Ads 468x60px

.

පවිත‍්‍රා නිලධාරියෙකුගෙන් අහලා මෙගාවොට් ද ලොකු ගිගාවොට් ද ලොකු කියලා.

පවිත‍්‍රාට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ...

පවිත‍්‍රාට ඇමතිකම දුන්නේ බැසිල්ට ඕන විදිහට...

එයාට දැන් ලොකු එක හොයා ගන්නත් බැරි වෙලා...

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව මුලින්ම ගෙනාවේ හිටපු ඇමති චම්පික රණවක බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය පවිත‍්‍රා දේවි වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කිරීම තවත් අර්බුදයකට හේතුවක් වුණා.

පවිත‍්‍රාගේ කතාවෙන් වේදනාවට පත් චම්පික රණවක අමාත්‍යවරයා විදුලි ගාස්තු වැඩි කිරීම කුමන්ත‍්‍රණයක් බවත්,  ඒ පිටුපස සිටින්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් බවත් නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කළා.


මේ නිවේදනය නිකුත් කළ දිනම කැබිනට් මණ්ඩලය ද රැස් වුණා. එහිදී විදුලි ගාස්තු වැඩි කිරීමට ගනු ලැබූ තීරණය ගැන සාකච්ඡා කළ යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා යෝජනා කළා.

‘‘විදුලි ගාස්තු වැඩිකිරීම මේ වනවිට ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ගැන අපි කතා කරලා තීරණයක් ගමු.’’ වාසුගේ යෝජනාවට ජනාධිපතිවරයා ක්‍ෂණිකව ප‍්‍රතිචාර දැක්වූවා. ‘‘නෑ නෑ ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි. පවිත‍්‍රා ඔයාට හොඳ ඇමතිකමක් නෑ කියලා නාහින් අඬ අඬ හිටියා. දැන් ඔයාට හොඳ ඇමතිකමක් දීලා තියනවා.

දුමින්ද පසුගිය කාලයේ රෝහල් ගතව සිටි අයුරු හා ඒ ආශ්‍රිත ජායාරුප.

වසරක් සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් රෝහලේ ද, මාස එකහමාරක් නවලෝක රෝහලේද ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගෙදර ගියේ පසුගිය අප්‍රේල් 27 වැනිදාය.

ඔහු එසේ රෝහල්ගතව සිටියේ වසර 2011 ඔක්තෝබර 08 වැනිදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිරිසක් හා කොලොන්නාවේදී සිදුවූ ගැටුමකදී වෙඩි වැදීම නිසාය.

එම ගැටුමේදී ජනාධිපති උපදේශකයෙකුව සිටි භාරත ඇතුළු සිවුදෙනෙකු මිය ගියේය. එම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වීම නිසා දුමින්ද බොරු රග පෑමක් කරන බවට ද මතයක් පැවැතිනි.

කෙසේවවුද සිංගප්පූරුවේ ප්‍රරතිකාර ලැබූ දුමින්ද ලංකාවට පැමිණියේ පසුගිය මාර්තු 05 වැනිදාය. ඔහු එලෙස ලංකාවට පැමිණියේ රෝද පුටවක ආධාරයෙනි.

නව සංශෝධනය යටතේ විදුලි බිල වැඩි වෙන්නේ මෙහෙමයි.

වැඩි කළ විදුලි බිල සම්පූර්ණයෙන්ම
අහෝසි නොකළොත් 21 දා වර්ජනය ස්‌ථිරයි..

වැඩි කළ විදුලි ගාස්‌තුවලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කළ සහන යෝජනා අනුව ඒකක 66 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයිනට ඒකකයකට රුපියල් 4.70 කට පැවති මිල ගණන් යටතේ විදුලි බිල ගණනය කිරීමට විදුලිබල මණ්‌ඩලය තීරණය කර තිබෙනවා.

ඒ වැඩි කළ විදුලි ගාස්‌තුවලට අනුව ඒකකයක්‌ රුපියල් 6 ලෙස ඉහළ දමා තිබිණි. ඒකක 90 සීමාව අනූහය දක්‌වා වැඩිකර එම ඒකකයක්‌ රුපියල් 8.50 යටතේ විදුලි ගාස්‌තු ගණනය කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල මණ්‌ඩල ප්‍රකාශකයෙක්‌ පැවසුවා.

නව සංශෝධනය යටතේ විදුලි ඒකක 120 සීමාව ඒකක 126 දක්‌වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව විදුලි ඒකක 126 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල ගණනය කරනු ලබන්නේ