Ads 468x60px

.

අමුතු ගෝනෙක් සේරුනුවරින් හමුවෙයි

සේරුනුවර, අරියමංකේණි වන ලැහැබක වළක වැටී සිටි පැහැය වෙනස් ගෝන පැටවෙකු සොයාගැනීමට හැකිවූ බව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය වන ජීවි අඩවි සහකාර ජේ. ඒ. පී. විජේකුමාර මහතා පැවසීය.

මෙම ගෝන පැටවාගේ පැහැය වෙනස්වී ඇත්තේ වියළි කාලගුණය නිසා විය හැකි බවද ඒ මහතා කීය.

කිරිවලින් අත්හැරී නැති මේ ගෝන පැටවාට දින එකහමාරකට ග‍්‍රෑම් 400 ක කිරි පැකට්ටුවක අවශ්‍ය බවත් විජේකුමාර මහතා පැවසීය.
ගෝන පැටවා කාලයක් කිරි ලබාදී කැලයට හුරු කිරීමෙන් පසු මුදාහැරීමට නියමිත අතර එතෙක් මෙම ගෝන පැටවා රැකබලා ගැනීම සඳහා ගිරිතලේ පිහිටි වන ජීවි පශු වෛද්‍ය කාර්යාලයට යොමු කර තිබේ.
 
Related Posts with Thumbnails