Ads 468x60px

.

දමිතාට විතරක් නෙමේ රන්.එෆ්. එම් එකටත් නඩු දානවා - සේමිණී කියයි

සේමිණී නඩු දැම්මත් උසාවි ආවේ නැත්තේ ඇයි...

ජනප‍්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ සහ ජනප‍්‍රිය නිළි දමිතා අබේරත්න අතර වූ අර්බුදය දිග්ගැසීම මේ වනවිට නතරව තිබෙන්නේ නීතිය හමුවට යාමෙනි.
දමිතා අබේරත්න විසින්, සේමිනී ඉද්දමල්ගොඩ ට  රන්. එෆ්. එම් නාලිකාවෙන් අපහාසාත්මකව කළ  ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් හේතුවෙන්  සේමිණී ඉද්දමල්ගොඩ විසින් තමාට අපහාසයක් සිදුව ඇතැයි යන කාරණය පදනම් කරගෙන තමාට ඉන් සිදුවූ හානියට දමිතා අබේරත්නගෙන් වන්දි ඉල්ලා දමිතාට එරෙහිව පැමිණිලි කර තිබූ පැමිණිල්ල ජූලි මස 02වන දින අලූත්කඬේ උසාවියේදී විභාග කිරීම ආරම්භ වුණා.

ගොඩබිමේත් ජලයේත් ගමන් කරන, තත්පර 15න් බෝට්ටුවක් වෙන අපූරු පැන්තර් ජීප් එක.

ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ වෝටර් කාර් නම් සමාගමක් විසින් ගොඩබිමේත් ජලයේත් ගමන් කළ හැකි අපූරු ජීප් රථයක් නිෂ්පාදනය කර ඇතැයි වාර්තා වෙනවා.

පැන්තර් ලෙස නම් කර ඇති මෙම රථය, ජීප් රථය සිට බෝට්ටුවක් බවට පරිවර්තනය වීමට ගතවන්නේ තත්පර 15ක කාලයක් බව එම සමාගම කියා සිටි
නවා. පැයට සැතපුම් 45ක වේගයෙන් ජලයේ ගමන් කළ හැකි මෙම රථය ගොඩබිමේදී පැයට සැතපුම් 80කට වැඩි වේගයෙන් ගමන් කරන්නට පුළුවන්.

වෝටර් කාර් හවුල්කරුවෙකු වන ෆ්‍රෙඩ් සෙල්බි විසින් මෙම රථය පසුගිය 11 වසර පුරාවටම වැඩිදියුණු කර තිබෙනවා. මෙම අපූරු රථය අනුවාද කිහිපයකින් වෙළඳපොලට නිකුත් වන අතර, එහි මිල පවුම් 49,800 - සිට පවුම් 89,000 බව විදෙස් වාර්තා පවසනවා.


එහි පින්තුර කිහිපයක් පහතින්

රුසියාවේ අහසේ පෑයූ දේදුන්නක සුදු පැහැති බස් රථයක් වැනි හතරැස් වස්තුව කුමක්ද..?

රුසියාවේ Stavropol නගරයේ නිවසක ජනේලයකින් ගත් අහසේ පෑයූ දේදුන්නක ජායාරූප කිහිපයක හඳුනා නොගත් වස්තුවක් සටහන්ව තිබෙන පුවතක් පසුගියදා රුසියාවේ Russia24TV (Россия) රූපවාහිනී නාලිකාව විසින් විකාශය කර තිබුණා. 

විවිධ ආනති මඟින් ලබාගත් එම දේදුන්නේ ජායාරූප 7ක් පමණ සුදු පැහැති බස් රථයක් වැනි එම හතරැස් වස්තුව අහසේ එකම ස්ථානයක තිබෙන පරිදි සටහන්ව තිබුණා.

ගුවන්යානයේ දොර අරින්න තරම් මම මීහරකෙක්‌ නෙවි, මං නින්දෙන් ඇවිදිනවා - රමිත් කියයි

මම බීලා සිටියානම් මම තාමත් එහේ...

"කුඩා අවදියේදීත් මම නින්දෙන් ඇවිද තිබෙනවා. ගුවන් යානයේ දොර විවෘත කිරීමට ගියේ නින්දෙන් මිසක්‌ බීමතින් නොවේ" යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල ඊයේ (3දා) ජංගම දුරකතන යෙන් අප වෙත කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

මෙම සිද්ධිය පිළිබඳ මගෙන් ප්‍රශ්න කරන්නේ ඇයි කියලා මට තේරුම් ගියේ පස්‌සේ... ඊට කලින් දවසේ අපි හොඳටම නිදිවරලා හිටියේ. අනික ගුවන්යානයේ දොර විවෘත කරන්න තරම් මීහරකෙක්‌ නෙමේ.