Ads 468x60px

.

මුළු මාලදිවයිනම ගිනි ගනී - සභාපති රිකෝට අසාධ්‍යයි

* ජීවිතේටවත් දැක නැති හමුදා නිලධාරීන් පිරිසක්‌ තුවක්‌කු පෙන්වා ඉල්ලා අස්‌වන්නැයි මට තර්ජනය කළා - මාලදිවයින හිටපු ජනාධිපති මොහමඩ් නෂිඩ්.

* හිටපු ජනාධිපති නෂිඩිට පොලිසිය පහරදෙයි.


* නෂිද්ගේ ආධාරකරුවෝ පොලිස්‌ ඇකඩමියට ගිනි තබති.


* දූපත් කීපයක පොලිස්‌ ස්‌ථාන නෂිඩ්ගේ ආධාරකරුවන් විසින් අල්ලා ගනී.


* මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ සභාපති රිකෝ මූසාට පොලිසිය පහරදී අසාධ්‍ය තත්ත්වයේ.


* ජනාධිපති ධුරය පැහැර ගන්න නව ජනාධිපති වහිද් අවස්‌ථාව එනතුරු සිටියා. 


* සේවයෙන් ඉවත් කළ පොලිස්‌ ලොක්‌කා නව පොලිස්‌ කොමසාරිස්‌ ලෙස පත්කරලා.



"මම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්‌වූයේ අසහනකාරී වාතාවරණයක්‌ මතයි. නව ජනාධිපති වහිද් වහාම ඉල්ලා අස්‌විය යුතුයි"- හිටපු මාලදිවයින ජනාධිපති මොහමද් නෂිඩ්

මාලදිවයිනේ ජනාධිපතිව සිsටි මොහමඩ් නෂිඩ්ව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ක්‍රියා කළේ මාලදිවයින පොලිසියේ මැරයන් පිරිසකි. දැන් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම පැහැදිලි වී ඇත. හිටපු ජනාධිපති නෂිඩිඩ් පෙරේදා සවස සිය ආධාරකරුවන්ව අමතන අවස්‌ථාවේ පොලිසිය කඩාවැදී ඔහුට නොසෑහෙන ලෙස පහර දුන්නේය. පොලිස්‌ ප්‍රහාරවලට ලක්‌වූ නෂිඩ් හිසේ තුවාල සහිතව රෝහල් ගත කෙරුණි.


නෂිද් සමග නව මාලදිවයින ජනාධිපතිට එරෙහිව විරෝධතා දැක්‌වූ මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ හිටපු සභාපතිනි මාරියා ඩිඩීටද පොලිසිය පහරදී ඇත. හසන් වහිඩ් ජනාධිපති වීමට උත්සාහ කළා. ඔහු අවස්‌ථාව පැමිණි විගස බලය අල්ලා ගත්තා යෑයි නෂිද් කියා සිටියේය.

තමාට ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සිදු වූයේ පොලිසියේ සහ හමුදාවේ පිරිසක්‌ එකතු වී ජනපති ධුරයෙන් ඉල්ලා අස්‌වූයේ නැත්නම් අපි බලය යොදවන බවට තර්ජනය කිරීම නිසා යෑයි හෙතෙම තවදුරටත් පළ කළේය.

එකවරම ජීවිතේටවත් දැක නැති හමුදා නිලධාරීන් පිරිසක්‌ ජනාධිපති කාර්යාලයේ දොරවල් විවෘත කරගෙන ආවා. ඔවුන් පැමිණියේ අංක තහඩු නැති වාහනවලින් යෑයි නෂිඩ්ගේ සන්නිවේදන උපදේශක පෝල් රොබට්‌ස්‌ විසින් හෙළිකර ඇත.

මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂිඩ් විසින් තමාව බලයෙන් ඉවත් කළේ කිසි දිනක නොදුටු හමුදා නිලධාරීන් පිරිසක්‌ යෑයි හෙළිකිරීමත් සමගම මාලදිවයින පුරා විරෝධතා මතුවිය.අඩ්ඩු දූපතේ නගරාධිපති අබ්දුල්ලා යොදින් ඇතුළු සිවිල් වැසියන්ද විරෝධතා දැක්‌වීමෙන් පොලිසිය දැඩි ලෙස ඔවුන්ට පහර දුන්හ. මේ නිසා කෝපයට පත් විරෝධතාකරුවෝ හිතද්හු පොලිස්‌ ඇකඩමියටද ගිනි තැබූහ. මෙම ඇකඩමියේ තිබූ පොලිස්‌ වාහන 18 ක්‌ද ගිනි බත් විය.

මේ අතර මාලේ නුවර ජනරජ චතුරශ්‍රයට පැමිණි නෂිද්ගේ ආධාරකරුවෝ නව ජනාධිපති ඉල්ලා අස්‌විය යුතු යෑයි කියමින් ඝෝෂා කරනු ලැබීය. ඒ අතරේ නෂිඩ් විදෙස්‌ මාධ්‍ය අමතමින් තුවක්‌කු එල්ල කර මට අස්‌වන්න යෑයි තර්ජනය කළා. 


