Ads 468x60px

.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිදුවූ ලිංගික අතවරය සම්බන්ධයෙන් ශිෂ්‍යාව විසින් යැවූ ලිපිය..!

අඳූරු කාමරයකට අරන් ගිහින්  බිම දිගා වන්නැයි කියා පසුව නිරුවත්ව සිටි ශිෂ්‍යන් සම්බාහනය කරන්නැයි කිව්වා...
 
කොළඹ විශ්ව විද්‍යාලයේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේදී නවක වදය මුවාවෙන් තමන්ට සිදුවූ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත නිර්ණාමික ලිපියක් පසුගියදා යොමු කර තිබුනා.

කන සහ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශ නිතර නිතර කැසීම ජංගම දුරකථන මායිටාවන්ගෙන් දැයි සැකයක්...

අසාත්මිකතා හටගෙන ඇත්තේ මයිටාව හේතුවෙන්ද...?

ජංගම දුරකථනවල සිටින දුවිලි මයිටාවන් පිලිබදව පුළුල් පර්යේෂණ...


ජංගම දුරකථන භාවිතා කරන පුද්ගලයින් අතර විවිධ අසාත්මිකතා හටගෙන ඇති බවට තොරතුරු හෙළි වීමත් සමඟ ජංගම දුරකථනවල සිටින දුවිලි මයිටාවන් පිලිබදව පර්යේෂණ පුළුල් කර ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කරයි.

දියවඩන නිලමේට ලක්ෂ 2500 වන්දි මුදලක්...

රත‍්‍රං බුදු පිළිම කිහිපයක් අතුරුදන් වී ඇති බව නිලමේවරයාට තිබුණු චෝදනාවයි...

මහනුවර ශී‍්‍ර දළඳා මාලිගාවේ දියවඩන නිලමේ  ප‍්‍රදීප් නිලංග දෑල  මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් ලක්ෂ 2500 මුදලක් ගෙවන ලෙස ජාතික සම්පත් සුරැකීමේ සංවිධානය වෙත කොළඹ දිසා අධිකරණය අද (15) නියෝග කළේය.

කොළඹ සෙලවේ, බියවිය යුතු නෑ, මේ 11 වන පිපිරීමයි...

භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශය කියයි... 

අද උදෑසන කොළඹ වරාය ආසන්නයේ යම් භූකම්පන තත්වයක් ඇතිවූයේ වරාය ගැඹුරු කිරීම වෙනුවෙන් දියයට සිදුකරන පිපිරීම් නිසා බව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද කියයි. 

ග්ලැන්කන් වතුයායේ සිටින ඉන්දීය කම්කරුවන් කාන්තාවක් දුෂණය කරන්න හදලා...

බේරෙන්න දුවනකොට ඇදගෙන වැටිලා...
තාමත් ඇය සිහිනැතිලු...

හැටන් දික්ඔය ග්ලැන්කන් වතුයායේ රෝහලක් ඉදිකිරීමට පැමිණ සිටින ඉන්දීය කම්කරුවන් පිරිසකගේ බලහත්කාරකමකින් බේරීම සඳහා දිවගිය කාන්තාවක ඇදවැටීමෙන් හිසට බරපතළ තුවාල සිදු වී මේ වනවිට පේරාදෙණිය රෝහලේ අසාධ්‍ය තත්වයේ පසුවේ. මේ වනවිටත් ඇය සිහිසුන්ව සිටින බවද වාර්තා වේ.

High Voltage සංදර්ශනයට කෙවින් ලිට්ල්, රුපී සහ ලුමිඩී ජුනි 29 ලංකාවට...

සංවිධානය කරනු ලබන්නේ AKG Events ආයතනයලු...

ලොව ප්‍රකට රෙගේ ගායකයකු වන කෙවින් ලිට්ල්, රුපී සහ ලුමිඩී ගේ සංගීත සංදර්ශනයක් ජුනි 29 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

උදිත් නාරායන් මෙරටට පැමිණි අවස්ථාවේ ගත් ජායාරූප...

උදිත් නාරයන් ගේ සහභාගීත්වයෙන් කොළඹදී දැවැන්ත සංගීත ප‍්‍රසංගයක්

යනුවෙන් අප පෙර ඉදිරිපත් කල පුවතට අනුව ලොව පුරා රසික රසිකාවියන් අමන්දානන්දනයට පත් කළ සුපිරි බොලිවුඞ් ගායක උදිත් නාරායන් අද (15) අලූයම දිවයිනට පැමිණියේය.

සිරස ටී.වී. 14වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන සංගීත රාත‍්‍රීයට සහභාගිවීම සදහා ඔහු මෙරටට පැමිණ සිටී.

ගිණි කෙළි සහ ගිණි අවි, අනාගතයේ ගිණි පොලූ සහ මළ කෙළි බවට...

ගිණි කෙළි හා ගිණි අවි ටෙලියේ රගපෑම නළු නිලියන් ප‍්‍රතික්ෂේප කරලා...

අනුර හොරේෂස්ගේ ගිණි කෙළි සහ ගිණි අවි කතා වස්තුව ටෙලිකට නැගීමට සුදානමක් ඇතැයි වාර්තා වේ. ටෙලිය අධ්‍යක්‍ෂණය කිරීමට සැරසෙන්නේ සාරංග මෙන්ඩිස් බවද පැවසේ.

වසර දෙක හමාරකට පසු ෆොන්සේකාගේ ප්‍රථම මාධ්‍ය හමුව...

අද කාණුවක බැහැලා. මඩ නාගෙන ඉඳලා හෙට යුනිෆෝම් එක ඇඳලා ජනතාවට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අණක් දෙන්න පුළුවන්ද...?
 
සිරෙන් නිදහස් වූ සරත් ෆොන්සේකා මහතා  ඊයේ (14) ප්‍රථම වරට කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදු කරනු ලැබුවා.
මාධ්‍යවේදීන් මුණ ගැසෙන්නේ වසර දෙක හමාරකට පසු බවත් තමා ගත කළ දුෂ්කර ජීවිතය පිළිබඳව තමාට වඩා හොඳින් මාධ්‍යවේදීන් හා රටේ ජනතාව දැනගෙන සිටි බවද ඒ මහතා සදහන් කළා. 

ජෝති අයියා වෙනුවෙන් මම හැමදාම පහනක්‌ පත්තු කරනවා - පොඩි ජෝති කියයි...

ජෝති මල්ටිමීඩියා ක්‍රියේෂන්ස්‌ ළඟදීම...
අවුරුදු දෙකහාමාරකට කලින් මම අන්තිමට ලංකාවට ආවේ...

නෙදර්ලන්තයේ ජීවත් වන ජෝති අනුගාමික ශ්‍රී ලාංකික ගායකයකු වන තුඩාඩ් ජොල්ඩර්ස්‌මා (පොඩි ජෝති) ජෝතිමත් ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ 25 වැනි අනුස්‌මරණය නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රසංග සහ වැඩසටහන්වලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.