Ads 468x60px

.

අලි-මිනිස් ගැටුම නවතන්න ඉන්දීය තාක්ෂණය

ඉන්දියාවේ අලි මිනිස් ගැටුම් වළක්වාලීම් අනුගමනය කරන නව තාක්ෂණය ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමට යයි.වසර සියයකට වඩා පැරැණි ඉන්දියන් ඉන්ස්ටියුට් ඔෆ් සයන්ස් නැමති විද්‍යායතනය මිනිස් අලි ගැටුම නවත්වන්නට යොදා ගත් ක්‍රමය මේ සඳහා අනුගමනය කරනු ඇත. මේ අනුව චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගෙන අලින්ට කිසියම් ක්‍රමයක් (කොලර්) පලඳවනු ඇත.
 

මෙයින් කැලෑ අලීන්ගේ හැසිරීම් රටාව පිළිබඳ වාර්තා ලබා ගැනීමට ද කටයුතු යොදා තිබේ. තමිල්නාඩු - කර්නාටක ප්‍රාන්තවල ද අලි මිනිස් ගැටුම් පවතින අතර අලි ගැවසෙන ප්‍රදේශවල මිනිසුන් පදිංචිවීම ද අලි - මිනිස් ගැටුම්වලට හේතු වී තිබේ. චන්ද්‍රිකා තාක්ෂණය මඟින් ලබා ගන්නා තොරතුරු උපයෝගී කරගෙන අලින්ට පලඳවන කොලරය උපයෝගී කරගෙන ලබා ගන්නා තොරතුරු අනුව එම අලින් ආපසු වනයට පලවා හරිනු ලැබේ.
 
Related Posts with Thumbnails