Ads 468x60px

.

සුපර්ස්ටාර් ගිවිසුමක් නිසා ශිහාන්ට පෙම්වතිය සැගවීමට සිදුවුනාද..?

සිරස සුපර්ස්ටාර් තරගයට ඉදිරිපත්වී සිටි අවදියේදී තමාට උදව් කළ අයෙකුට ඔහුගේ වෙළඳ දැන්වීමක් සඳහා පෙනී සිට ප‍්‍රති උපකාර කිරීමට නොහැකි වූයේ සිරස හා සුපර්ස්ටාර්ලා අතර වූ ගිවිසුමක් නිසා බව අමිලා නදීශානි කියයි. අදාළ තැනැත්තා කාඩ්, බැනර් හා ටී ෂර්ට් සකසාදී තමාට සිරස සුපර්ස්ටාර් තරගයේ ඉදිරියට යාමට උදව්කළ බවද ඇය පවසන්නීය. එම ගිවිසුම් කාලයේදී සිදුකරනු ලබන සියලු දේ සිදු කළ යුතු වන්නේ සිරස හරහා බවත් ඇය පවසන්නීය.


පසුව
තමා කොළඹ පදිංචියට එන විට තමාගේ සංගීත කණ්ඩායමේ ශබ්ද උපකරණ තබා තිබුණේ අදාළ තැනැත්තගේ නිවසේ බවත් පසුව ඒවා ලබා ගැනීමට නීතියේ සරණ පතන්නටත් කළ උපකාරවල මිල ගෙවන්නටත් තමාට සිදුවූ බවද ඇය සඳහන් කර තිබෙ.

නදීශානි
මේ කාරණාව මාධ්‍යට අනාවරණය කර තිබේ. මේ අතර සුපර් ස්ටාර් වැඩසටහන හරහා ජනපි‍්‍රයත්වයට පත් යොවුන් ගායක ශිහාන් මිහිරංගට සිය පෙම්වතිය පිළිබඳව විවාහ වනතුරු සැගවීමට සිදුවූයේද සිරස ගිවිසුමේ කොටසක් අනුව බවද පැවසේ.



එසේම පළමු සිරස සුපර් ස්ටාර් තරගයේ ජයග‍්‍රාහකයා වූ අජිත් බණ්ඩාර අදාළ ගිවිසුමේ කොන්දේසි කැඩීම හේතුවෙන් ඔහුට සිරස තහනම් අඩවියක් වූ බවද මේවන විට ප‍්‍රසිද්ධ රහසකි.

 
Related Posts with Thumbnails