Ads 468x60px

.

නව සංශෝධනය යටතේ විදුලි බිල වැඩි වෙන්නේ මෙහෙමයි.

වැඩි කළ විදුලි බිල සම්පූර්ණයෙන්ම
අහෝසි නොකළොත් 21 දා වර්ජනය ස්‌ථිරයි..

වැඩි කළ විදුලි ගාස්‌තුවලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කළ සහන යෝජනා අනුව ඒකක 66 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයිනට ඒකකයකට රුපියල් 4.70 කට පැවති මිල ගණන් යටතේ විදුලි බිල ගණනය කිරීමට විදුලිබල මණ්‌ඩලය තීරණය කර තිබෙනවා.

ඒ වැඩි කළ විදුලි ගාස්‌තුවලට අනුව ඒකකයක්‌ රුපියල් 6 ලෙස ඉහළ දමා තිබිණි. ඒකක 90 සීමාව අනූහය දක්‌වා වැඩිකර එම ඒකකයක්‌ රුපියල් 8.50 යටතේ විදුලි ගාස්‌තු ගණනය කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල මණ්‌ඩල ප්‍රකාශකයෙක්‌ පැවසුවා.

නව සංශෝධනය යටතේ විදුලි ඒකක 120 සීමාව ඒකක 126 දක්‌වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව විදුලි ඒකක 126 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල ගණනය කරනු ලබන්නේ
ඒකක 120 දක්‌වා අය කරනු ලැබූ රුපියල් 15 බැගින් වූ මිල ගණන් යටතේය. එසේම ඒකක 61 සිට ඒකක 180 දක්‌වා විදුලිය ඒකක ප්‍රමාණයක්‌ පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් අය කරනු ලබන 40% ඉන්ධන ගැලපුම් ගාස්‌තු 25% කින් අඩු කිරීමට ද තීරණය කර තිබෙනවා.

මෙම නව සංශෝධන විදුලිබල මණ්‌ඩලය මගින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්‌ඩල ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සුළු.... අපැහැදිලි සංශෝධන එපා. විදුලි ගාස්‌තු වැඩිකිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම අහෝසි නොකොළොත් 21 වැනිදා දීපව්‍යාප්ත වැඩවර්ජනය ස්‌ථිර වශයෙන්ම සිදුකරනවා යෑයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.

අපේ ඉල්ලීම වුණේ විදුලි ගාස්‌තු වැඩි කිරීමේ තීරණය හකුලා ගන්නා ලෙසයි. මේ තීරණය පළමුව අහෝසි කරන්න. ඉන් පසුව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෘත්තීය සමිති සහ විදුලිබල ගාස්‌තු වැඩිවීම සෘජුවම බලපාන ක්‍ෂේත්‍ර සමග ආණ්‌ඩුව විවෘත සාකච්ඡාවක්‌ පවත්වන්න යෑයිද ලාල්කාන්ත මහතා කීවේය.

ඇමැතිවරන් හැටහත්දෙනාගේ නිල නිවාසවල විදුලි බිල ගෙවන්නේ ජනතාවගේ මුදලින්. ඔවුන් කොතරම් විදුලිය පාවිච්චි කළත් අය කරන්නේ මාසෙකට රුපියල් දෙදහසයි. මේවා නිල නිවාස වුණාට ඇමැතිවරුන් පෞද්ගලිකව කටයුතු කරන ස්‌ථාන. ඇයි රජයෙන් මේ මුදල් ගෙවන්නේ? මේ වගේ අනවශ්‍ය වැය පළමුව නැති කළ යුතුයි. නැතිව කණාමුට්‌ටි ගහනවා වගේ තීන්දු තීරණ එළියට දාලා ආයෙත් කණාමුට්‌ටි ගහනවා වගේ වේදිකාවල ඒ ගාස්‌තු අඩුකිරීම ප්‍රතිපත්ති ලෙස පිළිගත හැකිද?

ඒකක හැටේ ඉඳලා 180 දක්‌වා සහන දෙන බව ජනාධිපතිවරයා පැවසුවත් මොකක්‌ද දෙන සහනය? ඒවා අපැහැදිලියි. මේවා අපිට පිළිගන්න බෑ. මේ වන විට රාජ්‍ය, පෞද්ගලික සහ වතු අංශයේ වෘත්තීය සමිති හයසියයක්‌ ඒකාබද්ධවී සිටිනවා. අනිවාර්යයෙන්ම මේ 21 වැනිදාට වැඩවර්ජනය කිරීමේ බලවේගය අපි සූදානම් කරනවා යෑයිද ලාල්කාන්ත මහතා කීවේය.
 
Related Posts with Thumbnails