Ads 468x60px

.

කෙල්ලන් කොල්ලන් රවටා ගාන මරා ගන්නා වාසනා සහ මිල්රෝයි ජෝඩුව මෙන්න...

ජඩ මාධ්‍ය කරුවන්ගේ පිහිටෙන් නිරූපන කලාව උගන්වනවා යැයි කියමින් රටේ අහිංසක තරුණියන් වේස නිරූපිකාවන් කරවමින් පිට රට තරඟ වලට යවනවායි කියමින් ලක්ෂ ගණන් වංචාකරමින් සිටින තක්කඩි ජෝඩුවක් ගැන තොරතුරු අපවෙත වාර්තා වනවා.

මොව්හු නමින් වාසනා දන්තනාරායන සහ රසික මිල්රෝයි වෙති. වාසනා යනු පැන්ෂන් ගිය නිරූපිකාවක් වන අතර මිල්රෝයි යනු උපන් ගෙයි තක්කඩියෙකි. ආර් ඇන්ඩ් වී එන්ටර්ටේන්මන්ට් නමින් ද, වී ඇකඩමි නමින්ද, ආර් ඇන්ඩ් වී කන්ට්‍රක්ෂන් නමින්ද විවිධ තාලේ තක්කඩි ව්‍යාපාර පවත්වාගෙන යති. 


මනාලියන්ට අන්දවන අතරේ වොල්කනයිසින් ද කරනවා සේ එන්ටර් ටේන්මන්ට් කරන අතරේ කන්ට්‍රක්ෂන්ද කරති. ලූනු මිරිස් සමග සීනි බනිස්ද කති. හොඳ මුහුණ පෙන්වමින් වංචාවම කරති.

ඡායාරූපයකට පෙනී ඉන්න ආකාරය, වේදිකාවක ඇවිදින ආකාරය ආදිය උගන්වනවා යැයි කියමින් දැන්වීම් පල කරමින් පළමුවෙන්ම කෙල්ලන් කොල්ලන් රවටා ගාන මරා ගන්නා වාසනා සහ මිල්රෝයි ජෝඩුව පසුව ඔවුන් විදේශ තරඟ වලට යවනවායි කියා මුලා කරති.


බෙස්ට් මොඩල් ඔෆ්ද වර්ල්ඩ්, ද ලූක් ඔෆ් ද ඉයර්, මිස් ටුවරිසම් ක්වීන්, මිසිස් ඒෂියා ඇන්ඩ් මිසිස් ක්ලැසික් ආදී මෙකී නොකී නම් වලින් පිට රටවල මොවුන් වැනිම ව්‍යාජ ජාවාරම්කාරයන් විසින් පවත්වනු ලබන තුට්ටු දෙකේ වැඩ සටහන් සඳහා ලංකාවේ නියෝජිතයන් යැයි හඳුන්වා ගනිමින් ඒවාට ලංකාවේ තරුණ තරුනියන් යවනවා යි පවසා දෙපැත්තෙන්ම මුදල් ගරා ගනිති. 


එම වැඩ සටහන් සඳහා තෝරාගැනීමට තරඟ පැවැත්වීමට කියා විදේශයන් ගෙන් මුදල් ගරා ගන්නා මොව්හු එවැනි තරඟ කිසිවක් නොතබා ව්‍යාජ ඡායාරූප යවා පිටරටින් ගාන කපා ගනිති. 

ඒ අතරේ කවුරුන් හෝ කෙල්ලක් හෝ කොල්ලෙක් මුලා කර 'අපි ඔයාව යවනවා, ඒකට මෙච්චර ගානක් යනවා' කියා එකී තරුණයාගෙන් හෝ තරුණියගෙන් ලක්ෂ ගණන් ගරා ගනිති. 

අවසානයේ 'අනේ පිටරට කට්ටිය ඔයාව උස මදියයි කීවා', 'බඩ වැඩි යයි කීවා' ආදී නා නා ප්‍රකාර බොරු කියා රවටති. ගත් මුදල් යලි ගෙවන්නේ ද නැත. තරඟ වලට යැවූ දෙතුන් දෙනෙක් සිටිති. නමුත් බහුතරයක් දෙනා රවටති.

මොවුන්ගේ තවත් ජාවාරමක් වන්නේ මොවුන්ට රැවටී මොඩ්ල්ස් ලා වීමට දඟලන කොල්ලන් කෙල්ලන් විකුණා ගාන කපා ගැනීමයි. විකිනීම දෙආකාරයකට කරති. 


පසුගියදා මොවුන් විසින් තාජ් හෝටලයේ පැවැත්වූ ෆැෂන් ෂෝ එකකට තරුණ තරුණියන් 24 ක් සහභාගී කළ අතර එක් අයෙක් සඳහා රුපියල් 25000 ක මුදලක් සංවිධායකයන්ගෙන් ලබා ගත්තද සත පහක් කිසිවෙකුට ගෙව්වේ නැත. 

ලක්ෂ 6 ම සාක්කුවේ දමා ගත්හ. ඒ එක් විකිණීමකි. අනෙක් විකිණීම නම් නිවසේ පාටි පවත්වා ඊට ව්‍යාපාරිකයන් ගෙන්වා තරුණියන්ව ඔවුන්ට විකිණීමයි. නැතහොත් තරුනියන්ව අභිසාරිකාවන් කරවීමයි.

තරුණියන්ගේ නිවෙස් වලට පවා ගොස් ඔවුන්ගේ දෙමව්පියන්වද රවටා ගන්නා මොවුන් මේ ජාවාරම ගෙන යන්නේ ජඩමාධ්‍ය කරුවන්ගේද අනුග්‍රහය මතය. ජඩමාධ්‍ය කරුවන්ද මොවුන්ගෙන් ලබා ගන්නා මුදලට මෙම තක්කඩි ජෝඩුවට ප්‍රචාර ලබා දෙමින් මුන්ගේ අවල කෙළියට සහාය දක්වති.

වරක් නුවර පළාතේ ගණින්නාන්සේ කෙනෙක්ද අල්ලාගෙන බොරු ආචාර්ය උපාධි ප්‍රදානය කර හසුවූයේද මෙම ජෝඩුවම ය.



Lankaenews
 
Related Posts with Thumbnails