Ads 468x60px

.

මංගලගේ කපුකමින් එජාප නායකයා වන්නේ චන්ද්‍රිකා නෝනයි

කවුරු මොන සෙල්ලම් දැම්මත් එක්සත් ජාතික පක්‍ෂයේ අනාගත නායකත්වයට පත් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බව මහාමර්ග නියෝජ්‍ය අමාත්‍ය නර්මල කොතලාවල මහතා පවසයි.ඒ මහතා මේ අදහස් පල කලේ බුලත්සිංහල ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.


‘අද එජාප නායකත්වය රැකගන්න රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කරන්න පුළුවන් හැම දේම කරනවා. කරූ ජයසූරිය මහත්තයා සජිත්ගේ කර පිටින් නායකත්වය නායකත්වය ගන්න හදනවා. සජිත් මහත්තයා කරූගේ ඔළුවට උඩින් පැනලා නායකත්වය ගන්න දත කනවා. මොන කවුරු කොහොම දැඟලූවත් මංගල සමරවීර මහත්තයාගේ කපුකමින් එක්සත් ජාතික පක්‍ෂයේ අනාගත නායකයා වන්නේ චන්ද්‍රිකා නෝනයි.

ඊලඟ ජනාධිපතිවරණේ අපේක්‍ෂකත්වය ගන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. කොහේවත් හිටපු සරත් ෆොන්සේකා මහත්තයාට එක්සත් ජාතික පක්‍ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි ගොනාට අන්දවලා ජනාධිපති අපෙක්‍ෂකකම අරන්දීපු මංගල සමරවීර මහත්තයාට ජනාධිපති අපේක්‍ෂකකම අරන් දෙන එක මහ දෙයක් නෙමේ. 

චන්ද්‍රිකා නෝනව ජනාධිපති කරලා මංගල මහත්තයාගේ අගමැති හීනය සැබෑ කරගන්න දන්න ඔක්කොම සූත්තර දානවා.’
 
Related Posts with Thumbnails