Ads 468x60px

.

යට ඇඳුම ගලවා ඔළුවේ ඔතා ගන්නනට කියමින් දැරිය දූෂණය කල කට්ටඩියා


කියපු දේ කරපිය. 
නැත්නම් බෙල්ල 
කපල මරණව..

යකැදුරන් විසින් සෙත් ශාන්ති කරන මුවාවෙන් දූෂණය කරන ලද දැරිවියන් මියගිය අවස්ථා ගැන විටින් විට අප ඔබ වෙත වාර්තා කළා. 

ඇඟේ සිටින යක්ෂයන් එලවා දමන්නට යැයි පවසමින් කාන්තාවන් සමග දේවාල තුළදී යහන්ගත වූ යකැදුරෝද කොතෙකුත් සිටින බැව් අප හෙළි කොට සිටියා. එවන් යකැදුරන් පොලීසියට කොටු වූ බොහොමයක් අවස්ථාද අප කරුණු ඉදිරිපත් කලා.

මඟුල් ගෙදරක යනවා යැයි සැමියාට ගජ බින්නක් ඇදබා සිය දියණිය සෙත් ශාන්තියකට රැගෙන ගිය ඇගේ මව පවා නොදැනුවත්ව යකැදුරා විසින් සිය දියණියව බිලිගත් තවත් පුවතක් ඌරගස්මංහන්දිය නම් ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ තරුණ කාන්තාවක වූ ඇය පදිංචිව සිටියේ ඌරගස්මංහන්දිය දික්හේන නම් ගම්මානයේ බවයි. ඒ එකොළොස් හැවිරිදි දියණියද සමගය. සැමියා විදෙස් ගතව සිටියේ මැදපෙරදිග රටක රැකියාව කරමිනි. 

ඒ කාලය තුළ ඇයත් ඇගේ මවත් යම් මානසික රෝගයකට ගොදුරුව සිටි බව පැවසිණි. ගුරුකම් කරන යකැදුරන් ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ට මළ පෙරේත දිෂ්ටියක් වැසී ඇති බවය. ඒ ඉඳහිට මේ දෙදෙනා යම් ආරූඪයකින් දොඩවන්නට වූ බැවිනි.

කෙල්ලෙකුට 'පට්ට කෑල්ල පට්ට බඩුව' කියලා කිව්ව කොල්ලො තුන් දෙනාට වෙච්චි දේ...

කාර්යාලයේ වේලාව නිම වූ සොනාලි ලැසි ගමනින් ඇදී ආවාය. සුළඟට මුසුවුණු අකීකරු කෙහෙරැල් හිතුවක්කාර කමට නළල මත වැටෙද්දී ඇය අතින් අල්ලා එම කෙහෙරැල් පසෙකට දැම්මාය. 

එහෙත් අකීකරු කෙහෙරැල් ඇගේ මුහුණට ගෙන ආවේ අපූරු සුන්දරත්වයකි. ඇඟටම හිර වුණු කෙටි ස්කර්ටය හා බ්ලව්සය ඇගේ නාරි රූපකායේ ලාලිත්‍යය තව තවත් ඔප්නැංවීය. 

අවු කණ්ණාඩිය දෑස් මතින් ඉවත් කළ සොනාලි ඈත පෙනෙන රථ ගාල වෙත නෙත් යොමු කළේ තමාගේ පෙම්වතා වූ නවීන් පැමිණ ඇත්දැයි බැලීමටය. අතෙහි පැලැඳි ඔරලෝසු මුහුණත දෙස බැලූ සොනාලි පය ඉක්මන් කළේ තවත් වැඩමුළුවක් සඳහා යෑමට වේලාව ළංවී ඇති බැවිනි. 

කොල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක කළමනාකාරවරියක් වශයෙන් සේවය කළ සොනාලි පාර පැනීමට කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දේවස්ථානය අසලට පැමිණියාය. 

රථ ගාලේ සිට තමා එන තෙක් බලා සිටි නවීන්ව දුර සිට හඳුනාගත් සොනාලි රෝස පැහැ දෙතොල් විදහා ඔහු වෙත සිනාවක් පෑවාය. පියවරක් ඉදිරියට තැබූ ඇය එන විටම තිගැස්සුණේ අසලින් ඇසුණ විසිල් හඬක් නිසාවෙනි.

පිටුපස හැරී බැලූ සොනාලිට දැනගත හැකි වූයේ පල්ලියේ තාප්පයට පිටදී සිට ගෙන සිටි තරුණයන් තිදෙනකි. ඔවුන් දෙස බලා ඉවත බලාගත් සොනාලි පාරේ වාහන මාරුවෙන තෙක් බලා සිටියාය. 


"ආ... නංගි Good Afternoon " එවර නම් ඒ හඬ ඇසුණේ ඇගේ දෙසවන් අසලින් බව සොනාලි වටහා ගත්තාය. ඔවුන්ගේ විහිළුව ඒ තරම් ගණන් නොගත් සොනාලි එය නෑසුණාසේ සිටියාය.

අමල් පෙරේරාගේ ශිරෝෂි අතුරුදහන් වූයේ ඇයි..?

ශිරෝෂි රොමේෂිකා සිරස ඩාන්ස්ටාර් තුළින් ඉස්මතුව පසුව සිරස මගින් නිෂ්පාදනය කළ 'ඩාන්ස්ටාර්' සිනමා නිර්මාණයේ ප‍්‍රධාන භූමිකාවට පණ පොවා සිනමාවෙන් සහ රංගන ක්‍ෂෙත‍්‍රයෙන් තාවකාලිකව සමුගෙන මේ වනවිට ටෙලි නාට්‍ය වලට සිය දායකත්වය සපයන යොවුන් රංගන ශිල්පිණියකි.

ශිරෝෂි ක්‍ෂෙත‍්‍රයට පිවිස ටික කලකින් අතුරු දහන්වූවා සේ විය. ඇය සති අන්ත පුවත් පතකට ප‍්‍රකාශ කර ඇත්තේ ඇයගේ ජීවිතයේ පෞද්ගලික හේතු මත මෙලෙස අඩු වශයෙන් නිර්මාණවළට දායක වූ බව මෙන්ම ඇයට හොඳ නිර්මාණවලට දායක වීමේ ඇති කැමැත්ත නිසා මේ වනවිට හොඳ නිර්මාණ තෝරාගෙන බේරාගෙන රගපාන බවයි.


ඇය සිනමාවට පිවිසි කළ වාණිජ සිනමාවේ පෙම්වතියට හොඳ පෙණුමක් ඇති නිළියක් ලෙස බොහෝ අයගේ අවධානයට පාත‍්‍රවිය. එහෙත් ශීරෝෂි සිය ගමන කෙටි කරගත්තේ සිනමාවෙන් ඈත්වෙමිනි.

ඇත්තෙන්ම මෙවැනි ආකර්ශණයක් ඇති තරුණියන්ට සරිලන සිනමා නිර්මාණ මෙරට නිෂ්පාදනය නොවීම නිසා මේ අයගේ දායකත්වය සිනමාවට නෙලැබී යයි. 


මෙවැනි තරුණියන්ට සිය දක්‍ෂතා පෙන්වීමට අවස්ථාවත් නොලැබී යයි. ශිරෝෂි ටෙලි නාට්‍ය වලට පිවිසෙන්නේ මෙවන් සිනමා අර්භූදයන් නිසාය. එහෙත් ඇය ටෙලි නාට්‍ය තුළද ආවාට ගියාට දැක ගත නොහැක.

පාසලෙන් ගොඩනගන වහල් මානසිකත්වය

මේ සටහන තිබුනේ ලංකාදීප පුවත්පතේ එක් විදුහල්පති වරයෙකු පිලිබඳවය. 

....එවකට රාහුල විදුහලේ උගත් සිසු දරුවෝ ඔහු විදුහලට පැමිණි බක්කි කරත්තයේ ගෙජ්ජි හඬ ද බක්කිය දක්කන කරත්ත කරුවා ගේ ‘චක් මක්‘ හඬ පමණක් නොව ගොනා ගේ කුර හඬ පවා මැනෙවින් හඳුනා ගත්හ.

ඒ කුමාරගේ විදුහල්පති තුමාට දැක්වූ භය සම්ප්‍රයුක්ත ගෞරවය නිසාය. විදුහලේ පැරනි තාප්පයට ඉදිරියෙන් පිහිටි දැන් ක්‍රීඩා පිටිය විජේතුංග, විජේසිංහ සහ වනිගසේකර යන මන්දිර ඉදිකර ඇති භූමිය එදා විශාල පොල් රුප්පාවකි. 

වේලාසනින් විදුහලට පැමිණ එහි ක්‍රීඩා කරන දුවන පනින දරුවෝ විදුහල්පති තුමන් ගේ බක්කිය එන හඬ ඇසෙත් ම ඒ සියල්ල නවතා පන්ති කාමර වලට දුවති. පන්තිවල විහළු තහළු කරමින් සිටි සිසු දරුවෝ නිහඬ වෙති. කාගේත් නෙත් විදුහල් ගේට්ටුව දෙසට යොමුවේ. 

