Ads 468x60px

.

කහවත්තේ ඝාතන හිටපු හමුදා සෙබළුන් දෙදෙනෙකුගේ වැඩක්

කහවත්ත ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවන් දූෂණය කර අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ තවත් සැකකරුවෙක්‌ රහස්‌ පොලිසිය මගින් පෙරේදා (07 ) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය පවසන්නේ මෙම සැකකරු කහවත්තේ පදිංචිව සිටි 85 හැවිරිදි හීන් මැණිකා නමැති කාන්තාව ඝාතනය කිරීම සඳහා සම්බන්ධ බවයි. මොහු යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සේවය කරමින් සිට ඉන් ඉවත් වූ අයෙකි. සැකකරු එම ඝාතනය සිදු කළ බවට වැදගත් සාක්‍ෂි රාශියක්‌ ලැබී ඇතත්, ඔහු ඊයේ වනතුරුත් එම මිනීමැරුම සිදු කළ බවට පිළිගෙන නොමැති බවපොලිසිය පවසයි.

කහවත්තේ වයෝවෘද්ධ කතුන් දෙදෙනකු දූෂණය කර මරා දැමූ සිද්ධීන් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරු යුදහමුදා ආබාධිත සෙබළෙකි.

ක්‍රියාන්විතයේදී මෝටාර් ප්‍රහාරයකට ලක්‌ව තුවාල ලබා ඇති මෙම සැකකරු පසුව සුවවී හමුදා සේවයට ගොස්‌ ඇත.
වෙඩිතල්තිව් ප්‍රදේශයේ මොහු රාජකාරි කරමින් සිටියදී හමුදාවෙන් පලාගොස්‌ ඇති බවඅනාවරණය වී තිබේ.
එම සැකකරු පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ කියා ඇත්තේ වයෝවෘද්ධ කාන්තාවන් දකින විට තමන්ට නොයෙකුත් කාමුක සිතුවිලි ඇතිවන බවයි.

එවිට තමා එම කාන්තාවන් පැහැරගෙන ගොස්‌ දූෂණය කර මරා දමන බවපොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙම සැකකරු කිසියම් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයකු දැයි සෙවීමට ඔහු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියා සිටියි.

කහවත්ත ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවන් අබිරහස්‌ ලෙස ඝාතනය කිරීමේ සිද්ධීන් දිගින් දිගටම ඉහළ යැම නිසා ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක්‌ උද්ගත විය.

පසුව එම ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා එම ප්‍රදේශයට පිටත් කර යෑවීමට පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා කටයුතු කළේය.

රහස්‌ පොලිසියේ විශේෂ කණ්‌ඩායම් දෙකක්‌ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ අතර ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව යොදවන ලදී.

මේ වනවිට අත්අඩංගුවේ සිටින සැකකරුවන් දෙදෙනා රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.
 
Related Posts with Thumbnails