Ads 468x60px

.

ගොඩබිමේත් ජලයේත් ගමන් කරන, තත්පර 15න් බෝට්ටුවක් වෙන අපූරු පැන්තර් ජීප් එක.

ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ වෝටර් කාර් නම් සමාගමක් විසින් ගොඩබිමේත් ජලයේත් ගමන් කළ හැකි අපූරු ජීප් රථයක් නිෂ්පාදනය කර ඇතැයි වාර්තා වෙනවා.

පැන්තර් ලෙස නම් කර ඇති මෙම රථය, ජීප් රථය සිට බෝට්ටුවක් බවට පරිවර්තනය වීමට ගතවන්නේ තත්පර 15ක කාලයක් බව එම සමාගම කියා සිටි
නවා. පැයට සැතපුම් 45ක වේගයෙන් ජලයේ ගමන් කළ හැකි මෙම රථය ගොඩබිමේදී පැයට සැතපුම් 80කට වැඩි වේගයෙන් ගමන් කරන්නට පුළුවන්.

වෝටර් කාර් හවුල්කරුවෙකු වන ෆ්‍රෙඩ් සෙල්බි විසින් මෙම රථය පසුගිය 11 වසර පුරාවටම වැඩිදියුණු කර තිබෙනවා. මෙම අපූරු රථය අනුවාද කිහිපයකින් වෙළඳපොලට නිකුත් වන අතර, එහි මිල පවුම් 49,800 - සිට පවුම් 89,000 බව විදෙස් වාර්තා පවසනවා.


එහි පින්තුර කිහිපයක් පහතින්

 
 
Related Posts with Thumbnails