Ads 468x60px

.

රුසියාවේ අහසේ පෑයූ දේදුන්නක සුදු පැහැති බස් රථයක් වැනි හතරැස් වස්තුව කුමක්ද..?

රුසියාවේ Stavropol නගරයේ නිවසක ජනේලයකින් ගත් අහසේ පෑයූ දේදුන්නක ජායාරූප කිහිපයක හඳුනා නොගත් වස්තුවක් සටහන්ව තිබෙන පුවතක් පසුගියදා රුසියාවේ Russia24TV (Россия) රූපවාහිනී නාලිකාව විසින් විකාශය කර තිබුණා. 

විවිධ ආනති මඟින් ලබාගත් එම දේදුන්නේ ජායාරූප 7ක් පමණ සුදු පැහැති බස් රථයක් වැනි එම හතරැස් වස්තුව අහසේ එකම ස්ථානයක තිබෙන පරිදි සටහන්ව තිබුණා.


මේ පිළිබඳ Россия රූපවාහිනී නාලිකාව විසින් විකාශය කළ වීඩියෝව පහතින්.



ඒ පිළිබඳ වැඩි විස්තර පහතින්.

http://www.yuga.ru/news/299749/http://www.newsfiber.com/p/s/h?v=EEKX5QwOjYrQ%3D+pwZu4pdBvHc%3D

මීට සති 2කට පෙර එම Россия රූපවාහිනී නාලිකාව විසින්ම රුසියාවේ Prokopievsky නගරයේ කර්මාතශාලා ප්‍රදේශයක CCTV කැමරාවක සටහන්ව තිබූ හඳුනා නොගත් වස්තුවක් පිළිබඳව විකාශය කළා. එම වීඩියෝව පහතින්.



ඒ පිළිබඳ වැඩි විස්තර පහතින්.



මීට මාස 2කට පෙර එම Россия රූපවාහිනී නාලිකාව විසින්ම රුසියාවේ Khakassia ප්‍රාන්තයට අයත් Abazi නගරයේ පාසැල් සිසුවියක වන Sonia Kudryavtseva විසින් පසුගියදා අහසේ දුටු හඳුනා නොගත් පියාසර වස්තුවක් ජායාරූපගත කර තිබෙන පුවත පිළිබඳ වීඩියෝ හා වැඩි විස්තර පහතින්.


රුසියාවේ Khakassia ප්‍රාන්තයට අයත් Abazi නගරයේ පාසැල් සිසුවියක වන Sonia Kudryavtseva විසින් පසුගියදා අහසේ දුටු හඳුනා නොගත් පියාසර වස්තුවක් ජායාරූපගත කර තිබෙන බව එරට Russia24TV (Россия) පුවත් සේවාව සඳහන් කර තිබෙනවා.

ඇය මිතුරියක් කිහිපදෙනෙකු හා ඇවිදීමට ගොස් සිටි අතරතුරේදී අහසේ මෙම වස්තුව දැක තිබෙන බවයි එහි සඳහන් වන්නේ.

"අපි ඇවිදගන යන ගමන් ජායාරූප ගනිමින් සිටියා. එවිට අහසේ කුරුල්ලෙක් වැනි යමක් දුටුවා. ඒත් ඒක කුරුල්ලෙකුට වඩා විශාල රවුම් වස්තුව. එය දැක තත්පර 10කින් විතර ක්ෂණයකින් අතුරුදහන් වුණා" යැයි ඇය පවසයි.

මේ පිළිබඳව Russia 24 පුවත්සේවාවේ වීඩියෝව පහතින්.



https://www.facebook.com/UFOSriLanka
 
Related Posts with Thumbnails