ඒ කුමාරගේ විදුහල්පති තුමා පාසලට පිවිසෙන වේලාවයි. ගේට්ටුව ළඟ දී බක්කියෙන් බසින විදුහල්පතිතුමා රටාවකට කුඩය බිම ඔබමින් කාර්‍යාලය දෙසට පිය නගයි. මුළු විදුහල් පරිසරය නිහඬ ය. මීයට පිමබා වැනි ය.....

මම දැක්කා සර් මගේ ගෑනි සාලියත් එක්ක ගේ ඇතුළේ ඇඳ උඩ ඇගේ ඇඳුම් නැතිව ඉන්නවා


මමත් පිරිමියෙක් 
නේද සර්...

ඇවිලී ගිය නුරා ගින්න නිසා 
පවුල් දෙකක වුණු විනාශය...

තවත් දවසකට හිරු පායා ආවේ මේ හිරු වියන යට ජීවිතය ඛෙදාහදා ගන්නා බොහෝ මිනිසුන්ගේ සිත්සතන් අලූ‍ත් දවසකට ලක ලැහැස්ති කරන්නට ය.

අලූ‍ත් හිරු ජීවිතයේ අලූ‍ත් දවසකට බොහෝ දේ රැගෙන ආවේ ය. දවසේ ළදරු වියේම අවදි වී බිරියගෙන් ලද තේ කෝප්පය තොල ගෑ සාලිය තම චූටි දිය‚යගේ මුව මඩල සිපගෙනම තම ත්‍රිරෝද රථය වෙත දිව ගියේ ය. අලූ‍ත් දවසේ දහසක් බලාපොරොත්තු අතරේ කිමිදී සිටි සාලිය ගේ බලාපොරොත්තුව වූයේ දවසේ හොඳ හයර් එකකට සෙට් වීමට ය. 

තම සැමියා පාන්දරින්ම පිටව ගිය පසු ඇය සිඟිති දිය‚ය ද තුරුළු කොටගෙන ආයෙමත් ඩිංගක් වෙලා උණුසුමට තුරුළුව සිටින්නේ නිවෙසේ තනිවන්නට සිදුවන නිසා ය. සාලිය නැවත ගෙදර එන්නේ දහවල් කෑමට බව ඇය දැන සිටියා ය. 

දහවල් කෑම ටික සූදානම් කර තැබූ ඇය මඟබලා සිටියේ තම සැමියා එනතුරු ය. හිරු මුදුන් වී අවරට වැටෙන විට වෙනදාට නිවෙසට එන සැමියා වෙනුවෙන් එදින ඛෙදා තැබූ බත්පත සීතල වී ඇතැයි සිතමින් ඇය ළත වූවා ය. 

සාලිය දිවා ආහාරයට තබා රාත්‍රි බත්පත හීල්වනතුරුත් නොපැමිනීම නිසා ඇගේ සිත සසල වූවා ය. රාත්‍රිය ගෙවී යන්නේ ගැහෙන හදවතින් යුතුව ය. ඉඳහිට නැගෙන නිශාචර පක්ෂියකුගේ දුක්බර එහෙත් භයංකර හඩින් පරිසරයේ නිහඩතාව බිඳී ගියේ ය.

උණු තෙල් තාච්චියට අත දැමීමට රූමත් නදී අද සවස සූදානම් - ඔබත් එන්න


ඔබටත් නොමිලයේ 
සහභාගී වෙන්න 
අවස්තාවක් ...

ගිරයක් නොමැතිව ඇඟිලි දෙකකින් දෙහි කැපීම, කපන දෙහිවලින් රුධිරය වෑස්සවීම, උතුරන තෙල් තාච්චියට අත දැමීම, පිටි අත්ලෙන් මිනී ඔළුවක් මතු කිරීම, කායික බලයකින් තොරව සුරයක් චලනය කරවීම සහ යමකු පොල් ගෙඩියක් මත හිඳුවා කරකැවීම ආදී මහා බලගතු හාස්කම් කිරීමේ සුවිශේෂ බලයක් ඇති සුරූපී නිළියක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම අද්භූත ක්‍රියා ක්‍රියාකාරකම් යථාර්ථවාදී ලෙසින් ඒ අයුරින්ම ඉදිරිපත් කිරීමේ විශේෂ අවස්ථාවක් සිකුරාදා එනම් අද (27) ප.ව 4.00 ට කොළඹ 08 කොටාරෝඩ් හි ආචාර්ය එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත් වෙනවා. 

ඉරාජ් වීරරත්න කාම සූත්‍රය අත්හදා බැලීමට සූදානම්ලු (වීඩියෝ)

'මනමාලි' ගීතය නිර්මාණය කරමින් විවාහ වූ ජනප්‍රිය ගායක ඉරාජ් කාම සූත්‍රය අත්හදා බැලීමට සූදානම් වන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

කෙසේ වුවද ඉරාජ්ගේ කාම සූත්‍රය වාට්ස්‍යාන (Vātsyāyana) පණ්ඩිතයාගේ සූත්‍රය නොවන බවද පැවසෙනවා.

ඉරාජ්ගේ සූත්‍රය අනුව ඔහු විදෙස් ගායිකාවන් දෙදෙනෙකු එක්කරගෙන අලුත් ගීත නිර්මාණක් මේ නමින් සිදුකර තිබෙනවා. ඇමරිකානු හිපොප් ගායිකාවක වන ටෘත් හර්ට්ර්ස් (Truth Hurts) හා බංග්ලාදේශ ගායිකාවක වන ඩිල්පාදිනගර් කෝනා යන දෙදෙනා මෙසේ ඉරාජ්ගේ කාම සූත්‍රය ගායනා කරනු ලබනවා.

කාම සූත්‍රය ගායනා කරනු ලබවීඩියෝව පහතින්

පියුශාන් මටත් කලින් හිතවත් වුණේ මගේ අම්මත් එක්කයි - භාග්‍යා ඇගේ පෙම්වතා ගැන කතා කරයි

දම්සාරි සිහින සින්ඬරෙල්ලා ටෙලි නාට්‍යය ඔස්සේ මේ දිනවල හමුවන ඇය පියවි ටෙලි නාට්‍යයේ නැගණිය ලෙස රගපාමින් පේ‍්‍රක්‍ෂකයන්ට සමීප වූ භාග්‍යා ගුරුසිංහ මේ වනවිට ආදරවන්තියක් ව සිටින බව අපට දැනගන්නට ලැබුණා.

ඇයගේ පෙම්වතා සංගීත ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ අයෙක් වන අතර ඔහුගේ සංගීත වීඩියෝවක රගපාන්නට ගොස් ඇති වූ හිතවත් කම මත මේ පෙම් සබඳතාව ගොඩ නැගී තිබෙන බවයි ආරංචිය. 

භාග්‍යා උසස් අධ්‍යාපනය හදාරණ නවයොවුන් තරුණියකි. ඇයගේ පේ‍්‍රමය දිනාගැනීමට සමත්ව ඇත්තේ පියුශාන් රත්නායක නම් නව පරපුරේ ගායකයෙකි.

පියුශාන් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ උපාධියක් ද හදාරමින් සිටින බව භාග්‍යා පවසා තිබේ. භාග්‍යා පවසන පරිදි මේ භාග්‍යාගේ ප‍්‍රථම පේ‍්‍රමයයි. 

ඇය ඇගේ ප‍්‍රථම පේ‍්‍රමය ගැන මෙසේ පවසනවා.

අතුල නැවතත් සමිතාට කිට්ටු කරන කතාව ඇත්තක්ද..?

බදා වැලඳගෙන 
පෙම් කළත්... 

දමා යන අය 
දමා යනවා...සමිතා කියයි

අතුල සමිතා ගැන නැවත කථාබහ ඇතිවූයේ පසුගියදා පැවති සංගීත සම්මාන උළෙලදී සමිතා දියණිය සමග එකම පෙළට අතුල අමායාද වාඩිගෙන සිට සම්මාන ලද අවස්ථාවේ ඔවුන් එකිනෙකා වාද භේද නැතිව එකට සතුට බෙදා ගැනීම නිසයි.

එහෙත් පසුගිය කාලයේ සමිතා මුදුන්කොටුව ගැන නොයෙකුත් කථා පැතිරුණා. ඇය හා ඇමතිවරයෙකු සමග සම්බන්ධයක් ගැන කතා පැතිරෙද්දී ඇගේ සැමියාව සිටි අතුල ඇය ඇතැර අමායාව කසාද බැන්දා.


ඔය අතර වාරයේ අතුල අමායාගේ කැදැල්ලට අලූත් සිගිත්තෙකුත් එක්වුණා. එම දරුවාට නම තබන ලද්දේ සමිතාගේ පුතු බවටද ආරංචි පැතිරුණා. මේ සියල්ල සිදුවුණත් සමිතාගේ නිවසට ගිය විට ඇය සිටින්නේ හුදෙකලාවේය. 

නළුවන්ගේ ලිගුවෙන් ලේ ගලද්දීත් ලිංගිකව හැසිරුණු නිළිය (වීඩියෝ)


නිළිය කොන්ඩමයක් 
භාවිතා කරන්න 
බෑ කියයි...

