Ads 468x60px

.

දමිතාට විතරක් නෙමේ රන්.එෆ්. එම් එකටත් නඩු දානවා - සේමිණී කියයි

සේමිණී නඩු දැම්මත් උසාවි ආවේ නැත්තේ ඇයි...

ජනප‍්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ සහ ජනප‍්‍රිය නිළි දමිතා අබේරත්න අතර වූ අර්බුදය දිග්ගැසීම මේ වනවිට නතරව තිබෙන්නේ නීතිය හමුවට යාමෙනි.
දමිතා අබේරත්න විසින්, සේමිනී ඉද්දමල්ගොඩ ට  රන්. එෆ්. එම් නාලිකාවෙන් අපහාසාත්මකව කළ  ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් හේතුවෙන්  සේමිණී ඉද්දමල්ගොඩ විසින් තමාට අපහාසයක් සිදුව ඇතැයි යන කාරණය පදනම් කරගෙන තමාට ඉන් සිදුවූ හානියට දමිතා අබේරත්නගෙන් වන්දි ඉල්ලා දමිතාට එරෙහිව පැමිණිලි කර තිබූ පැමිණිල්ල ජූලි මස 02වන දින අලූත්කඬේ උසාවියේදී විභාග කිරීම ආරම්භ වුණා.

මේ සඳහා දමිතා අබේරත්න උසාවියට පැමිණ සිටියත් සේමිණී පැමිණ සිටිනු දක්නට නොලැබුණ බව අප වෙතට වාර්ථා වුණා. මෙය ආරම්භක දිනය වූ බැවින් මේ සඳහා පැමිණිල්ල සහභාගීවීම අත්‍යාවශ්‍ය නොවේ.

සේමිණී වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටින අතර, දමිතාගේ නීතිඥවරයා වන්නේ ජේ්‍යෂ්ඨ නීතිඥ නෙවිල් අබේරත්නයි.

මෙය නැවත විභාග කිරීම ඔක්තෝබර් 29 දිනට දින නියම වුණා. සේමිණී  විසින් දමිතා තමාට කරන ලද අපහාසාත්මක ප‍්‍රකාශයන් විකාශය කරණ ලද රන්.එෆ්. එම් ගුවන් විදුලි ආයතනයට විරුද්ධවද නඩු පැවරීම සඳහා සිය නීතිඥවරුන්ට උපදෙස් දී ඇති බවද අප වෙත දැනගන්නට ලැබුණා.
 
Related Posts with Thumbnails