Ads 468x60px

.

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලීමක්

වැසි රහිත කාලගුණය දිගින් දිගටම පැවතු‍ණහොත් මහකොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කෙසේවෙතත් ජල සැපයුම සීමා කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අවදානමක් නොමැති බව එහි බස්නාහිර පළාත් නිෂ්පාදන අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රතිරාජ රාමවික්‍රම මහතා සඳහන් කළේය.

නමුත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ප්‍රතිරාජ මහතා පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල පරි‍භෝජනය ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන සාමාන්‍යාධිකාරී ප්‍රතිරාජ මහතා, දිනකට ජලය ගැලුම් මිලියන 120 ත් 130 ත් අතර ප්‍රමාණයක් අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් නිකුත් කරන බව සඳහන් කළේය.
 
Related Posts with Thumbnails