Ads 468x60px

.

ප්ලාස්ටික් වලින් කාර් විශේෂයක්

මෝටර් රථ දැනට නිපදවන තහඩු වලට වඩා 40 ක් බරින් අඩු අදාළ තහඩු වලට වඩා ශක්තිමත් ප්ලාස්ටික් විශේෂයක් නිපදවීමට ජපානයේ Toyoda Gosei Co සමාගම සමත්ව තිබේ.ඒෂියා පල්ස් මාධ්‍ය වාර්තාවක දැක්වෙන්නේ මෙම ප්ලාස්ටික් යොදා ඉදිරියේදී මෝටර් රථ නිපදවනු ඇතැයි සමාගම බලාපොරොත්තු වන බවයි.

කෙසේවෙතත්, මෙම මෝටර් රථ නිපදවීමේ කටයුතු සඳහා තවත් වසර තුනක් පමණ ගතවනු ඇතැයි සඳහන්ය.මේ වනවිට, ටොයොටා ඉලෙක්ට්‍රික් රථයක් මෙම ප්ලාස්ටික් යොදා නිර්මාණය කර තිබෙන අතර මෙම නිෂ්පාදන වලට පිරිවැය විශාල ප්‍රශ්නයක් වී තිබෙන බවද වාර්තා වේ. 

යකඩ තහඩු වලින් නිපදවීමට වඩා මෙම ප්ලාස්ටින් වලින් මෝටර් රථ නිපදවීමේදී පිරිවැය සියයට 30-40 ත් අතර අගයකින් වැඩිවන බව සඳහන්ය.
 
Related Posts with Thumbnails