Ads 468x60px

.

දියවඩන නිලමේට ලක්ෂ 2500 වන්දි මුදලක්...

රත‍්‍රං බුදු පිළිම කිහිපයක් අතුරුදන් වී ඇති බව නිලමේවරයාට තිබුණු චෝදනාවයි...

මහනුවර ශී‍්‍ර දළඳා මාලිගාවේ දියවඩන නිලමේ  ප‍්‍රදීප් නිලංග දෑල  මහතාට අපහාස කිරීම සම්බන්ධයෙන් ලක්ෂ 2500 මුදලක් ගෙවන ලෙස ජාතික සම්පත් සුරැකීමේ සංවිධානය වෙත කොළඹ දිසා අධිකරණය අද (15) නියෝග කළේය.


දියවඩන නිලමේවරයා විසින් අධිකරණය හමුවේ පනවා තිබූ අපහාස නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්, ප‍්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා මෙම නියෝගය නිකුත් කළේය.දළදා මාලිගාවේ තිබූ රත‍්‍රං බුදු පිළිම කිහිපයක් අතුරුදන් වී ඇති බව පවසමින් ජාතික සම්පත් සුරැකීමේ සංවිධානය පසුගිය කාලයේදි දියවඩන නිලමේවරයාට චෝදනා එල්ල කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබිය.එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළේ, දළදා මාලිගාවේ තිබූ රත‍්‍රං බුදු පිළිම කිසිවක් අතුරදන් වී නොමැති බවත්, එය අසත්‍ය ප‍්‍රචාරයක් බවත් ය.

අදාළ අසත්‍ය ප‍්‍රචාරය සම්බන්ධයෙන් ජාතික සම්පත් සුරැකීමේ සංවිධානයෙන් වන්දි මුදලක් ලබාගත හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව ප‍්‍රදීප් නිලංග දෑල  මහතා විසින් තමාගේ කීර්තිනාමයට හානි වීම එරෙහිව රු. මිලියන 500ක් වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබු අතර,  නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරුවරුන් කියා සිටියේ, 

'දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතාට සිදු වූ අපහාසය හේතුවෙන් ඔහුට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ජාතික සම්පත් සුරැකීමේ සංවිධානයට නියෝග කරන බවයි'

මෙය බුද්ධ ශාසනයට කරන නිග‍්‍රහයන්ට එරෙහිව ලැබූ ජයග‍්‍රහණයක් බව  දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා ප‍්‍රකාශ කළේය.
 
Related Posts with Thumbnails