Ads 468x60px

.

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලීමක්

වැසි රහිත කාලගුණය දිගින් දිගටම පැවතු‍ණහොත් මහකොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කෙසේවෙතත් ජල සැපයුම සීමා කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අවදානමක් නොමැති බව එහි බස්නාහිර පළාත් නිෂ්පාදන අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රතිරාජ රාමවික්‍රම මහතා සඳහන් කළේය.

අලි-මිනිස් ගැටුම නවතන්න ඉන්දීය තාක්ෂණය

ඉන්දියාවේ අලි මිනිස් ගැටුම් වළක්වාලීම් අනුගමනය කරන නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමට යයි.වසර සියයකට වඩා පැරැණි ඉන්දියන් ඉන්ස්ටියුට් ඔෆ් සයන්ස් නැමති විද්‍යායතනය මිනිස් අලි ගැටුම නවත්වන්නට යොදා ගත් ක්‍රමය මේ සඳහා අනුගමනය කරනු ඇත. මේ අනුව චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගෙන අලින්ට කිසියම් ක්‍රමයක් (කොලර්) පලඳවනු ඇත.
 

කහවත්තේ භූතයෝ නෑ සියලු සිද්ධි මිනීමැරුම්- පොලිස්පති

කහවත්ත ප්‍රදේශයම පසුගිය කාලවකවානුව භීතියට පත් කරමින් සිදුවූ “කාන්තා ඝාතන” භූත බලවේගයකින් සිදුවූ ඒවා නොව මිනී මැරුම් බවට සනාථ වී ඇතැයි පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවසයි. මේ මිනීමැරුම් වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (8) පස්වරුවේ කොළඹ පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී කහවත්ත ප්‍රදේශයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පැහැදිලි කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

15000 ට විකුණුනු 'මිලා'හි පුජානි

‘මිලා’ ටෙලි නාට්‍යයේ පූජනී  චරිතයට පණ පෙවූ අනුෂ්කා සොනාලි සායක්කාර ගණිකා වෘත්තියේ නියැළී සිටියේ යැයි යන චෝදනාව මත මිරිහාන පොලිසිය විසින් ඊයේ(08) අත්අඩංගුවට ගෙන ඇත. 

අමුතු ගෝනෙක් සේරුනුවරින් හමුවෙයි

සේරුනුවර, අරියමංකේණි වන ලැහැබක වළක වැටී සිටි පැහැය වෙනස් ගෝන පැටවෙකු සොයාගැනීමට හැකිවූ බව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය වන ජීවි අඩවි සහකාර ජේ. ඒ. පී. විජේකුමාර මහතා පැවසීය.

මෙම ගෝන පැටවාගේ පැහැය වෙනස්වී ඇත්තේ වියළි කාලගුණය නිසා විය හැකි බවද ඒ මහතා කීය.

ගංගාරාමයේ "නවම් රාජා" අවසන් ගමන් යයි

කාලයක්‌ තිස්‌සේ රෝගාතුරව සිටි හුණුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරනු ලැබූ "නවම් රාජා" හස්‌තියා ඊයේ (8 වැනිදා) අලුයම අවසන් ගමන් ගියේය. වසරක පමණ කාලයක්‌ හන්දි ඉදිමීමේ රෝගයෙන් (ආතරයිටීස්‌) දැඩි ලෙස රෝගාතුරව සිටි නවම් රාජා මිය යන විට වයස අවුරුදු 55 ක්‌ විය. 1986 වසරේ සිට ගංගාරාම විහාරයේ වාසය කළේය.

දිවයිනේ සියලු පොලිස්‌ ස්‌ථාන සඳහා නව ජීප්රථ ලබාදෙයි

දිවයිනේ සියලු පොලිස්‌ ස්‌ථාන සඳහා නව ජීප්රථ ලබාදීමේ වැඩපිළිවෙළට අනුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක්‌ යටතේ ගෙන්වන ලද ජීප් රථ 137 ක්‌ තෝරාගත් පොලිස්‌ ස්‌ථාන සඳහා ලබාදීම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08 දා) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුවිය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ජීප්රථ පරික්‍ෂා කරන අයුරු.

පිච්චමල් පූජාව අද ශ්‍රී මහා බෝධිය අබියසදී

වාර්ෂිකව පවත්වන සමන්පිච්ච මල් පූජාව මෙවර 22 වැනි වතාවටත් ශාන්ති පදනමේ අනුග්‍රහයෙන් අද (09 වැනිදා) දින ප.ව. 3.00 ට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී සහ හෙට (10 වැනිදා) උදැසන කිරිපිඬු බුද්ධ පූජාව හා පලතුරු පූජාව රුවන්වැලි සෑය අබියසදී කොටපොල අමරකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මග පෙන්වීම යටතේ පැවැත්වේ.

ලියම් ෆොක්ස් දිවයිනට පැමිණෙයි

එංගලන්තයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා දිවයිනට පැමිණ තිබේ.

දෙවුන්දර තුඩුව -පේදුරු තුඩුව යා කරමින් නව බස් සේවාවක්

දෙවුන්දර තුඩුව සිට පේදුරු තුඩුව දක්වා හෙට(09) සිට නව බස් රථ සේවාවක් ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

කහවත්තේ ඝාතන හිටපු හමුදා සෙබළුන් දෙදෙනෙකුගේ වැඩක්

කහවත්ත ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවන් දූෂණය කර අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ තවත් සැකකරුවෙක්‌ රහස්‌ පොලිසිය මගින් පෙරේදා (07 ) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබීය.