Ads 468x60px

.

කතරගම දෙවියන් ජීවමාන වන බවට කියූ මංජුල පීරිස්ගේ හතර වරං මෙන්න

ලංකාවේ ලොකුම කෝටිපතියන් එදා ආවා... 

පොල්, පළතුරු සියල්ල ඉවර වුණා... 

හැම දෙනාටම පූජා වට්ටි තියන්න බැරි වුණා...


මිනිසුන්ගේ දුකට සවන් යොමමින් මිනිසුන්ට පිහිටක් ලබාදීමට කතරගම දෙවියන් එවන් විශේෂිත දිනයක ජීවමාන තත්ත්වයේ මිනිසුන් සමඟ සිටිනවා කියන එක ජ්‍යෝතිෂ්‍යානුකූලව මා ප‍්‍රකාශ කළේ සත්‍ය පදනම්වයි.

ඒ දින උදේ සහ රාති‍්‍ර ඒ හෝරාවේදී පහනක් දල්වා යමක් ප‍්‍රාර්ථනා කළ විට දේව ආශිර්වාදය හිමිවන බව අපේ විශ්වාසයයි. දෙවියන්ගේ පිහිට ලැබී දුක් කරදරවලට සහනයක් ලැබෙන බවයි අපේ විශ්වාසය.

සෑම වසරකම මම ඒ දිනය ගැන ප‍්‍රකාශ කළා. ජ්‍යෝතිෂවේදියකු ලෙස මා ගැන විශ්වාසය මේ වෙද්දී ජනතාව අතර ප‍්‍රචලිත නිසා මගේ ඒ ප‍්‍රකාශයත් සමග මෙරට විශාල පිරිසක් පැමිණියා. ලක්‍ෂ 10ක් ඉක්මවූ ජනතාවක් පැමිණියේ ඒ අනුවයි.

බලංගොඩ ආනන්ද මෛත‍්‍රය හිමි සඳහන් කර තිබෙනවා කතරගමදී ගිනි මැලය තරණය කර යන පඬුපැහැ ඇඳුමෙන් සැරසුන රුවක්. උන් වහන්සේ ඒ ගැන කපු මහතාගෙන් විමසද්දී කපු මහතා කියා තිබෙනවා ඔබ වහන්සේ ඒ දැක ඇත්තේ කතරගම දෙවියන් කියා. 

ඒ වගේ පින්වතුන්ට ශීලය ආරක්‍ෂා කරන්නන්ට කතරගම දෙවියන් දෘශ්‍යමාන වෙනවා. එය සත්‍යයක්. එතරම් සුවිසල් ජන ගඟක් කතරම දේවාල පුදබිමට ගැලූ දිනක් එදා මෙදා තුර කතරගම් දේවාල ඉතිහාසය පුරාම නොතිබුණේ යැයි කීවොත් එය සත්‍යයකි. ඒ ඉකුත් අඟහරුවාදාවයි. 

කතරගම දෙවියන් ජීවමාන තත්ත්වයෙන් හිඳිමින් එදින මිනිසුන්ගේ දුකට සවන් දෙන මිනිසුන් වෙත ආකර්ෂණය වෙන බව, පිහිට සලසන බව ජ්‍යෝතිෂවේදී මංජුල පීරිස් මහතා ප‍්‍රකාශ කිරීමත් සමග නික්ම ගිය කුජ දින කතරගම පූජා භූමියට වැඩිම ජන සන්නිපාතයක් ගලා ආ දිනය ලෙස කතරගම දේවාල ඉතිහාසයට එක්විය.

සර්වනාමික දෙවියකු ලෙස ලොව පූජිත කතරගම දෙවියන් පිළිබඳ ඒ පුරාවත සමගින්ම ඉකුත් කුජ දින කතරගම දෙවියන් ජීවමාන තත්ත්වයේ පෙනී සිටි ආකාරය ද කතරගම හූනියම් දේවාලයේ ප‍්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන කේ.ඞී. දේවපි‍්‍රය මහතා මෙසේ පැවසුවේය.

ඕලන්ද යුගයේ දී 1617 වර්ෂයේ  ඕලන්ද කාරයන්ගේ කෙනහිලිකම් නිසාම කතරගම පෙරහර පවත්වන්න නොහැකි වෙද්දී ආලෝක කදම්බයක් විහිදුවමින් පෙනී සිටි කතරගම දෙවියන් සතර දිග් භාගයෙන් ජනතාව පැමිණෙන බව කියමින් පෙරහර පැවැත්වීමට ආර්ශිවාද කර තිබෙනවා. මේ වෙද්දී වසර 2242ක් මෙම පෙරහර පවත්වා තිබෙනවා. මෙය පෙරහර ඉතිහාසයේ පැරණිම පෙරහරක්.

