Ads 468x60px

.

තවමත් අභිරහසක්ව පවතින වොස්ටොක් විල

වසර මිලියන 20ක පමණ පැරණි ඇන්ටාක්ටිකාවේ පිහිටි  ග්ලැසියරයකින් යුතු (අයිස් තට්ටුවක් වැනි ඝනකම් පරයක්) විලක් පිලිබදව කරන ලද පුවතක් රුසියන් විද්‍යාඥයන්ගේ සංගමය විසින් මාධ්‍ය වෙත වාර්තා කර ඇත.එහිදී ඔවුන් සිදුකල පර්යේෂනයන්ට අනුව හෙලිදරව් කරගත් තොරතුරු හේතුවෙන් පරිසර විද්‍යාඥයන් අතර මහත් ආන්දොලනයක් හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ග්ලැසියරයේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඩි අංශක -80 වන අතර ඝනකම මීටර 3700කි.මෙය සිදුරු කිරිමට මෙම විද්‍යාඥයින් පිරිසට වසර 30ක් පමන ගතවී ඇති අතර මෙම අයිස්  තට්ටුව විලේ සැබෑ  ප‍්‍රමාණයෙන් හරි අඩකටත් වඩා වැඩි වන බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මෙම තද අයිස් තට්ටුවට යටින් ඇති විලෙහි පෘතුවියට අසමසම පරිසර පද්ධතියක් වසර මිලියන ගණනකට පෙර සිටම පැවත ඇති අතර මේ වන විට  පෘතුවියේ දැනට පවතින ඔක්සිජන් ප‍්‍රමාණයට වඩා 20 ගුණයක් පමණ වැඩි වන බවත් ප‍්‍රකාශ කර ඇත.එසේම විලෙහි ජනිත වන ජීවින් පවා පෘතුවියේ ජීවත් වීමට සුදුසු පරිදි සැකසී ඇති බවත් ඔවුන්ගේ වාර්තාවලින් පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම විලෙහි එක් කොටසක් විල පිහිටි යුරෝපා ග‍්‍රහයාගේ පරිසර තත්වයට අසමානකම් දක්වන අතර එය අනෙක් කොටස බ‍්‍රහස්පති ග‍්‍රහයාගේ පරිසර තත්වයට සමානකම් දක්වන බවත් ඔවුන් සදහන් කරයි.

රුසියානු භුගෝල විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය විලැඩිමයර් පවසන අන්දමට වොස්ටොක් ඇලෙහි ක්ෂුද්‍ර ජීවීන් සමීක්ෂනයකදී හෙලිදරව්කරගෙන ඇති කරුණ වූයේ යුරෝපයට නවතම ජීවීන් විශේෂ මේ හරහා ජනිත විය හැකි බවයි.මේ පිලිබද අදහස් දක්වන ඇතැම් විද්‍යාඥයන් මෙම මතය එකගනොවන අතර එයට හේතු ලෙස පෙන්වා දී ඇත්තේ ජලය පමණක් ජීවීන් ජනිත වීමේ එකම සාධකය නොවන බවයි.

තවදුරටත් මේ පිලිබද ප‍්‍රතිවිරුද්ධ මත ඉදිරිපත්කරන විද්‍යාඥයන් හා පරිසරවේදීන් පෙන්වා  දෙන්නේ දැනටමත් මිදුනු බිමක් වන ඇන්ටාක්ටික්වේ හිමෙන් මිදුනු විලක් තිබීම විශේෂත්වයක් නොවන බවත් ඇන්ටාක්ටිකාව ගෝලීය උණුසුම් තත්වයකදී එම විල පමණක් මිදුනු තත්වයෙන්ම පවතී නම් ඒ  තුල විශේෂ ජීවයක් පිලිබද බලාපොරොත්තු තැබිය හැකි බවත් ය.

මෙම සියළු මත පසෙකට දමමින් මේ පිලිබදව අළුතින්ම සොයාගෙන කරුණ වනුයේ වසර ගණනාවකට පෙර නාසි හමුදාවේ රහස් පර්යන්තයක් මෙම විලෙහිම එක් කොනක තිබී ඇති බවයි. 1943 දී හිටිලර්ගේ සබිමැරීන නාවික බලඇනිය විසින් කිසිඅයෙකුට සොයාගත නොහැකි පරිද්දෙන් රහස් පර්යන්තයක් නිර්මාණය කරඇති බවත් එය ලොව එක් කොනක තනා ඇති බවත් හමුදා වාර්තා වල සදහන් කර ඇත.

පසුකාලීනව හිටිලර් පිලිබද ක්‍රෝධයෙන් සිටි පිරිස් විසින් හිටිලර් හා ඔහුගේ බිරිදගේ නශ්ඨාවශේෂ මෙම රහස් පර්යන්තයට හෙථ බවත් එහි සදහන් වේ.මෙම පර්යන්තය අනාවරණය කර ගැනීමද මේ හරහා සිදුවෙමින් යා හැකි බව ඇතැම් දෙනාගේ මතය වීඇත.නමුත් ඒ සදහා කුතුහලය සංසිදවා ගැනීමට ඔවුනට තවත් කල් ඉවසීමට සිදුවන බවට විද්‍යාඥ පිරිස පෙන්වා දෙයි.

අත්ලාන්තික් ග‍්‍රීස්ම සෘතුව හමාර වෙමින් පවතින බැවින් රුසියානු විද්‍යාඥයින් විසින් යොජනා කරගෙන ඇති පරිදි මේ වසර අවසන් වීමට පෙර විශේෂයෙන් ඒ සදහාම නිමවූ බෝට්ටු වර්ගයක් යොදමින් මෙම විලෙහි ප‍්‍රථම පරීක්ෂණය සදහා ජලය ගෙන ඒමට කටයුතු යොදා ඇත.

 
Related Posts with Thumbnails