Ads 468x60px

.

අලුත් අවුරුද්දට පෙර ෆොන්සේකා නිදහස් කරනවලු

එළැඹෙන සිංහල සහ හින්දු අලූත් අවුරුද්දට ප‍‍්‍රථම හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරනු ඇතැයි ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍‍්‍රි අර්ජුන රණතුංග මහතා පවසයි.

 

‘නෙත්‘ ප‍‍්‍රවෘත්ති අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.ඒ පිළිබඳ රජය හා තම පක්ෂය අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද  අර්ජුන රණතුංග මහතා එහිදී පැවසීය.

හිටපු හමුදාපතිවරයා නිදහස් කර ගැනීම සඳහා මේ වන විට සිදුකෙරෙන උද්ඝෝෂණ සහ විරෝධතාඑම සාකච්ඡාවලට බාධාවක් නොවන්නේ දැයි ‘නෙත්‘ ප‍‍්‍රවෘත්ති අංශය කල විමසීමේදී, රණතුංග මහතා පැවසුවේ එය කිසිදු බාධාවක් නොවන බවයි.
 

උද්ඝෝෂණ පැවැත්වීම සාකච්ඡාවලදී දෙපාර්ශවය එකගවූ කොන්දේසියක් බව ද ඔහු කීය.
 
Related Posts with Thumbnails