ඒඩ්ස් නිවාරණ පදනම විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වූ නිල් චිත්‍රපට සිනමා නිරූ පණය කරන කැමරන් බේ කඳුළු සලමින් පවසා සිටියේ, තමන් සමග එක් අවස්ථාවක ලිංගිකව එක්වූ නළුවාගේ ලිගුවෙන් රුධිරය වහනය වන විටදීත් ලිංගිකව හැසිරීමට තමන්ට සිදුවූ බවයි. 

ඇතැම් නළුවන්ගේ ලිගුවෙන් රුධිරය වහනය වන විටදීත් නිළියන්ට ලිංගිකව හැසිරීමට සිදුවන බවත් කාමුක සිනමාව හුදු ව්‍යාපාරයක් පමණක් බවත් එය නළු නිළියන්ගේ ජීවිත නොව මුදල් මත පමණක් පදනම්ව කටයුතු කරන බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් තවත් නිල් චිත්‍රපට නළු නිළි පිරිසක් පවසා තිබෙනවා.

මහා පරිමාණ කැසිනෝ හෝටල් සහ අපේ රටේ කැසිනෝ ධර්මද්වීපය

කැසිනෝ සූදු කී‍්‍රඩාව සඳහා පහසුකම් ඇති මහා පරිමාණ හෝටල් ව්‍යාපෘති දෙකක් ඉදිකිරීම සඳහා වූ යෝජනා වකට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන පුවතක් මෑතකදී අපට වාර්තා වුණා. 

වාර්තා වන පරිදි මෝටර් ෆ්‍රෙන්ඞ් ප්‍රොපටීස් ලිමිටඞ් සමාගම යටතේ ස්ථාපිත කිරීමට යෝජිත ඒකාබද්ධ සංචාරක කර්මාන්තය ආශි‍්‍රතව ජෝන් කීල්ස් හෝල්ඩින් පී.එල්.සී. සමාගම විසින් ඩොලර් මිලියන 650ක ආයෝජනය ඉන් එකකි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 8150කි.

සීමාසහිත ලේක් ලෙෂර් හෝල්ඩිංග්ස් සමාගමට ඞී. ආර්. විජේවර්ධන මාවතේ ඇමරිකානු ඩොලර් මිලියන 350ක් වටිනා ආයෝජනයක් සඳහාත් මෙම අනුමැතිය ලැබී ඇත. මෙය දෙවැන්න වේ. මේ ආයෝජනයේ වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 4375කි.

කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍ර ලබාදී ඇති බවට රජයට විවිධ චෝදනා එල්ල වී ඇති බැවින් ඒ පිළිබඳව ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති 
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 
දැක්වූ අදහස් පහතින්.

ප‍්‍රශ්නය - කැසිනෝ සඳහා බලපත‍්‍ර දීල තියෙනවද?

පිළිතුර-  දීලත් නැහැ. දෙන්නෙත් නැහැ.

කෙල්ලන් කොල්ලන් රවටා ගාන මරා ගන්නා වාසනා සහ මිල්රෝයි ජෝඩුව මෙන්න...

ජඩ මාධ්‍ය කරුවන්ගේ පිහිටෙන් නිරූපන කලාව උගන්වනවා යැයි කියමින් රටේ අහිංසක තරුණියන් වේස නිරූපිකාවන් කරවමින් පිට රට තරඟ වලට යවනවායි කියමින් ලක්ෂ ගණන් වංචාකරමින් සිටින තක්කඩි ජෝඩුවක් ගැන තොරතුරු අපවෙත වාර්තා වනවා.

මොව්හු නමින් වාසනා දන්තනාරායන සහ රසික මිල්රෝයි වෙති. වාසනා යනු පැන්ෂන් ගිය නිරූපිකාවක් වන අතර මිල්රෝයි යනු උපන් ගෙයි තක්කඩියෙකි. ආර් ඇන්ඩ් වී එන්ටර්ටේන්මන්ට් නමින් ද, වී ඇකඩමි නමින්ද, ආර් ඇන්ඩ් වී කන්ට්‍රක්ෂන් නමින්ද විවිධ තාලේ තක්කඩි ව්‍යාපාර පවත්වාගෙන යති. 


මනාලියන්ට අන්දවන අතරේ වොල්කනයිසින් ද කරනවා සේ එන්ටර් ටේන්මන්ට් කරන අතරේ කන්ට්‍රක්ෂන්ද කරති. ලූනු මිරිස් සමග සීනි බනිස්ද කති. හොඳ මුහුණ පෙන්වමින් වංචාවම කරති.

ඡායාරූපයකට පෙනී ඉන්න ආකාරය, වේදිකාවක ඇවිදින ආකාරය ආදිය උගන්වනවා යැයි කියමින් දැන්වීම් පල කරමින් පළමුවෙන්ම කෙල්ලන් කොල්ලන් රවටා ගාන මරා ගන්නා වාසනා සහ මිල්රෝයි ජෝඩුව පසුව ඔවුන් විදේශ තරඟ වලට යවනවායි කියා මුලා කරති.

සර්වඥ ධාතු ප්‍රදර්ශන මුවාවෙන් මුදල් එකතු කරන කූට ජාවාරමක් මෙන්න...

ශ්‍රී දළදා මාලිගාවෙන් වැඩම කරවා සර්වඥ ධාතු ප්‍රදර්ශනය කෙරෙන මුවාවෙන් කූට ව්‍යා පාරයක් රටතුළ ක්‍රියාත්මක වන පුවතක් hotandfastnews වෙත වාර්තා වෙනවා.

පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එලෙස වංචාකාරී ලෙස අසත්‍ය තොර තුරු ප්‍රකාශ කරමින්, දළදා මන්දිරයට ගෙවීම සඳහා යැයි පවසමින් රුපි යල් 1000 රුපියල් 500 මුදල් එක්රැස් කිරීමක්ද සිදුවන බවයි. 

ඒ බව මල්වතු අස්ගිරි උභය විහාරස්ථ මහ නාහිමිවරු දෙපළ නිවේදනයක් නිකුත් කරමින් එවැනි වංචනික ක්‍රියාවන්ට හසුනොවන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහානායක හිමිවරු ඇතුළු දියවඩන නිලමේතුමා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙනවා.

කතරගම දෙවියන් ජීවමාන වන බවට කියූ මංජුල පීරිස්ගේ හතර වරං මෙන්න

ලංකාවේ ලොකුම කෝටිපතියන් එදා ආවා... 

පොල්, පළතුරු සියල්ල ඉවර වුණා... 

හැම දෙනාටම පූජා වට්ටි තියන්න බැරි වුණා...


මිනිසුන්ගේ දුකට සවන් යොමමින් මිනිසුන්ට පිහිටක් ලබාදීමට කතරගම දෙවියන් එවන් විශේෂිත දිනයක ජීවමාන තත්ත්වයේ මිනිසුන් සමඟ සිටිනවා කියන එක ජ්‍යෝතිෂ්‍යානුකූලව මා ප‍්‍රකාශ කළේ සත්‍ය පදනම්වයි.

ඒ දින උදේ සහ රාති‍්‍ර ඒ හෝරාවේදී පහනක් දල්වා යමක් ප‍්‍රාර්ථනා කළ විට දේව ආශිර්වාදය හිමිවන බව අපේ විශ්වාසයයි. දෙවියන්ගේ පිහිට ලැබී දුක් කරදරවලට සහනයක් ලැබෙන බවයි අපේ විශ්වාසය.

සෑම වසරකම මම ඒ දිනය ගැන ප‍්‍රකාශ කළා. ජ්‍යෝතිෂවේදියකු ලෙස මා ගැන විශ්වාසය මේ වෙද්දී ජනතාව අතර ප‍්‍රචලිත නිසා මගේ ඒ ප‍්‍රකාශයත් සමග මෙරට විශාල පිරිසක් පැමිණියා. ලක්‍ෂ 10ක් ඉක්මවූ ජනතාවක් පැමිණියේ ඒ අනුවයි.

බලංගොඩ ආනන්ද මෛත‍්‍රය හිමි සඳහන් කර තිබෙනවා කතරගමදී ගිනි මැලය තරණය කර යන පඬුපැහැ ඇඳුමෙන් සැරසුන රුවක්. උන් වහන්සේ ඒ ගැන කපු මහතාගෙන් විමසද්දී කපු මහතා කියා තිබෙනවා ඔබ වහන්සේ ඒ දැක ඇත්තේ කතරගම දෙවියන් කියා. 

පිරිමි ලක්ෂයක් සමග යහන් ගත වෙන්නට යන පෝලන්තයේ ආනියාට ඉස්ලාම්වරුගෙන් තර්ජනලු


දැනට පිරිමි 450 ක් 
එක්ක ඉදලා...

පෝලන්තයේ වාසය කරනා 21 හැවිරිදි පොලිස් නිලධාරිනියක් පිරිමි ලක්ෂයක් සමග ලිංගිකව එකතු වීමට බලාපොරො ත්තුව සිටිනා ආනියා ගැන පුවතක් අප මීට පෙර ඔබවෙත ගෙන ආවා.


සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලු අපට දැනගන්නට ලැබුනේ එම තරුණිය දැනට පිරිමි 450 කට ආසන්න සංඛ්‍යාවක් සමග සංසර්ගයේ යෙදී ඇති බවයි. එසේම ඇය වරක් පැය 8 ක් තුලදී පිරිමින් 35 ක් සමග සංසර්ගයේ යෙදී ඇති බවද අපට දැනගන්නට ලැබුනා.

රිය අනතුරකින් සිහිසන් නොමැතිව බිහි කල දෙහැවිරිදි දරුවා ආහාර විකා මවට කවන හැටි...

ආබාධිත මවට ආහාර විකා කවන දෙහැවිරිදි දරුවකු ගැන අපට වාර්තා වන්නේ චීනයේ ජියැන්ග්සු ප‍්‍රදේශයෙනි.

මවගේ නම ෂෑන්ග් රොන්ග් සියෑන්ග්ය. ඇය මිට වසර දෙකකට පෙර රිය අනතුරකට මුහුණ පෑ තැනැත්තියකි. රිය අනතුර සිදුවන අවස්ථාවේ ඇය ගැබිණියක්ව සිටියාය.

මුහුණ පෑ අනතුරේ බරපතල බව නිසාම ෂෑන්ග් ‘කෝමා’ තත්වයට පත්වූවාය. වෛද්‍ය වරුන් ඇය යළි සිහි නොලබනු ඇතැයි පැවැසුවද ෂෑන්ගේ සැමියා වන ගවෝ ඩෙජින් ඇය රැක බලා ගත්තේය. ඇයගේ සිරුර මනා සේ කි‍්‍රයාකාරී වූ නිසා ගර්භයේ වූ කළලයේ වැඩීමට බාධාවක් නොවීය. 


දවස් ගෙවුණු පසු ‘‘සිසේරියන්‘‘ සැත්කමක් ආධාරයෙන් සිහි නොමැතිව සිටි ෂෑන්ග්ගේ කුසෙන් පිරිමි දරුවෙක් මෙලොවට බිහි වුනේය. ගවෝ ඔහු නම් කළේ ගවෝ ක්වින්බෝ ලෙසය. කුඩා ක්වින්බෝ උපන්දා සිටම හැදී වැඩුනේ සිහිසන් නොමැතිව සිටි මවගේ තුරුල්ලේය.

වසරක් ගෙවී උදාවුණු මැයි මසදී ප‍්‍රාතිහාර්යයක්ම සිදුවිය. වෛද්‍යවරුන් යළි නැගිටින්නේ නැතැයි කී ෂෑන්ග් යළි පියවි සිහිය ලැබුවාය. එහෙත් ඇයට පෙර මෙන් තම කටයුතු කර ගැනීමේ හැකියාවක් නොවීය. ඒ තවමත් ශරීරය දුබල බැවිනි.

‘නිරුවත සහ බිය’ රියලිටි වැඩසටහනට මව්වරුන් මිලියනයක් විරෝධය දැක්වු වීඩියෝ මෙන්න


නිර්මාණකරුවන් සංස්කෘතිය සදාචාරය අත්හැරලා...

ඩිස්කවරි  නාලිකාව මගින් හදුන්වා දුන් ‘නිරුවත සහ බිය’ (Naked and Afraid) නම් වූ රියැලිටි වැඩසටහන පටන් ගන්නේ එකිනෙකා නොහදුනන ස්ත‍්‍රියක හා පිරිමියෙකු යුගල තරගකරුවන් ලෙස නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක් ගෙවිය යුතු වූ නවතම රියැලිටි අත්දැකීමක් ලෙසටය.  

නිශ්චිත පිටපතක් නොමැතිව මෙය ආරම්භ කළ බව එහි නිර්මාණ කරුවන්ම පවසයි. ලෝක ටෙලි විෂන් කලාව මේ වන විට විවිධ් රියලිටි වැඩසටහන් හමුවේ විවිධාකාර වෙනස්වීම් වලට භාජනය වෙමින් පවතී. 

මේ හේතුව නිසාම ඇතැම් නිර්මාණකරුවන් සංස්කෘතිය සදාචාරය අමු අමුවේ අත්හැර කටයුතු කිරීමට පවා පෙළඹී ඇතැයි අමුතුවෙන් කිවයුතු නොවේ. එනම් ලාභ අපෙක්ෂාවට ප‍්‍රමුඛත්වය ලබාදෙන වත්මන් රියලිටි කලාව දැන් එහි අනන්තයට ළගා වී තිබේ.

නිවිතිගල රතුපස්වල වීමට පෙර….. ඇත්ත කතාව

Updated as at 12.30 Pm
 
තවමත් නොනැවති පහත ක්‍රියාමර්ගය සිදුවෙමින් පවති, එයට අදාලව කිසිදු දෙයක් නිවිතිගල පොලීසිය හෝ අදාල වතු සමාගම ප්‍රකාශ නොකරයි. මොවුන් මිනිසුන්ගෙන් හිස් කොල වලට අත්සන් ගැනීමක් සිදුකරගෙන යයි. අදාල අයතන වලින් විමසුවද ඔවුන් නිහඩය.

0452279226 - AGALAWATHTHA වතුසමාගම
0452279222 - 0452279223  - Niwithigala polisiya


නිවිතිගල ප්‍රදේශය භීතියට පත් කරමින් හමුදා නිල ඇදුමින් සැරසුනු අවි ගත් පිරිසක් සිවිල් මිනිසුන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් ජායාරූප ගනිමින් තැන තැන ගැවසෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ වන විට අප වෙත වාර්තා වන්නේ නිවිතිගල භීතියට පත්කරමින් සිදුකරන මහා ඛේදවාචකය පිටුපස සිටිනුයේ, අගලවත්ත වතුසමාගම බවයි. අප නිවිතිගල පොලිසියෙන් කල විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ සදහා ඔවුන්ගෙ කිසිදු සම්බන්දයක් නැති බවයි.

එ වගේම මෙයට ප්‍රදේශයේ දේශපාලඥ්ඥයන්ගේද කිසිදු සම්බන්දයක් නැති අතර ඉහත සදහන් වතුයාය මෙම ක්‍රියාව සිදුකරනුයේ රජයේ ප්‍රබල ඇමති කෙනෙකු වන බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම පිරිස නිවිති ගලට එවු බව පවසමිනි.

හෘද ස්පන්දනය මොහොතකට නතර වන මි‍ලේ කෲස්ගේ සම්පූර්ණයෙන් නිරුවත් වීඩියෝව මෙන්න

ඉතා හොඳ ගෑනු ළමුන් තමනගේ ප්‍රතිරූපයට හානි වන ආකාරයේ හැසිරීම් වලට යොමු වන්නේ ඇයි යනුවෙන් මාධ්‍ය අසා තිබුණේ මි‍ලේ කෲස්ගේ සම්පූර්ණයෙන්ම නිරුවත් වීඩියෝ පටයක් දැකීමෙන් පසුවයි.

පසුගියදා මි‍ලේ තම නවතම සංගීත වීඩියෝ පටය වන Wrecking Ball සංයුක්ත තැටිය සඳහා නිරුවත් රංගනයේ යෙදුණේ ඇයගේ රසිකයින්ව අමන්දානන්දයට පත්කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනලු.

මෙම වීඩියෝ පටය මෝස්තර නිරූපණ ශිල්පීන්ගේ ඡායාරූප ගන්නා ශිල්පියෙකු වන ටෙරි රිචඩ්සන් විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. 

මි‍ලේ දියත් කළ නවතම වීඩියෝ පටය නිසා මි‍ලේව විවේචනය කරන පුද්ගලයන්ට මෙන්ම ඇයට ආදරේ කරන රසිකයිනුත් පුදුමයට පත්වේවි. ඒ විතරක් නොවේ ඔවුන්ගේ හෘද ස්පන්දනයද මෙය දුටු වහාම මොහොතකට නතර වේවි. 

‘වෙනස’ වැඩසටහන මෙහෙයවන ඩිල්ෂාන් ඉස්සරහට කරන්න යන පවුල් සැලසුම...

ස්වාධීන රූපවාහිනිය ගෙන එන ‘වෙනස’ විශාල ජනතා ප්‍රසාදයක් දිනූ වෙනස්ම ආකාරයේ වැඩසටහනක්.

මෙම වැඩසටහන ඉදිරි පත් කරන ඩිල්ෂාන් හා සම්පත් දෙදෙනාත් අද වන විට ජනප්‍රිය චරිත දෙකක් බවට පත්වී හමාරයි. 

ඩිල්ෂාන් ගැන සුබ ආරංචියක් පසුගියදා අපට දැනගන්නට ලැබුණා. පසුගිය 16 වැනිදා ඩිල්ෂාන්ගේ කැදැල්ලට පුංචි දුවක් එකතු වුණා කියන ආරංචිය තමයි ඒ. ඒ ආරංචිය අපට ලැබෙද්දී පුංචි සිඟිත්තිය මෙලොව එළිය ලබලා පැයක් විතර ඇති. ඒ පිළිබඳව ඩිල්ෂාන් ලක්බිම පුවත් පත සමඟ කළ කතාබහ පහතින්. 

