Ads 468x60px

.

දෝහාවල තුවාල ලැබූ ගුවන් සේවිකාව හෝකන්දර ගුවන් අනතුරින් මියගිය නියමුවාගේ බිරිඳයි


දෝහා රාජ්‍යයේ සිදු වූ රිය අනතුරෙන් තුවාල ලැබුවන් අතර හෝකන්දර ගුවන් අනතුරින් මියගිය ගුවන් නියමුවාගේ බිරිදද සිටින බව පැවසෙනවා. ඇය නියෝමි අලුත්ගමගේ නමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති දියණියකි.

මෙම අනතුරින් එක්  ගුවන් සේවිකාවක් මිය ගොස් තිබෙනවා. මොවුන් අනතුරට ලක්ව තිබෙන්නේ සිය ගුවන් යානයේ තවත් සේවකයින්

දෙදෙනෙකු සමග ජීප් රථයකින් ගමන් කරමින් සිටියදීයි.

අදාළ අනෙක් සේවකයින් දෙදෙනා ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මොවුන් සියලූ දෙනා යූ.එල්. 218 දරන ගුවන් යානයේ සේවය කළ අයයි.


 

දෝහා ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් මරුට 

දෝහා රාජ්‍යයේ සිදු වූ රිය අනතුරකින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවිකාවක් මියගොස් තිබෙනවා. අමේන්ද්‍රා ඩී කාවෝ වන ඇය මෙම අනතුරට ලක්ව තිබෙන්නේ සිය ගුවන් යානයේ තවත් ගුවන් සේවිකාවක් සහ සේවකයින් දෙදෙනෙකු සමග ජීප් රථයකින් ගමන් කරමින් සිටියදීයි.

අදාළ අනෙක් ගුවන් සේවිකාව සහ සේවකයින් දෙදෙනා ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. සේවකයින් දෙදෙනා මූලික ප‍්‍රතිකාර වලින් පසු රෝහලෙන් පිටව ගොස් ඇති බවයි ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ. 


කෙසේවෙතත් තුවාල ලැබූ ගුවන් සේවිකාව තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. මොවුන් සියලූ දෙනා යූ.එල්. 218 දරන ගුවන් යානයේ සේවය කළ අයයි. අදාළ ගුවන් යානය දෝහා හි සිට කටුනායක දක්වා ඊයේ රාත‍්‍රී පියාසර කිරීමට නියමිතව තිබුණා.  




මෙම ගුවන් සේවිකාව මියගොස් ඇත්තේ කාන්තාර සවාරියක් අතරතුර ජීප් රථයක් පෙරලීම හේතුවෙන් බවද පැවසේ. අනතුර සිදුවන අවස්ථාවේ අදාල ජීප් රථයේ 6 දෙනෙකු ගමන්කර ඇති අතර මියගිය ගුවන් සේවිකාව ගේ වයස අවුරුදු 20කි. මේ පිරිස අදාල සවාරිය ගොස් ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රහසේ බවද පැවසේ.
 
Related Posts with Thumbnails