Ads 468x60px

.

කහවත්තේ භූතයෝ නෑ සියලු සිද්ධි මිනීමැරුම්- පොලිස්පති

කහවත්ත ප්‍රදේශයම පසුගිය කාලවකවානුව භීතියට පත් කරමින් සිදුවූ “කාන්තා ඝාතන” භූත බලවේගයකින් සිදුවූ ඒවා නොව මිනී මැරුම් බවට සනාථ වී ඇතැයි පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවසයි. මේ මිනීමැරුම් වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (8) පස්වරුවේ කොළඹ පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී කහවත්ත ප්‍රදේශයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පැහැදිලි කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

මාධ්‍ය හමුවට එක්වූ පොලිස්පති ඉලංගකෝන් මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
මේ ඝාතන නිසා කහවත්ත ප්‍රදේශයේ දැඩි නොසන්සුන් වාතාවරණයක් ඇතිවුණා. සමහරු එය භූත බලවේගයකින් සිදුවූවක් බවත් කීවා. එයට එක් හේතුවක් වුණේ එක් කාන්තාවක් හෙළි කළ නොහැකි කරුණකට රෝහල් ගත වී ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට කළ ප්‍රකාශයක්. එම මාධ්‍යවේදියා කළේ භූත බලවේග නිසා කහවත්ත භීතියට පත් වී ඇති බවට වාර්තා කිරීමයි. එය රත්නපුරටත් ගියා. කුරුණෑගලටත් ගියා. මෙයින් සමහර පුද්ගලයන් සිය කෲර අවශ්‍යතාවන් ඉටුකර ගත්තා.  එක් පුද්ගලයකු දේපළ ආරවුලක් සම්බන්ධයෙන් සිය මවත් ඝාතනය කර තිබුණා. ඝාතනයට ලක්වූ කාන්තාවන් 7 දෙනාගෙන් 5 ක්ම මිනී මැරුම් බවට පැහැදිලි සාක්ෂි සොයාගෙන තියෙනවා.
 
ආරක්ෂක ලේකම්තුමාගේ ඍජු මැදිහත්වීම මත නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කහවත්ත ප්‍රදේශයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය සමථයට පත්කිරීමට යුද හමුදාවත්, පොලිස් විශේෂ කාර්ය බළකායත්, යුධ හමුදා බුද්ධි අංශයත් එක්ව දීර්ඝ මෙහෙයුමක් කළා. ඉන් සාර්ථක ප්‍රථිඵල ලැබුණා. මේ නිසා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. දැන් මුළු කහවත්ත ප්‍රදේශයම සාමකාමීයි. එහෙත් ආරක්ෂාවට යොදවා ඇති භට පිරිස් තවමත් එම ප්‍රදේශවල රැඳී සිටින බවද පොලිස්පති ඉලංගකෝන් මහතා ප්‍රකාශ කළේය.
 
නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
 
Related Posts with Thumbnails