දෙවියන් විශේෂයෙන් මේ මහපොළොවට දිවැස් හෙළන ශුභ මුහුර්ත තිබෙනවා. අඟහරුවාදා දින කියන්නේ කතරගම දෙවියන්ගේ දවස. ජ්‍යෝතිෂවේදියකු ප‍්‍රකාශ කළා ඉකුත් කුජ දින කතරගම දෙවියන් ජීවමාන තත්ත්වයෙන් ඉන්නවා කියලා.

ඒ ජීවමාන තත්ත්වය කියන්නේ කතරගම දෙවියන් ඒ ස්වරූපයෙන් පෙනී සිටීමම නොවෙයි. වෙනත් ආකාරවලින් පෙනී සිටිමින් කතරගම දෙවියන් මිනිසුන්ට පිහිට වූ බොහෝ අවස්ථා තිබෙනවා. කැලේ අතරමං වූ අයට පාර පෙන්නා එක්වර අතුරුදන් වෙනවා. 

වරක් දේවාලයට ආ කෙනෙකුට අසනීපයක් නිසා දේවාල පරිශ‍්‍රයට එන්න බැරි වුණාම කෙනෙක් එයාට බෙහෙතක් දී අතුරුදන් වුණා. අන්න ඒ ආකාරවලින් තමා කතරගම දෙවියන් පෙනී ඉන්නේ.

මම වසර 44ක් කතරගම මේ දේවාල භූමියේ ඉන්නවා. ඒ ඉතිහාසයේ මේ තරම් සෙනඟක් කවදාවත් කතරගම ආවේ නෑ. ලක්‍ෂ 10ක විතර සෙනඟ ආවා. ඊට පෙර දින සිටයි ජනතාව පෝලිමේ සිටියේ. ලංකාවේ සිටින බලවත් කෝටිපතියන් එදා ආවා.

වාහල්කඩ දෙකේ දොරටු තුනම විවර කළත් ඒ මුළු ඉඩම ඇහිරුනා. පූජා වට්ටිවලට ගෙනාවේ ඉස්තරම්ම පළතුරු. කතරගම පළතුරු කඩවල සියලූ පළතුරු එදා ඉවර වුණා. බත් කඩවලට තේ කඩවලට ලොකු වෙළඳාමක් තිබුණා. පොල් ගෙඩි සියල්ල ඉවර වුණා. 

දුප්පත් මිනිසුන්ගේ අතමිට සරු වුණා. ප‍්‍රශ්නවලින් පීඩා විඳි ජනතාව ලොකු සහනයක් ලැබුවා. හැම කෙනකුටම දේවාල භූමියට එන්න පූජා වට්ටි තියන්න ලැබුණේ නෑ. ඒ තරම් සෙනඟක් ආවා. ඒ තමයි දෙවියන්ගේ ශක්තිය. දෙවියන් පිහිට වූ ආකාරය. දෙවියන් ජීවමාන තත්ත්වයෙන් හිඳීම.

ඒ කතරගම දේවාල පුදබිම එකම මිනිස් හිස් ගොඩකින් වැසී ගිය ඓතිහාසික දිනය පිළිබඳ දේවපි‍්‍රය කපු මහතා කළ සඳහන් කිරීමයි.

ඒ දිනය ගැන සටහන් තබන්නට පෙර කතරගම සහ කතරගම දේවාලය පිළිබඳ පුරාවත සැකෙවින් සටහන් කර තැබීම සුදුසු යැයි හැඟේ.

බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනය සිදුවන සමයේ දී මහාසේන නමින් රජෙක් මේ දිවයිනෙහි සිටියේය. ඒ රජු තම ශරීර සෞම්‍යයේ හිත සුව පිණිස කීරි වනය නම් වනයට ඇවිද යාම පුරුද්දක් කරගෙන තිබුණි. 

එසේ ඇවිදීමට යද්දී රජු බුදුන්වහන්සේ දැක වැඳ නමස්කාර කළේය. රජුට බුදුන්වහන්සේගෙන් කේශධාතුන් වහන්සේ මිටක් ලැබුණි. කිරිවෙහෙර තැනුනේ ඒ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමෙනි.

ඉන්දියාවේ සුර-අසුර යුද්ධය ඇතිවෙද්දී මේ රජු මිය ගොසිනි. සුරයන් මේ යුද්ධයේ දී පැරදීගෙන එද්දී විෂ්ණු දෙවියන් විසින් හය දෙනකුගේ ශක්තිය ඇති දෙවි කෙනෙක් නිර්මාණය කරන ලදී. 

ඒ දෙවියන්ට ආත්මය දෙන්නේ මහාසේන රජු විසිනි. මේ රජු සයදෙනකුගේ ශක්තිය ඇතුව ඕපපාතිකව පහළ වූයේය. මුරුගන් ස්කන්ධ කුමාර් නම්වලින් හැඳින්වූයේ මේ දෙවියන්ය. සෙල්ල කතරගම ප‍්‍රදේශයේ වල්ලි දෙවඟන ද පහළ විය.

