Ads 468x60px

.

පිරිසිදු ආදරයකට මගෙ ඕනෑම දෙයක් කැප කරනවා - මේනකා පීරිස් කියයි...

මාව දන්න අය දන්නවා මම මොනවගේ චරිතයක් ද කියලා...

ඇය නර්තනය වෙනුවෙන්ම උපන්නියකි. රංගනයට ද හපනියකි. නිවේදනය ද ඇයට ආගන්තුක නැත. මේ දිනවල මේ තාරකාව වඩාත් ජනප්‍රිය මල් දෙවැටේ චාපා ලෙසිනි. වැහිලිහිණි හි නවෝද්‍යා වෙමින් ද ඇය අප හමුවට එයි. එමෙන්ම සිදංගනාවෝ හැඩකරන්නට ද ඇය එක් වී තිබේ.

ඇය මේනකා පීරිස්.

කෙටි කලකින් අප කලා ක්‍ෂේත්‍රයට නැතිවම බැරි වූ සුරූපී ඇයගේ හදවතට එබී බලන මොහොතයි මේ.

මේනකා, චාපා හරිම අපූරුයි නේද?

නව පරපුරේ අනිත් රංගන ශිල්පිනියන්ට වඩා මට විවිධ චරිත රංගනයට අවස්ථාව ලැබුණා. චාපාත් එවන්ම වූ වෙනස්ම චරිතයක්. ඇය පැල්පත් වාසී කටකාර තරුණියක්. තමා ආදරය කරන තැනැත්තා ගැන ඕනෑවට වඩා හිතනවා. වෙලාවකට ඔහුට චාපාව කරදරයක්. ඒ වගේම ආදරය වෙනුවෙන් ගොඩක් කැප කිරීමිවල යෙදෙනවා. ඒත් ඒ කොල්ලට චාපා ගැන තියෙන්නේ යාළු කමක් විතරයි.

ඉරානයේ බුදු පිළිම ප්‍රදර්ශනය කිරීමේ තහනමක්‌ නෑ - එරට තානාපති කියයි...

මේ ඉරානයේ ප්‍රදර්ශනය කර තිබෙන බුදු පිළිමක්..

ඉරානයේ බුදු පිළිම ප්‍රදර්ශනය කිරීම සහ විකිණීම තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බව එරට නිලධාරීන් වාර්තා කර ඇතැයි ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ෆයිසාල් රශීන් මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටිනවා.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.


පසුගිය දිනවල සමහර මාධ්‍යවලින් සමහර පුද්ගලයන් ඉරානයේ බුදුපිළිම ප්‍රදර්ශනය කිරිම සහ විකිණීම තහනම් කර ඇති බවට ප්‍රචාරය කළත් ඒ පිළිබඳව සොයාබැලීමේදී එය දැනට ගොඩනැගී එන රටවල් දෙක අතර සහ ජාත්‍යන්තර ආගමික සහයෝගීතාවලට බලපාන ලෙස කුමන්ත්‍රණ කරුවන් විසින් ප්‍රචාරය කරනු ලබන අසත්‍ය කරුණු බව සඳහන් කළ හැකිය.

මේ සම්බන්ධව ඉරාන බලධාරීන් විමසීමේදී ඉරාන රජය විසින් මෙවැනි කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බවට වාර්තා කර තිබෙනවා.

ගොසිප්9 වෙබ් අඩවිය තහනම් කරලාද..?

මෙරට මාධ්‍ය දඩයම කොතරම් වේගවත්ද...

මෑත කාලීනව ලංකාවේ සැඟවුණු පුවත් හෙලිකල ආකර්ශණීය පුවත් වෙබ් අඩවියක් වූ ගොසිප්9 වෙබ් අඩවියට ඊයේ (20) සවස් භාගයේ සිට ටෙලිකොම් සබඳතා වලින් හැර අන් කිසිඳු අන්තර්ජාල සබඳතාවකින් පිවිසිය නොහැකි බවට වාර්තා වී තිබෙනවා. මෙය සැබෑ ලෙසම අදාල වෙබ් අඩිවිය  තහනම් කිරීමක්ද නැතහොත් එහි තාක්ෂණික දෝෂයක්ද යන්න නිසියාකාරව දැනගන්නට ලැබී නැත.

කෙසේ වෙතත් මෙය පිලිබඳව සැකමුසු ආකාරයෙන් බැලීමට ආසන්නම සිදුවීම වන්නේ ප්‍රභාකරන්නේ බාල පුත්‍රයාගේ යයි කියන ඡායාරූ
කීපයක් ඊයේ දිනයේ අදාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ඉදිරිපත් කිරීම හා ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති මගින් අදාල ගොසිප්9 වෙබ් අඩවියට ඊයේ කොටි ලේබලය ඇලවීමද සිදුවූ බැවිනි. 

පුත්තලං දොස්තරවරු...

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහිවුනු දොස්තරලා බහුතරය උසස් පෙළ කොට ඇත්තේ පුත්තම් දිස්ත්‍රික්කයෙන් බව පෙනී යයි. 

දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට පුත්තම් දිස්ත්‍රික්කයේ සිසුන්ට හැකිවී තිබේ. 

පුත්තම් දිස්ත්‍රික්කයේ පහසුකම් අඩු නවගත්තේගම, නීල බැම්ම, කරුවල ගස්වැව වැනි ප්‍රදේශ වල පාසල් වල සිසුන් සඳහා මෙහි යම්කිසි සාධාරන බවක් තිබුනද කොළඹට නොදෙවෙනි පහසුකම් තිබෙන වෙන්නපුව,මාරවිල වැනි ප්‍රදේශ වල සිසුන්ට විශ්ව විද්‍යාල වලට සහ වෛද්‍ය පීඨ වලට යාම සඳහා අඩු දිස්ත්‍රික් ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම ප්‍රමාණවත් වේ. 

මේ නිසා සාමාන්‍ය පෙළ විභාගය කිට්ටුවෙත්ම කොළඹ පාසල් වලට ගිය සිසුන් බොහෝ දෙනෙකු වෙන්නපුව ,මාරවිල වැනි ප්‍රදේශ වල පාසල් වලට ඇතුලත් වෙති. නැතොත් නාමිකව ඇතුලත් වී කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු කරගෙන යති.