දයාසිරිට මනාප 336327 යි, අනුරාධ ජයරත්න මහ නුවරින් පළමු වැනියා...


දයාසිරි චන්ද්‍රිකාගේ 
වාර්තාවත් කඩයි...

ගුරිවරිය දන ගැස්වූ 
මන්ත්‍රීගේ බෑනත් 
පරදී...

මනාප ගණන් කරන මධ්‍යස්ථාන යේ සිට ලැබුණු අලූත්ම වාර්තා අනුව කුරුණෑගල මනාප නිල සංඛ්‍යා ලේඛන වල ඉදිරියෙන්ම සිටින අය ගැන නිල ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා. ඒ අනුව මින් පෙර අනාවැකි පළකළ ආකාරයටම දයාසිරි ජයසේකර මනාප ඡන්ද 336327 ක් ලබාගෙන මෙවර පළාත් සභා මැතිවරණයේ වැඩිම මනාප ලාභියා බවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

ඔහු සමග මහ ඇමති වන්නට තරග කළ ජොන්ස්ටන් ඇමතිවරයාගේ පුත් ජොහාන්ට දයාසිරිගේ මනාප වලින් අඩකටත් වඩා අඩුගණනක් හිමිව ඇති අතර දෙවැනියා වූ ඔහුට ලැබී ඇත්තේ මනාප 134423 කි.


හිටපු මහ ඇමති අතුල විජේසිංහ 47014 ක් ලබා පස්වැනියා වී
තිබෙනවා. මුල් පෙළේ මනාප ලාභීන් පස් දෙනා පහත පරිදිය.

නිවිතිගල රතුපස්වල වීමට පෙර…..!

මේ දිනවල නිවිතිගල ප්‍රදේශය භීතියට පත් කරමින් හමුදා නිල ඇදුමින් සැරසුනු අවි ගත් පිරිසක් සිවිල් මිනිසුන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් ජායාරූප ගනිමින් තැන තැන ගැවසේ. 

මේ පිලිබදව වහාම අවධානය යොමුකරන ලෙස වගකිව යුත්තන් ගෙන් කරුනිකව ඉල්ල සිටින්නේ රතුපස්වලට වූන සිදුවීම නිවිතිගලට වීමට පෙරය. මිනිස් ජීවිතයක් යනු ඉතා වටිනා වස්තුවකි.

සිවිල් මිනිසුන් ජීවත් වන ප්‍රදේශ වලට අවි ගත් හමුදාව නොවන බවට පෙර සිදුවු සිදුවීම් වලින් වරක් ප්‍රකාශ විය. නිවිතිගල සිටින දේශපාලඥ් ඥයන් දැන ගත යුතු කරුන නම් ඔවුන් සුරසැප විදින්නෙ දුප්පත් මිනිසුන්ගේ ඡන්දයෙන් බවය. 

මෙම ක්‍රියාව වහා නත නොකල හොත් ඉදිරියෙදී අප එම දේශපාලඥ් ඥයන් ගේ කල් ක්‍රියාව රට හෙලි කිරීමට බලාපොරොත්තු වෙමු.

හොර මනෝ උපදේශකයෝ රට පුරා...

ව්‍යාජ සුදුසුකම් සහිත කිසිදු පුහුනුවක් නොමැති හොර මනෝ උපදේශකයෝ විශාල ප්‍රමානයක් රට පුරා විහිදී මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන බවට ජාතික මාන සික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරයෙකු පෙන්වා දෙයි.

මෙම වෛද්‍යවරයා පවසන අන්දමට සමහරක් පුද්ගලයන් විසින් ඉන්දියාවේ පෙට්ටි කඩ වැනි කිසිම අධ්‍යාපන ගුනාත්මක භාවයක් නොමැති ආයතන වලින් මනෝ විද්‍යා උපාධි මිලට ගෙන සායනික මනෝ විද්‍යාඥ වැනි නාම යටතේ මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම මෙන්ම සමහර විශ්ව විද්‍යාල නොමග යවා විශ්ව විද්‍යාල කථිකාචාර්ය​ තනතුරු ද ලබාගෙන ඇත​. 

වැඩිදුරටත් කරුනු දක්වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වෛද්‍යවරයා මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ලෝකයේ පිලිගත් විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා ලංකාවේ විශ්ව විද්‍යාල වල සේවය කරන මනෝ විද්‍යාඥයන් ගේ ප්‍රමානය පස් දෙනෙකුට නොවැඩි බව පවසයි.

කතරගම දෙවියන්ගේ බර්ත් ඩේ එක ගැන ඇසූ පළමු අවස්‌ථාව...

පසුගිය 16 වැනිදා කතරගම නගරයේ ඇති කළ කලහය මින් පෙර කතරගම ඉතිහාසයේ නොවූ විරූ එකක්‌ වූනා.ඉතිහාසයේ වැඩිම ජනකායක්‌ කතරගමට රැස්‌වූයේ එදිනය. අක්‌කර 4 ක්‌ තරම් වූ කතරගම දේවාල භූමිය තුළ ලක්‍ෂ 5 ක්‌ තරම් සේනාවක්‌ අතුරු සිදුරු නැතිව පිරී සිටියා. කතරගම සියලු රථගාල් පිරී තිබුණා.

තව එකදු රථයකටත් ඇතුළුවන්නට රථ ගාල්වලට ඉඩක්‌ නොවීය. කුඩා දරුවන්, මහලු ගැහැනු පිරිමින් මෙදා තරම් අතරමං වූ දවසක්‌ මින් පෙර නොවීය. කතරගම සෑම වෙළෙඳ සලකම කිසිවක්‌ම ඉතිරි වූයේ නැත. සියල්ල විකිණී ගියේය. 

පලතුරු සහ පොල්ද, පොල් තෙල් හා පහන් තිරද සොයා ගත නොහැකිව ජනී ජනයා වෙළෙඳසල් ගානේ පැය ගණන් ඇවිද්දා. මහා මාර්ගයන්හි තිබුණේ අසාමාන්‍ය වාහන තදබදයකි.

කතරගම දෙකක්‌ කළ මේ අරුමය කුමක්‌ද?. මේ සා ජනකායකගෙන් කතරගම පූජා නගරය තදබද වී ගියේ ඇයි?

අවු: 14ක පාසල් සිසුවෙකුගෙන් 22 හැවිරිදි විවාහක තරුණිය කාමාශාවන් සංසිඳුවා ගත් හේතුව

සැමියා හමුදා සේවයේ...

තනියට රාත්‍රීයේ සිසුවා නිවසේ නතර කරගෙන...

වයස අවුරුදු දහහතරක පාසල් සිසුවෙකු  විසිදෙහැවිරිදි විවාහක තරුණියකගෙන් දීර්ඝ කාලයක් පුරා බරපතළ ලිංගික අපයෝජ නයකට ලක්වීමක් සම්බන්ධ යෙන් එම කාන්තාවට නඩු පවරමින් උතුරු මැද පළාත් බද මහාධිකරණ යට අධිචෝදනා පත්‍රයක් ඉකුත් සතියේ  දිනක නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූවා.

අධිකරණයට වාර්තා වී ඇති කරුණුවලට අනුව එකී බාල වයස්කාර සිසුවා විසි දෙහැවිරිදි විවාහක තරුණියගෙන් අපයෝජනයට ලක්ව ඇතැයි චෝදනා එල්ලවන්නේ 2011 වසරේ මැයි 20 වෙනිදා සිට 2012 ජුනි 18 වෙනිදා දක්වා වූ වසරකට වැඩි කාලයක් තුළදීය.

මේ ළමා අපචාරය අධිකරණයට වාර්තා වන්නේ මහවිලච්චිය පොලීසියෙනි. පොලිස් වාර්තා වලට අනුව එකී අපචාරය සිදුවී ඇතැයි පැවැසෙන්නේ මහවිලච්චිය 16 කණුවේ අලිවංගුව නම් ගම්මානයේය. 

දහහතර හැවිරිදි පාසල් සිසුවා විසි දෙහැවිරිදි විවාහක කාන්තාවකගේ ගොදුර බවට පත්වන්නේද එම කාන්තාවගේ තනියට රාත්‍රී කාලයේ එම සිසුවා ඇගේ නිවසේ නතර කර තබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව වාර්තා වී ඇත.

‍පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව ඇගේ සැමියා හමුදා සේවයේ නිරත අයෙකි. එබැවින් ඇය බොහෝ දිනවල නිවසේ සිටියේ තනිවමය. අසල්වැසි නිවැසියන් සමග හිතවත්ව සිටි ඇය රාත්‍රියට ඇගේ තනියට නිවසට ගෙන්වා ගත්තේ ඒ අසල්වැසි නිවසක සිටි පාසල් සිසුවෙකි. 

ජයන්ත කුමාරසිරිගේ සුදු කළුවර නවකතාව දොරට වඩී...

ආර්.එල්. ස්පිට්ල් සාහිත්‍ය ධරයාණන් ගේ ‘සුදු ගෝනා‘ සහ ‘සුදු වැද්දා‘ ඔබ කියෙව්වාද? එම කෘතිද්වය තුළ ඇති අන්තර්ගතය මෙසේය. 

