Ads 468x60px

.

ඉරානයේ බුදු පිළිම ප්‍රදර්ශනය කිරීමේ තහනමක්‌ නෑ - එරට තානාපති කියයි...

මේ ඉරානයේ ප්‍රදර්ශනය කර තිබෙන බුදු පිළිමක්..

ඉරානයේ බුදු පිළිම ප්‍රදර්ශනය කිරීම සහ විකිණීම තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බව එරට නිලධාරීන් වාර්තා කර ඇතැයි ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ෆයිසාල් රශීන් මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටිනවා.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.


පසුගිය දිනවල සමහර මාධ්‍යවලින් සමහර පුද්ගලයන් ඉරානයේ බුදුපිළිම ප්‍රදර්ශනය කිරිම සහ විකිණීම තහනම් කර ඇති බවට ප්‍රචාරය කළත් ඒ පිළිබඳව සොයාබැලීමේදී එය දැනට ගොඩනැගී එන රටවල් දෙක අතර සහ ජාත්‍යන්තර ආගමික සහයෝගීතාවලට බලපාන ලෙස කුමන්ත්‍රණ කරුවන් විසින් ප්‍රචාරය කරනු ලබන අසත්‍ය කරුණු බව සඳහන් කළ හැකිය.

මේ සම්බන්ධව ඉරාන බලධාරීන් විමසීමේදී ඉරාන රජය විසින් මෙවැනි කිසිදු තීරණයක්‌ ගෙන නොමැති බවට වාර්තා කර තිබෙනවා.


මහින්ද චින්තනය ලොවෙහි ප්‍රචලිත වන මොහොතක සහ විශේෂයෙන් ශ්‍රී ලංකා - ඉරාන නව සබඳතා ගොඩනැගෙමින් පවතින මොහොතක මෙවැනි ප්‍රචාරයන්ගෙන් අප නොමග නොයා යුතු බවත් දෙරටේ සබඳතාවන් තවදුරටත් දැඩි කිරීමට මෙම මඩ ප්‍රචාර පන්නරයක්‌ කර ගත යුතු බවටත් ෆයිසාල් රශීන් මහතා ප්‍රකාශ කරන ලදී.

මේ පිළිබඳව තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ සේවකයන් අමතමින් ෆයිසාල් රශීන් මහතා ප්‍රකාශ කළේ ඊයේ දින උදැසන ඔහුගේ කැමරාවෙන් ගත් ඉරානයේ ප්‍රසිද්ධ ස්‌ථානයක ප්‍රදර්ශනය කර තිබෙන බුදු පිළිම වහන්සේ නමක ඡායාරූපයක්‌ ඔහු සතුව පවතින බවය.


පසුගිය දිනවල අන්තර්ජාලයේ ඉරානය තුල බුද්ධ ප්‍රතිමා ප්‍රදර්ශනය කිරීම තහනම් කල බව සැරි සැරූ පුවත් පහතින්.

ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා භාවිතය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා ගෙන්වීම මේවනවිට සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.එයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවය. මෙයට පෙර ඉරානය තුල සිම්සන් කාටුන් චරිතවල හා බාබි බෝනික්කන් අලෙවිය තහනම් විය.

ඉරානය තුල මෙතෙක් කල් තහනමට ලක්වුයේ බටහිර අයිතම පමණක් වූ අතර බුදුරුව තහනම් කිරීම මගින් ඔවුන් ප්‍රථමවතාවට බටහිර විරෝධය ඉක්මවා පෙරදිග භාණ්ඩ සඳහාද සම්බාධක පැනවීම ගැටලුවට කරුණකි.

මෙම තහනම් කිරීම පිලිබඳ එරට බලධාරීන් පවසන්නේ අන්‍යාගමික යන්ට සිය ආගම ඇදහීමට ඉරානය තුල ඉඩ ඇති බවත් දැනට ඉරානයේ බොහෝ විට බුදු පිලිම භාවිතා වන්නේ නිවාස අලංකාරණයට හා මෝටර් රථවල තැබීමට නිසාවෙන් මෙම තහනමෙන් අන්‍යාගමික යන්ට ගැටළුවක් නොවන බවය.

තවද ඔවුන් මේ ඔස්සේ දක්වන අනෙක් මතය වන්නේ බුද්ධ ප්‍රතිමා ඔස්සේ ඉරානයේ සංස්කෘතිය ආක්‍රමණයට ලක්විය හැකි බවය.ඒ අනුව සියලුම බුද්ධ ප්‍රතිමා රාජසන්තක කොට ඇති අතර දිගටම මෙම තහනම හා බුදු පිළිම ඉවත්කිරීම සිදුකරගෙන යෑම සිදුවනු ඇත.

ඉරානයේ ව්‍යවස්ථාවට අනුව ඉස්ලාම් ආගම ප්‍රධාන වන අතර අනෙකුත් සියලුම ආගම් ඉස්ලාම් නොවන කාණ්ඩයට අයත් වේ.ඉරාන ව්‍යවස්ථාවෙන් ඒ හා සමානව ක්‍රිස්තියානි, යුදෙවු විශ්වාසයන් සොරෝස්ට්‍රෙනිස්ම් ද පිළිගනු ලැබේ.නමුත් ඉරාන නීතියට අනුව මුස්ලිම් නොවන පිරිස් වල අයිතීන් පිළිගත යුතුව තිබේ.


මෙයට පෙර තහනම් වූ කාටූන් චරිත

ඉරානය යනු කලකට ඉහතදී බුදහු දහමේ ඉතිහාසයට සම්බන්ධ වූ බෞද්ධ රාජ්‍යයක් වේ.පකිස්ථානය, බංගල්දේශය, ඇෆ්ගනිස්ථානය,පිලිපීනය, මැලේසියාව හා ඉරානය ඇතුළු ගල්ෆ් රටවල් කලකට පෙර ප්‍රධාන බෞද්ධ රටවල් ලෙස පැවතුන අතර, තුන්වන ධර්ම සංඝායනාවට වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කලේද ඉරානයෙන්ය. 

ඉරානයේ බුදුපිළිම තහනමට එරෙහිව උද්ඝෝෂණ හා පා ගමනක්‌

ඉරාන රජය විසින් ඉරානය තුළ බුදුපිළිම තහනම් කිරීමට සහ බුදුපිළිම රාජසන්තක කිරීමට එරෙහිව ඊයේ (20 දා) "සිංහල රාවය" සංවිධානය මගින් සංවිධානය කරන ලද පාගමනක්‌ හා සාමකාමී උද්ඝෝෂණයක්‌ ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුනා

ඡායාරූපයේ දැක්‌වෙන්නේ ඉරාන ජනාධිපතිවරයාට යෑවීමට සංදේශයක්‌ ශ්‍රී ලංකා ඉරාන තානාපතිවරයාට භාරදීම සඳහා "සිංහල රාවය" සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා වැඩම කිරීමට පෙර තානාපති කාර්යාලය අසල දැඩි පොලිස්‌ රැකවල් යොදා සිටි අයුරුයි. 
 
Related Posts with Thumbnails