරා ගත්තම කලාව අමතක වෙලාම යයි  ?
කලාව හරිම සුන්දරයි. කලා ලෝකයත් සුන්දර තැනක්. සම්පූර්ණයෙන්ම එයින් දුරස්වෙලා ඉන්න බැහැ. ඉඳහිට හෝ තෝරා බේරාගෙන කලාවේ නිරත වීම දිගටම සිදුවේවි.

කලා ලෝකය සුන්දරයි කියල විනූ කිව්වට කලා ලෝකය කැපිලි කෙටිලි කුහකකම් පිරුණු තැනක් කියන අයත් ඉන්නවා ?
මම මේ ක්‍ෂේත්‍රයට තවමත් අලුත්. මම අයිති නව පරපුරට. ඒ හින්දා අත්දැකීම් අඩුයි. මේ කෙටි කාලය තුළ මට නම් සිත් රිදීම්, කුහකකම්, කැපිලි කෙටිලි එල්ල වෙලා නැහැ.

කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය චරිතවලට කටකතා හැදෙනවා නේද  ?
අ‍පොයි ඔව්.

ජනප්‍රිය නළුවකුගෙ නමක් එකතු කරලා විනූටත් ඒ විදියේ කටකතාවක් පැතිරිලා ගියා නේද ?
මම ක්‍ෂේත්‍රයට ආපු මුල්ම අවස්ථාවේ ඔය නළුවා තමයි මට ගොඩක්ම හිතවත් වුණේ. මට ඔහු මගේම අයියා කෙනෙක් වගේ වුණා. ඔහුටත් නංගිල නැති හින්දා මට නංගි කෙනෙකුට වගේ සැලකුවා. ඒ සහෝදර බැඳීමෙන් එහා දෙයක් අපි අතර තිබුණෙ නැහැ.

ඒත් ගින්දරයි පුළුනුයි කිට්ටු කරන්න බෑ කියලා කතාවක් තියනවා ; විනූ අහලා තියනවද ?
ප්‍රේම සම්බන්ධයකින් තොරව සහෝදර සහෝදරියෝ විදිහට ඇසුරු කරන තරුණ තරුණියෝ ගැන මම නම් ඕනෑ තරම් දන්නවා.

එහෙනම් ඒ සහෝදර බැඳීම ඔය විදියට පළුඳු වුණේ ඇයි  ?
ඒ බැඳීමට මුකුත් වෙලා නැහැ. ඒ සහෝදර බැඳීම දෙන්නගෙම හිත්වල තියෙනවා. ඒත් මිනිස්සු ඒ දිහා වැරදියට බලනවා නම් ගොඩක් ළඟින් ඇසුරු කිරීම කටකතා හදන අයට උපකාර කිරීමක්. ඒක තේරුම්ගත යුතුයි. හැබැයි ඉතින් අපි අතර සුහදත්වය නම් ඒ විදිහමයි.

නමුත් ජීවිතයකට සහෝදර බැඳීම් විතරක් මදියි නේද  ?
මං හිතන විදිහට දැනට ඇති.

විනූගෙන් සහෝදර ප්‍රේමයෙන් එහා ගිය ප්‍රේමයක් විනූගෙන් බලා‍පොරොත්තු වූ අය නැද්ද ?
මොකද නැත්තේ. ඉන්නවා.

ඒ විදියේ ප්‍රේමාරාධනා කළ අය අතර ජනප්‍රිය චරිතත් ඉන්නවා නේද ?
ඉන්නවා. ඒත් ඒ ගැන වැඩිදුර කතා කරන්න කැමැති නැහැ. මොකද මම තවම කාගෙවත් ආදරයක් පිළිගන්නා මට්ටමක නැති නිසා.

ඇයි ඒ  ?
පාසල් අවධියේදී හිතුවේ අධ්‍යාපනය විතරයි. ඒ හින්දා ඒ කා‍ලේ ආදර බැඳීම් තිබිල නැහැ. මම දැන් ඉන්නෙ කලා ක්‍ෂේත්‍රය තුළ. අනික මට කලා ක්‍ෂේත්‍රයේ කෙනෙක්ව අනාගත සහකරු විදියට තෝරා ගන්න අදහසක් නැහැ. ඒ හින්දා දැන් ලැබෙන ආරාධනා ප්‍රතික්‍ෂේප කරනවා.

කලා ලොවේ අයව අවතක්සේරු කරනවාද  ?
එහෙම අදහසක් නැහැ. මම හැමදාම හිතුවේ කලාව විනෝදාංශය හැටියට තියාගෙන එයට දෙවැනි තැන දීලා වෙනත් ක්‍ෂේත්‍රයකට යොමුවන්න. ඒ හින්දායි මේ ක්‍ෂේත්‍රය වෘත්තිය මට්ටමට තෝරාගත් අයකු අනාගත සහකරු විදියට තෝරා ගන්නෙ නැත්තේ.

එහෙම නම් අනාගත සහකරු බැංකු නිලධාරියෙක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් ?
දැන්ම ඒ ගැන මොනවත් කියන්න බැහැ.


 
Related Posts with Thumbnails