පාසලෙන් පැනවිත් නාවිකයෙකු වන හෑන්ස්, ඇමස්ටර්ඩෑම් නුවරින් පිටවී පෙරදිගට සංචාරය කරන ර නැව බිදී ලංකා වෙරළට සේන්දු වේ. එහිදී වන වදින හෑන්ස්, වැදි රැළකට හසුවී පසුව සුදු ගෝනෙකු නිසා කන්ද උඩරට රජුගේ සිරකරුවෙකු බවට පත්ව රජුගේ කපිතාන්වරු දෙදෙනා සමග කුළුපග වන්නේය. 

එයින් එක් කපිතාන්වරයෙකු ඕලන්ද ජාතිකයෙකුවන අතර, අනෙකා පෘතුගීසි ජාතිකයෙකි. රාජ උදහසට ලක්ව තිබුණද අවසානයේ මරණයෙන් ගැලවෙන හෑන්ස්, කපිතාන්වරු දෙදෙනාද සමග වන වදී. ඔව්නට උදව් කළා යැයි රජු ගේ ලේලියවන නාලිනී ද වැදි රැහැට පන්නා දැමේ. පසුව ඇගේ පෙම්වතාවන නීලද රජ මැදුරෙන් පැන යයි. 

සියල්ලෝ හෑන්ස් ගේ රැකවරණය යටතේ මහ වනයේ  දිවි ගෙවති. පසුව ඔව්න්ගේ ඉල්ලීම මත හෑන්ස්, ඔව්න් මහ වනයෙන් පහත රට ගම්මානයකට ඇරලවයි. ඒ ගම්මානය ආරම්භ වන්නේ දෙව්මැදුරකිනි. ‍

දෙව්මැදුරේ වැඩ සිටින්නේ ඩේමියන් පියතුමාය. ඩේමියන් පියතුමා යනු පෘතුගීසීන් හා ලන්දේසීන් අතර පැවති අවසන් කොළඹ මහ සටනේ පෘතුගීසි ජාතිකයෙකු වූ ගැස්පා සමග උරෙනුර ගැටෙමින් සටන් කළ විරුවෙකි. ස්පිට්ල් සූරීන් ගේ ‘සුදු වැද්දා‘ නවකතාව නිමවන්නේ එතැනිනි. 

මේ ක්‍රිස්තු වර්ෂ එක්දහස් හයසිය ගණන්වල සිදුවීමකි.

එයින් පසු සිදුවන්නේ කුමක්ද? ලන්දේසි යුගයට අයත් පැරණි ග්‍රන්ථ රාශියක් පරිශීලනය කොට ජයන්ත කුමාරසිරි විසින් ‘සුදු කළුවර‘ ලියා ඇත. මේ වූ කලි ඓතිහාසික නවකතාවකි. 

මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත්කල "ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහයේ" ඇතුල් පැත්ත...


මාධ්‍ය විසින් 
විකුණාගෙන කෑ 
ළමයාගේ 
ලිංගිකත්වය...

පසුගිය අගෝස්තු 19 වන දින නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව විසින් විකාශය කළ බැලුම්ගල වැඩසටහන විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය පිළිබඳ හෙළිදරව්වක් යන මැයෙන් ගුවන් විදුලි වැඩසටහනක් සිදු කලා ඔබට මතක ඇති.

මෙලෙස විවාහ වූයේ පාසල් යන පිරිමි ළමයෙකු සහ මෙම ගුවන් විදුලි නාලිකාව විසින් යෙදවූ විමර්ශන ජනමාධ්‍යවේදියායි. 

මෙම විවාහය සම්බන්ධ ඡායාරූප බ්ලොග් අඩවි සහ වෙබ් අඩවි ගණනාවක් වෙත නිකුත් කර තිබූ අතර ඒ සෑම ඡායාරූපයකම අදාළ මාධ්‍ය වේදියාගේ මුහුණ කපා දමා තිබූ අතර පාසැල් ළමයාගේ මුහුණ පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

මෙම වාර්තා කිරීම හරහා කලක් තිස්සේ නීතියේ රැහැනින් ගැල වෙමින් සිටි ළමා අපයෝජකයකු හසු කර ගන්නට පොලීසියට හැකියාව ලැබුණා. 

ඒ සඳහා අවශ්‍ය සාක්ෂි ද මෙම ගුවන් විදුලි  නාලිකාව විසින් පොලීසිය වෙත පමණක් නොව පොදු ජනතාව වෙතද යොමු කලා. 

තමා මෙය එසේ සිදු කරන ලද්දේ ළමා පරපුර ආරක්ෂා කිරීමේ හුදු අවංක වුවමනා වෙන්ම බවත්, වැඩිහිටියන් අතර සිදු වන ලිංගික ක්‍රියා සම්බන්ධ ව තමන්ට ගැටළුවක් නොමැති බවත් මෙම වැඩසටහන ආරම්භයේ දී ම පුන පුනා සඳහන් කෙරුණා.

එහෙත් එහි ප්‍රතිඵලය ඊට වඩා දුක්ඛ දායක විය. වැඩසටහනෙන් එළිදරව් වූ ළමයාගේ පාසැල් ගමන එතැනින්ම නතර කෙරුණු අතර දෙමාපියන් විසින් එම දරුවා බෞද්ධ සිද්ධස්ථානයක පැවිදි කරනු ලැබුවා.

දුවගෙන ඇවිත් සරසවි සිසුවියගේ පස්ස මිරිකලා දුවලා...

කොළඹ දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාල යක අධ්‍යාපනය ලබන 25 හැවිරිදි තරුණියකගේ පසුපස පෙදෙස මිරිකා ඇයට ලිංගික හිංසාවක් සිදු කළ බව කියන පුද්ගලයෙක් රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇපයක් මත මුදා හරින ලද පුවතක් අප වෙත වාර්තා වෙනවා.

හංවැල්ල ප්‍රදේශයේ පදිංචි තංගවේලු සජිත් අර්ජුන නැමති පුද්ගලයා එම සරසවි සිසුවියගේ පස්ස මිරිකූ බව කියමින් කොහුවල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුනා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.


එම සරසවි සිසුවිය විශ්ව විද්‍යාලය වෙත යෑම සඳහා ඉකුත් 13 දින පෙරවරු 7ට පමණ නිවසෙන් පිටට කෙටි දුරක් යන විට තංගවේලු නැමති පුද්ගලයා ඇය පසු පසින් පැමිණ ඇය පසුකර ඉදිරියට ගොස්

මීරිගම ජී‍‍‍ෆි ප්‍රොඩක්ට්ස් සමාගමට අපහාස වන පරිදි විද්‍යුත් පුවත් පලකලැයි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට වාරණ නියෝගයක්

කොහුබත්, පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන කරන මීරිගම අපනයන සැකසුම් කලාපයේ පිහිටි නෝර්වේ සමාගමක් සම්බන්ධයෙන් අපහාස වන පරිදි ‍විද්‍යුත් පුවත් පිටු පළ කිරීම වළක් වමින් "ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවියට" වාරණ නියෝගයක් කොළඹ දිසා අධි කරණය ඊයේ (18) නිකුත් කර තිබුණා.

මේ හේතුවෙන්
පෙරේදා (17) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබු අතර ඊයේ (18) දවස පුරා මිරර් වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වන පරිදි විවිධ බාධා කිරීම් එල්ල කර තිබුනා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි කර්තෘ කැලුම් ශිවන්ත පවසා සිටියේ මෙම සයිබර් ප්‍රහාරයකට ලක්වූ පළමු වතාවද නොවන බවයි. මෙම
මිරර් වෙබ් අඩවිය වෙත දිගින් දිගටම සයිබර් ප්‍රහාර එල්ල වන බවද ඔහු පැවසුවා.

අදාල වෙබ් අඩවිය පරිශීලනය කරන තිස් දහසකට ආසන්න පාඨකයින්ට තොරතුරු දැනගැනීමට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කනගාටුව පළ කළ එහි කර්තෘවරයා හැකි ඉක්මනින් නැවත තම පාඨකයා වෙත මිරර් වෙබ් අඩවිය වෙත පිවිසීමේ හැකියාව ලබාදීමට කටයුතු කරමින් සිටින බවද
පැවසුවා

කෙසේ වෙතත් මීරිගම ජී‍‍‍ෆි ප්‍රොඩක්ට්ස් එස් එල් සමාගම විසින් පැවරූ නඩුව සළකා බැලු කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරචිචි මහතා මේ වාරණය ඔක්තෝම්බර් 2 දින දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කලා.

"පොල් ලෙලි සෝදන විස දැදුරු ඔයට " ශිර්ශය යටතේ 2013 ජුනි 27 දින පළකරන ලද ප්‍රවෘත්තිටය විරුද්දව මේ නඩුව, ද තික්ක් ටැන්ක් පුද්ගලික සමාගමට විරුද්ධව පැවරූ අතර මිරර් වෙබ් අඩවියෙන් සිදුවු අගතියට රුපියල් මිලියන 750ක වන්දියක් අයකර දෙන ලෙසද අධි කරණයෙන් ඉල්ලා තිබුණා.

හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ රහස් මෙන්න...

හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ දස්කම් මෙන්න... යනුවෙන් උතුරන තෙල් තාච්චියට අත දැමීම, පිටි අල්‍ලේ මිනී ඔළුවක රුවක් මතු කිරීම, සුරයක බල පෙන්වීම ආදි මහා බලගතු හාස්කම් කිරීමේ සුවිශේෂ බලයක් ඇති සුරූපී නිළියක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

අප එම ලිපිය පලකරනු ලැබුවේ හුදෙක් ජනතාව මිථ්‍යාව සඳහා යොමු කිරීමට නොවන අතර ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් බව අවධාරණය කරනු පිණිසයි.

ඒ අනුව අප පෙර සඳහන් කළ
ඒ සුවිශේෂ බලයක් ඇති සුරූපී නිළිය ඉදිරියේදී එම ශක්තිය පෙන්වීම සඳහා කටයුතු යොදාගෙන යන අතර ඊට ප්‍රථම ඇය විසින් එම කාර්යයේ නියැළෙන්නේ කෙසේද යන්න පිළිබඳව සවිස්තර වාර්තාවක් ගෙන එන බවට‍ hotandfastnews පාඨකයන් වෙත අප පුර්ව දැනුම් දීමක් කළා. 

යන්න කලින් Room එක වෙන්කරගෙන යන්න වෙබ් අඩවියක් මෙන්න...


Room එක කෝක 
වුනත් කලින් 
වෙන් කරගන්න

ශ්‍රී ලංකාව පුරා සංචාරය කරන පුද්ගලයන්ගේ නවාතැන් පහසුව වෙනුවෙන් www.rooms.lk නමින් වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. 

තිවංක රූපසිංහ මහතාගේ නිර්මාණයක් වන මෙම වෙබ් අඩවිය මඟින් ලංකාව පුරා පවතින කුඩා ප්‍රමාණයේ හෝටල් 150ක් පමණ සම්බන්ධ කර ගැනීමට සංචාරකයන්ට අවස්ථාව හිමිවෙනවා .

සැප්තැම්බර් 17 පේන්න එනවා කිවූ මංජුල පීරිස්ගේ කතරගම දෙවියො කෝ..?

කතරගම දෙවියන් සැප්තැම්බර් 17 වැනිදා දෘශ්‍යමාන වන බවට‍ ලංකාවේ ප්‍රකට ජ්‍යෝතිර්වේදියකු වන මංජුල පීරිස් මහතා පැවැසූ අනාවැකියක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම අනාවැකිය හේතුවෙන් ඊයේ (17දා) අලුයම බැතිමත්හු ලක්‍ෂ ගණනක් දෙනාගෙන් කතරගම පූජා භූමිය පිරී ගියා. 

පෙරේදා (16දා) මධ්‍යම රාත්‍රියේ සිට කණ්ඩායම් ලෙස සෑදුණු බැතිමතුන් විශාල ලෙස කතරගමට ඇදී එනු දක්නට ලැබුණා. 17දා අලුයම වන විට එසේ ඇදී ආ ජනතාවගෙන් කතරගම දේවාල භූමිය, කිරිවෙහෙර මාවත, අභිනවාරාමය ඉදිරිපිට ඇතුළු පූජා භූමියට අයත් සියලු තැන් අතුරු සිදුරු නැතිව පිරී තිබුණා.

සාමාන්‍යයෙන් සතියේ දිනක තබා සති අන්තයේවත් මෙවන් ජනතාවක් කතරගම පූජා භූමියට නොපැමිණෙන බව කතරගම දේවාලයේ ඉහළ බලධාරියෙක් අප වෙත පැවසුවා. මෙවන් විශාල ජනතාවක් කතරගමට ඇදී ආවේ මංජුල පීරිස් මහතා පළකළ අනාවැකිය නිසා බවද ඔහු වැඩි දුරටත්
පැවසුවා.

දින තුනේ එස්‌. එම්. එස්‌. පෙම්වතිය හෝටල් කාමර යෙන් ගෙදර යන්න බෑ කියයි...


පෙම්වතා සිසුවිය 
හෝටලේ දමා 
දුවයි...

ජංගම දුරකථනයේ එස්‌. එම්. එස්‌. පණිවුඩ මගින් ප්‍රේමකර හඳුනාගත් එස්‌. එම්. එස්‌. ප්‍රේමවන්තයා, අවුරුදු දහතුනක්‌ වයසැති පාසල් සිසුවිය අපචාරයට ලක්‌කර පලායැමේ පුවතක්‌ අප වෙත වාර්තා වෙනවා.

මහනුවර තලාතුඔය ප්‍රදේශයේ පදිංචි අවු. 22 ක්‌ පමණ වූ මෙම තරුණයා කුරුණෑගල නගර ආසන්නයේ මල්ලවපිටිය උයන්දන ප්‍රදේශයේ පදිංචි අවු.13 ක්‌ පමණ වූ මෙම පාසල් සිසුවිය සමඟ සන්නිවේදන මාධ්‍ය ජාලයක්‌ මගින් හඳුන්වා දී තිබෙන මිතුරු හමුවක්‌ ඔස්‌සේ එස්‌. එම්. එස්‌. පණිවුඩ මගින් දැන හැඳින ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන තිබෙනවා. 

මෙම එස්‌. එම්. එස්‌. ප්‍රේම සම්බන්ධයට දින තුනක කාලයක්‌ ගතවී ඇති අතර පසුගිය 12 වැනිදා මල්ලවපිටිය මිල්ලව ප්‍රදේශයේ පිහිටි අවන්හලකට පැමිණි මෙම තරුණයා මෙදින රාත්‍රියේ ලැගුම්හලේ කාමරයක්‌ කුලියට ගෙන තිබෙනවා. 

ලැගුම්හලේ නේවාසිකව සිටි මෙම තරුණයා එස්‌. එම්. එස්‌. පණිවුඩ මගින් හඳුනාගෙන ප්‍රේම කළ පාසල් සිසුවියට එස්‌. එම්. එස්‌. යවා මෙදින රාත්‍රියේම මල්ලව හන්දියට ගෙන්වාගෙන තිබෙනවා

නීතිඥවරයා යනුවෙන් හඳුන්වන්නාවූ බොහෝ අයගේ කාලකණ්නිකම මතුවන තැන් මෙන්න...


සමාජ ක්‍රමයේ 
ම්ලේච්ඡත්වයේ 
තරම බලන්න...

පසුගිය වසරේ දිනක දිල්ලි අගනුවර ධාවනය වෙමින් තිබුණ බස් රියක් තුළ දී සමූහ දූෂණයට ගොදුරු වූ ශිෂ්‍යාව ඉන් දවස් කීපයකට පසු මරණයට පත් වූ අතර, එම අපරාධය සම්බන්ධයෙන් චූදිතයන් හතර දෙනකු පසු ගිය සතියේ මරණීය දණ්ඩනයට යටත් කෙරුනා.

එම විත්තිකරුවන්ගෙන් දෙදෙනකු වෙනුවෙන් ඒ.පී .සිං නීතිවේදියා පෙනී සිටියා. දූෂණයට ගොදුරු වූ ශිෂ්‍යාව විවාහයෙන් පරිබාහිර ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බවත්, ඇය රාත්‍රි කාලයේ තරුණයකු සමඟ ගමන් ගනිමින් සිටි බවත්, නීතිඥ ඒ.පී.සිං නඩු විභාගයේ දී කියා තිබෙනවා.

“දූෂණයට ලක් වූ ශිෂ්‍යාව තමාගේ දියණියක් නම්, තමා ඇය පණ පිටින් පුළුස්සා මරා දමන අතර, සෙසු දෙමව්පියන් ද එවැනි ම දඬුවමක් එවැනි දරුවන්ට දිය යුතු බව ”යි නීතිවේදියා අධිකරණය ඉදිරියේ වැඩි දුරටත් කියා තිබුනා.

"ගස් බැඳගන්න මට පිස්සු නැහැ" මර්වින් සිල්වා විසින් ගස් බැන්ද සමෘද්ධි නිලධාරියා කතා කරයි.

2010 වසරේ ඩෙංගු මර්දන වැඩසටහන කට සහභාගි නොවූයේ යැයි කියමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් සමෘද්ධි නිලධාරියෙකු කැලණිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී ගස් බැඳ දඬුවමකට ලක්කරනු ලැබූ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම සමෘද්ධි නිලධාරියා නමින් මොහොමඩ් ඉර්ෂාද් වන අතර තමන්ට මුහුණ පෑමට සිදුවූ සත්‍ය සිදුවීම සිලොන් ටුඩේ පුවත්පතට හෙළිදරව් කර තිබෙනවා. 

විස්තරය පහතින්.

තමන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කැඳවීමක් ඇති බවට සමෘද්ධි කලමනාකරු විසින් දැනුම් දීමෙන් පසු 2010.08.03වැනි දින එහි ගිය බව කියා සිටින ඔහු එහි සිටි මර්වින් සිල්වා අමාත්‍යවරයා තමාට අපහාස කර පාඩමක් උගන්වන බව කියමින් තම විරෝධය නොතකා තමා ගස් බැඳීමට කටයුතු කළ පවසනවා. 


