Ads 468x60px

.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිදුවූ ලිංගික අතවරය සම්බන්ධයෙන් ශිෂ්‍යාව විසින් යැවූ ලිපිය..!

අඳූරු කාමරයකට අරන් ගිහින්  බිම දිගා වන්නැයි කියා පසුව නිරුවත්ව සිටි ශිෂ්‍යන් සම්බාහනය කරන්නැයි කිව්වා...
 
කොළඹ විශ්ව විද්‍යාලයේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේදී නවක වදය මුවාවෙන් තමන්ට සිදුවූ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත නිර්ණාමික ලිපියක් පසුගියදා යොමු කර තිබුනා.
 
මහත් ආන්දෝලනයට තුඩු දුන් එම ලිපියෙන් කියවුනේ නවක ශිෂ්‍යාවන් පිරිසක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන් විසින් අඳූරු කාමරයකට රැගෙන ගිය බවත් එම ශිෂ්‍යාවන්ට බිම දිගා වන්නැයි අණ කර පසුව නිරුවත්ව සිටි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන් සම්බාහනය කරන්නැයිද අණ කෙරුණු බව එම ලිපියෙන් කියවෙනවා.
 
එම ලිපිය අප මේ සමග ඉදිරිපත් කර තිබෙන අතර ලිපිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි උප කුලපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ප‍්‍රකාශ කළේ එම නිර්ණාමික ලිපියේ ඇති කරුණු සියල්ල පදනම් විරහිත බවයි.එසේම මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය තුල අභ්‍යන්තර පරීක්ෂණයක් නොපවත්වන බවත් ඇය තව දුරටත් කියා සිටියා.
 
ශ‍්‍රාස්ත‍්‍ර පීඨ ශිෂ්‍යාව විසින් එවන ලද ලිපියේ නමක් සඳහන් නොවන හෙයින් අත් අකුරු පරික්ෂාව ඇතුළුව අනෙකුත් විමර්ශන කටයුතු සියල්ල සිදු කිරීම සඳහා එම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවත් උපකුලපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය කියා සිටියා.
මේ අතර නවකවදය සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් නිර්ණාමිකව නොව අනන්‍යතාව හෙළි කරමින් ඒ බව දැනුම්දෙන ලෙසයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ශිෂ්‍යන්ගෙන් සහ ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටින්නේ. 
 
එවැනි පැමිණිලි දැනුම් දිය යුත්තේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට නොව අදාළ විශ්වවිද්‍යාලයේ පරිපාලකයන්ට බවද එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පවසනවා. එහෙත්, තමන් වෙතද එවැනි පැමිණිලි නිර්ණාමික ලිපි, විද්‍යුත් තැපෑල් හෝ දුරකතන මඟින් ලැබුණු බවයි ඒ මහතා පැවසුවේ. තමන්ට කළ හැකි එකම දේ ඒවා අදාළ විශ්ව විද්‍යාලයේ පරිපාලකයන්ට යොමු කිරීම බවද ඒ මහතා පැවසුවා. 




කොළඹ විශ්ව විද්‍යාලයේ නවක සිසුවියන් ලවා ජේෂ්ඨ සිසුවන් සම්භාහනය කරගෙන
පසුගිය කාලයේ නිකුත් වූ නවක වද වීඩියෝව නිර්මාණය කරන ලද්දක් දැයි සැකයක්...
නවක වද කථිකාව තව දුරටත්...
 
Related Posts with Thumbnails