මගේ වටේ සිටි සෑමදෙනා අතම තුවක්‌කු තිබුණා. මම ඉල්ලා අස්‌වුණේ නැත්නම් කරන දේ දන්නවා යෑයි කිව්වා යෑයි පැවසුවා. මේ අතර මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ සභාපති මුසා රිකෝ පොලිස්‌ ප්‍රහාරවටල ලක්‌වී අසාධ්‍ය තත්ත්වයකින් යුක්‌තව රෝහල්ගත කර ඇත.


එසේම නෂිඩ්ගේ පක්‌ෂයට සම්බන්ධ අල්හා- පහිට්‌ සහ ඉස්‌තියාස්‌ පහිට්‌ යන මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන්ව සිරගත කර තිබේ. මේ පසුබිම මැද දූපත් කීපයක සිටින නෂිඩ්ගේ ආධාරකරුවන් පොලිස්‌ ස්‌ථාන රැසකට පහරදී ඇත. ෂිවයානි කොදෙව් දූපතේ මිලන්ඩ්හු පොලිස්‌ ස්‌ථානයද, නෂිඩ්ට පක්‌ෂපාති පිරිස්‌ විසින් අල්ලාගෙන තිබේ.

මෂානු ප්‍රදේශයේ විලි පොලිස්‌ ස්‌ථානයටද නෂිඩ්ගේ පිරිස්‌ විසින් පහරදී ඇතැයි වාර්තා වේ. මේ හැර ගමුදනල් දූපතේ පොලිස්‌ ස්‌ථානයද, අධිකරණ ශාලාවද, නගර කාර්යාලයද ගිනි තබා විනාශ කර ඇත.

කෝපයට පත් නෂිඩ්ගේ හිතවතුන් ගැන් සහ පෙන්ඩු දූපත්වල පොලිස්‌ ස්‌ථානවලටද ගිනි තබා ඇත. මෙම සිදුවීම් සමගම බ්‍රිතාන්‍යයේ මාලදිවයින තානාපති පර්ගානස්‌ පයිසල් සිය ධුරයෙන් ඉල්ලා අස්‌වී ඇත.

මේ අතර බ්‍රිගේඩ් යර් ජනරාල් ඉබ්‍රහිම් ඩිඩ් පැවසුවේ හිටපු ජනාධිපතිට ධුරයෙන් ඉල්ලා අස්‌වන ලෙස යුද හමුදාව බලකළේ නැති බවයි. එසේ වුවත් දූෂණ චෝදනා එල්ලවීම නිසා නෂිඩ් විසින් ධුරයෙන් පහකළ හිටපු පොලිස්‌ කොමසාරිස්‌ අබ්දුල්ලා රියාස්‌ නව පොලිස්‌ කොමසාරිස්‌ ලෙස පත්කර ඇත.

මේ නිසා ඉදිරි සතිය තුළ මාලදිවයිනේ යළි අර්බුදයක්‌ ඇතිවීමට ඉඩ ඇත. හිටපු ජනාධිපති නෂිඩ්ගේ ආධාරකරුවෝ දැනටමත් පාරට බැස ඇති අතර ඔවුන්ගේ කෝපය පොලිසිය සහ හමුදාව වෙත එල්ල වී ඇත.
ෙමි අතර හිටපු ජනාධිපති නෂිඩ්ව අත්අඩංගුවට ගැනිම සදහා වරෙන්තුවක්‌ නිකුත්වි ඇත.


මේ අතර මාල දිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ බිරිය හා දියණියක් ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇත. හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්, මාල දිවයිනට වඩා ඔවුනට ශ්‍රී ලංකාවේ ආරක්ෂා සහිත බව විශ්වාස කරයි.

තමන් අත්අඩංගුවට ගැනීම සඳහා උසාවි නියෝගය සමග පොලිසිය එනතුරු අනෙක් දියණිය සමග පෞද්ගලික නිවසේ රැඳී සිටින බවද ඔහු පවසා තිබේ. නෂීඩ් හට ලංකාවේ කොටස් වෙළද පොලේ ආයෝජනය කල මුදල් සම්බාරයක්ද කල්පිටියේ ඉදිවෙමින් පවතින කාමර 400 ක විශාල හෝටල් ව්‍යාපෘතියක්දසිදු කර ඇත.
කොළඔ හැව්ලොක් ටවර්   ව්‍යාපෘතියෙන්  නිවාස දෙකක්ද දියණියන් දෙදෙනාගේ නම්වලින් මිලදී ගත් නමුත් දැනට බිරිද සහ දියණියගේ වැඩි ආරක්ෂාව සදහා මහනුවර ජනාධිපතී මන්දිරයේ සියලු පහසුකම් සමග නවාතැන් ලබා දී ඇත. තවද නෂීඩ් අත්අඩංගුවට නොගන්නා ලෙසත් දුරකථන ඇමතුමකින් ඉල්ලීම් කොට ඇත.
  

මේ අතර නෂීඩ් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස එරට අපරාධ අධිකරණයක් විසින් නිකුත් කර තිබුණු වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි මාලදිවයිනෙන් ලැබෙන අලූත්ම වාර්තා පවසයි.






 
Related Posts with Thumbnails