මෙම සිදුවීමෙන් සමෘද්ධි නිලධාරි වරයෙකු ලෙස වසර 15ක් කළ සේවයද දරු දෙදෙනෙකුගේ පියෙකු වශයෙන් තිබූ ගරුත්වයද විනාශ වී ගිය බව ඔහු කියනවා

දරුවන් අසනීපව සිටි නිසා නිවසේ සිටීමට සිදුවීමෙන් අදාල වැඩසටහනට පැමිණීමට නොහැකි වූ බවත් තමාට දඬුවම් නොකරන ලෙසත් අමාත්‍ය වරයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටි බව ඔහු මතකයට නගනවා

ඔහු ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළ බව කියා සිටින ඉර්ෂාද් තමා වෙනුවෙන් කතා කළ එක් කාන්තාවක් හැරෙන්නට කිසිවෙක් උදව්වට නොපැමිණි බව සඳහන් කරනවා.

දරුවා පාසලට දැමීමට මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලු විදුහල්පතිට සිරකරුවන් වදදුන්නේ මෙහෙමයි

පසුගියදා දරුවකු පාසලට ඇතුළත් කිරීම සඳහා තරුණ මවකගෙන් ලිංගික අල්ල සක්‌ ගැනීමට තැත් කරද්දී අල්ලස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් කොට්‌ටාවේ විදුහල්පතිට කොළඹ බන්ධනාගාර රැඳවියන්ගේ විවිධ හිංසාවලට ලක්‌වීමට සිදුවුනු පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම විදුහල්පති රිමාන්ඩ් සිරකරුවකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ දිනයේ ඔහුට ලබා දුන් ප්‍රථම පිළිගැනීම වී තිබෙන්නේ ලොකු මිරිස් ගුලියක් ඔහුගේ ලිඟුවේ ඇතිල්ලීම බවයි. 

එය සාහසික ක්‍රියාවක් වුවත් සිරගෙවල්වල රිමාන්ඩ් බන්ධනාගාරවල සිදුවන තවත් සිද්ධීන් විමසා බලන විට අධ්‍යාපන බලධාරියාට ලබා දී ඇත්තේ සුළු පිළිගැනීමක් බවයි රිමාන්ඩ් බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

බෙල්ලන්විල විමලරතන මුදල් විශෝදනය කරලා.

ආදායම් බදු වංචාවක්...

රහස් පොලිසිය විසින් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ මුදල් තැන්පතු කරුවන් පිළිබඳව කරන ලද පරීක්ෂණයකට අනුව බෙල්ලන්විල විමලරතන භික්ෂුව විසින් මෙම මුල්‍ය ආයතනයේ රුපියල් මිලියන 200 කට අසන්න මුදලක් තැන්පත් කොට ඇති බවට සොයාගෙන ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නීති උල්ලංඝනය කරමින් මේ සා මුදල් තොගයක් පුද්ගලික මුල්‍ය තැන්පතු ආයතනයක තමන්ගේ නමින් තැන්පත් කිරීම ආදායම් බදු වංචාවක් මෙන්ම ලංකාවේ මුදල් නීති රීති බරපතල ලෙස බිඳ දැමීමකි. 

කිලෝ මීටරයකට රු: 2 යි ‘නිසාන් ලීෆ්’ විදුලි කාරය දැන් ලංකාවේ (වීඩියෝ)

චාජ් කල පසු, කිලෝ මීටර් 160 ක දුරක්...

චාජ් කර ගැනීමට වැය වන්නේ රුපියල් 350 යි...

චාජ් කරන්න යන්නේ 
විනාඩි 15 යි...  

ලොව වැඩිම අලෙවියක් ඇති, ඉන්ධන පිරිමසින, විදුලි බලයෙන් පණගැන්වෙන, දුම් පිටනොකරන පරිසර හිතකාමී, අංක එකේ පවුලේ මෝටර් රථය ලෙස සැලකෙන ‘නිසාන් ලීෆ්’ තව නොබෝ දිනකින් මෙරටට ද පැමිණීමට නියමිතය.

නිසාන් ලීෆ් මෝටර් රථයේ ඇති සුවිශේෂත්වය, එය නිවසේදීම චාජ් (ආරෝපණය) කර ගැනීමට හැකිවීමය. මෝටර් රථයේ බැටරිය සම්පූර්ණයෙන් චාජ් කර ගැනීමට ගත වන්නේ විනාඩි 15 ක් පමණය. ‘නිසාන් ලීෆ්’, අශ්ව බල 107 කින් යුක්තය. ඊට සවි කර ඇත්තේ ලිතියම් අයන් බැටරියකි.

බැටරිය වරක් චාජ් කර ගැනීමට වැය වන්නේ රුපියල් 350 ක් වන අතර ඞීසල් සහ පෙට‍්‍රල් වැනි ඉන්ධන හා සසඳා බැලීමේදී එය ඉතා සහනදායීය. කිලෝ මීටරයක් සඳහා වැය වන්නේ රුපියල් 2 ක් වැනි සුළු මුදලකි. බැටරිය සම්පූර්ණ චාජ් කර ගතවිට, කිලෝ මීටර් 160 ක දුරක් ධාවනය කිරීමට ද හැකියාව ලැබේ.

රාවණා බලය මෝඩ සිංහල ග්‍රාමීය බෞද්ධයන් අන්දයි.

ඕස්ට්‍රේලියානු කැසිනෝ රජෙකු වන ජේම්ස් පැකර් ගේ සූදු සංකීර්ණ හෝටල් ව්‍යාපෘතිය ගැන අවධානය වෙනතකට යොමු කොට මෝඩ සිංහල ග්‍රාමීය බෞද්ධයන් ඇන්දීම සඳහා "සීතා මං ආවා" චිත්‍රපටයට එරෙහිව රාවණ බලය යුධ ප‍්‍රකාශ  කොට තිබේ.

බුදුන් වෙනුවට රාවනා අදහන තලිබාන් නිකායේ කොන්ත්‍රාත්කරුවන් පිරිසක් විසින් ප්‍රවීණ සිනමාකරුවකු වන ජයසේකර අපොන්සු මහතාගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ ‘රිට්ස්’ සිනමා ශාලාවේ දී  පැවැත් වූ ස්ථානයට කඩා වැදී කොට තිබේ.


රාම – රාවණා – සීතා නම් තුන ඉවත් නොකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන්නේ යැයි රාවණා බළකාය පවසයි. එය ගණනකට නොගෙන චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ නම් ඊට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ යැයි ද රාවණා බළකාය තවදුරටත් කියා සිටී.  

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාවණා බලයේ මහලේකම් ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස  ඕස්ට්‍රේලියානු කැසිනෝ රජා වන ජේම්ස් පැකර්ද ගැන මුනිවත රකිමින් කිසිදු පුරා විද්‍යත්මක සාධක නැති ඉන්දියානු සුරංගනා කතා වල එන රාම සීතා රාවණා ගැන මෙසේ කියයි. 

ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියේදී ජිප්සීස් සුනිල් කියන්නට ඇතිදේ ගේ ඇතුළටම ගිහින් කිව්වේ කාටද..?

ආණ්ඩුවට හොඳටම කඬේ යන්නෙ ජැක්සන් විතරද

ජිප්සීස් සුනිල් දශක කිහිපයක් තිස්සේ මේ රටේ සංගීත සහ ප‍්‍රාසාංගි ක කලාව තුළ යම් වෙනස් යමක් කිරීමට උත්සාහ කළ සම්ප‍්‍රදායික නොවන සංගීත කණ්ඩායමක් සහ ගායකයෙකි.

සුනිල් ඔහු ජීවත්වන සමාජයේ දේශපාලනය ආර්ථිකය සහ සංස්කෘතිය සිය ගීතයෙන් කලාවෙන් ඉදිරිපත් කරණු ලබයි. මෙම ගීත විටෙක උපහාසාත්මකය. විටෙක අමුය. විටෙක තිත්තය. 

මේ සියල්ල ඔහු සමාජයීය සාමාජිකයෙකු ලෙස සිට සංගීතය සහ ප‍්‍රසාංගික ඉදිරිපත් කිරීම තුළ සිට ජනතාවට, රසිකයාට සහ රසිකයින් නොවන අයට ද බෙදා දෙයි. පසුගියදා සිදුවූ එවන් සිදුවීමක් නිසා සුනිල් පෙරේරා බොහෝ දෙනෙකුගේ අවදානයට පාත‍්‍රවිය.

ලෝකෙන් උතුම් රට ලංකාව බැවින් සුද්දන්ට ටියුෂන් ගන්න ලංකාවට එන්න කියන්න සුනිල්ට හැකියාව ලැබිණි. ක‍්‍රි
ට් සම්මාන රාත‍්‍රියේදී සුනිල් පැමිණ සිටි කි‍්‍රකට් නිළධාරීන්ටත් ක‍්‍රීඩකයන්ටත් හරි අපූරු දේවල් ප‍්‍රසාංගිකව කියා දැම්මේය.