දිනක් භාවනානුයෝගීව වැඩ වසන තාපසවරයකුට සුමධුර ලෙස ගීතයක් ගයන වල්ලි දෙවඟනගේ ගීතවත් හඬ ඇසුණි. තවුසාගේ මතකයට පැමිණියේ ස්කන්ධ කුමාරය. සෙල්ල කතරගම රුවැති දෙවඟනක් ඉන්නවා කුමරුනි. ඔබ අද දකින්නට යාම සුදසුයි.

ස්කන්ධ කුමාර ඇය බලන්නට පැමිණෙන්නේද ඒ අනුවය. කතරගම දෙවියන්ගේ පාද පරිචාරිකාව වන්නේ ඇයය.

ඒ යුගය වෙද්දී එළාර - දුටුගැමුණු යුද්ධය ඇතිව තිබුණි. වැඩිහිටි කන්දේ සිට ස්කන්ධ කුමාරය පැමිණෙමින් සිටියේය. දුටුගැමුණු රජු මේ මොහොතේ තම යුද සෙබළුන්ට ගැල් බඩු ලිහා ආහාර ගෙන සත්වයින්ට ද ආහාර දී ලෑස්ති වී සිටින මෙන් පවසයි.

මා බෝධියට බාරවී එන්නෙමි කියා අෂ්ඨඵල බෝධින් වහන්සේ නමක් රෝපණය කර තිබූ කිරිවෙහෙර වෙත යමින් සිටියේය. ස්කන්ධ කුමරු සෙබළ සේනාව දැක මේ ගැල්වල ඇත්තේ මොනවාදැයි ඇසුවේය.

උඳු යැයි ඔවුහු පිළිතුරු දුන්හ. ඔවුන් කීවේ මුසාවකි. ඒ මේ තැනැත්තා තමන්ගෙන් ආහාර ඉල්ලා සිටී යැයි සිතූ හෙයිනි. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. ලිහින ලිහින මල්ලේ ඇති සියල්ල උඳු බවට පත් වූයේය. ඇයි ඔබලා කනගාටුව බලා සිටින්නේ. පෙරළා පැමිණෙන දුටුගැමුණු රජු සෙබළුන්ගෙන් විමසුවේය.

අර මනුස්සයා අපෙන් ඇහුවා මේ ගැල්වල මොනවද තියෙන්නේ කියලා අපි බොරුවට උඳු කීවා. දැන් මෙහි ඇති සියල්ල උඳු බවට පත්වෙලා.
ඒ ඇසූ රජු ඒ පුද්ගලයා වෙතට දුව ගියේය. එවිට ගඟේ වතුර වැඩි වන්නට විය. ඒ පුද්ගලයා ජීවමාන තොටුපොළ නමින් හැඳින්වූ අද දිය කපන ස්ථානයේ සිටියේය.

එදින පුදබිමට ආ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් කොටසක් ඔබ මට ආශිර්වාද කළ මැනව... ආශිර්වාද ලබන්නට ඔබ ළඟට ඒමට දෙනු මැනව රජු ඉල්ලා සිටියේය. රජුනි නිසි කලට වැසි ලැබෙන්න වස් දොස් දුරුවන්න යනුවෙන් ප‍්‍රාර්ථනා කර ඔබ අසිපතින් දියකඳ දෙබෑ කරන්න. ස්කන්ධ කුමාර පැවසුවේය.

ලෝකයේ මුල්ම දියකැපිල්ල සිදුවූයේ එදිනය. දිය කඳ දෙබෑවෙද්දී තැනුණු පාර දිගේ රජු ස්කන්ධ කුමාර වෙත ගොස් ආශිර්වාද ලද්දේය.

මා යුද්ධය දිනුවොත් මාලිගාවක් තනා දෙමියි රජු භාර වූයේය. යුද්ධය දිනූ රජු කතරගම දෙවියන් මුණ ගැසෙන්නට පැමිණියේය. මා දේවාලය තැනිය යුත්තේ කොතැන ද දෙවියනි රජු විමසුවේය.

වැඩිහිටි කන්දේ වැඩ සිටි දෙවිඳු ඊතලයක් විද පෙන්වූ තැන රජු දේවාලය ඉදිකර එහි පෙරහර පවත්වාගෙන යාමටත් නඩත්තුවටත් ඉඩම් හා කුඹුරු අක්කර අනූ දහසක් ද පූජා කළේය. 


සැප්තැම්බර් 17 පේන්න එනවා කිවූ මංජුල පීරිස්ගේ කතරගම දෙවියො කෝ..?
සැප්තැම්බර් 17 කතරගම දෙවියො පේන්න එනවා කියලා කියන කතාව ඇත්තක්ද?
 
Related Posts with Thumbnails