Ads 468x60px

.

සුබ අලුත් අවුරුද්දක් වේවා - සරත් ෆොන්සේකා

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඔහු වෙත ලබාදුන් "එක් දින අවුරුදු නිදහස" ප්‍රතික්ෂේප කල අර අද දිනයේ කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආ සරත් ෆොන්සේකා මහතා අවුරුදු සුබපැතුමක් එක් කිරීමට අමතක කලේ නැහැ 

මම බඳිනව කියලවත් බඳින්නෙ නැහැ කියලවත් කියන්නෙ නෑ - උපේක්ෂා

කවුරු හරි හොඳ කෙනෙක් මට හඳුනා ගන්න ලැබුණොත් ඉදිරියේ දී මම විවාහ වේවි...


ඇය උපේක්ෂා ස්වර්ණමාලි. කවුරුත් දන්නා පරිදි ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි; රංගන ශිල්පිනියකි; නර්තන ශිල්පිනියකි. එහෙත් මුළු රටම ඇයව හඳුනන්නේ ‘පබා’ ලෙස ය. ඒ මීට කලකට පෙර විකාශය වූ ‘පබා’ ටෙලිනාට්‍යයේ පබා ලෙස ඇය නිරූපණය කළ චරිතය නිසා ය. උපේක්ෂා මේ වනවිට දෙරණ නාලිකාවේ ‘උපේක්ෂායි ඔබයි මමයි’ වැඩසටහන ද ගෙන එන්නීය.

රේණුකාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟ වේ

නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට මාස කිහිපයක හෝ සේවා දිගුවක් ලබාදෙන ලෙස ඔහුගේ නෑනාවන චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ. 


ඒ අනුව සෝමතිලක දිසානායක මහතාට මාස හතරක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාට කෑවූ කිරිබත් කෑල්ලෙන් කොටසක් බිම වැටීම බරපතල අසුබ කාරණයක්ලූ

ලංකා නැමති හස්ති රාජයාද අකුණුසැර වැදී මිය යෑම අසුබ කාරණයක්ලු...


මෙවර අලූත් අවුරුදු උදාව නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති උත්සවයේදී, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් නැකැත් වේලාවට ජනාධිපතිවරයාට කෑවූ කිරිබත් කෑල්ලෙන් කොටසක් බිම වැටීම බරපතල අසුබ කාරණයක් බව ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදියකු අප වෙත පැවසීය.

ලක්ෂ පහක් පමණ වටිනා බේස් ගිටාරයත් සමග ෆ්ලෑෂ් බෑක් ගයාන් අතුරුදන්

අප්‍රේල් පළමු වනදා පැවැත්වූ සංදර්ශනයට 
ඔහු සහභාගී වී නෑ...
ගයාන් විසින් නව සංගීත කණ්ඩායමක්...

පසුගිය අප්‍රේල් මස පලවනදා ඉතාලියේ පැවතී සංගීත සංදර්ශනයකින් පසු ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදක ගයාන් ප්‍රනාන්දු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

රුපියල් 25,000 බේරා ගැනීමට ආශාට පුබුදු සමග හාද වෙන්නැයි පේ‍්‍රක්‍ෂිකාවකගෙන් ඉල්ලීමක්

දුරකතන ඇමතුමක් ලබාදී ඔට්ටුවක් අල්ලලා...

ජනපි‍්‍රය නිළි ආශා එදිරිසිංහ හා ජනපි‍්‍රය නළු පුබුදු චතුරංග හාද කිරීමට රුපියල් 25,000 ක ඔට්ටුවක් අල්ලා ඇතැයි වාර්තා වේ.

මෙම ඔට්ටුව අල්ලා ඇත්තේ පේ‍්‍රක්‍ෂිකාවක් විසින් බවද පැවසේ.කෙසේ වුවද එම පේ‍්‍රක්‍ෂිකාව සිය ඥාති සොයුරියක් සමග මෙම ඔට්ටුව අල්ලා ඇත්තේ ආශා හා පුබුදු සැබෑ ජීවිතයේදී එක් කිරීමට නොව රන් සමනළියෝ ටෙලියේදී සමනලී (ආශා) හා සිහින (පුබුදු) එක් කිරීමටය.

උපේක්ෂාගේ නඩුව අධිකරණයෙන් සමථ මණ්ඩලයට නැවතත් අධිකරණයට

පරස්පර අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි දුර විභාගය ජුනි 11 වනදා...

ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හා ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට අමානුෂික ලෙස පහර දී තුවාල කිරීම පිළිබඳව චෝදනා නැගුනු ඇගේ සැමියා වන මහේෂ් චාමින්ද වලවේගමට එරෙහි නඩුව ජුනි මස 11 වනදා විභාගයට ගැනීමට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සුනීතා නානායක්කාර දින නියමකොට ඇත.

ඇල්බට් අයින්ස්ටයින් ස්ටොෆාන් හෝකිං වැන්නවුන් පැරදවීමට පුංචි හපනියක්

ඔක්ස්ෆර්ඩ් රීඩින් පොත් කට්ටලය වයස අවුරුදු 2 දී ඇය පැයක් තුල දී කියවා ඉවර කරලා...

මෙතෙක් පහල වූ අද්විතීය බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් සහ භෞතික විද්‍යාඥ ස්ටොෆාන් හෝකිං වැන්නවුන් ය. නමුත් ඔවුන් ද පැරදවීමට තරම් පුංචි හපනියක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය මහා බ්‍රිතාන්‍යයේ හෙයිඩි හැංකින්ස්. වයස අවුරුදු 4 යි. මෙන්සා
ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට අනුව හෙයිඩි හැංකින්ස් දැරියගේ IQ අගය ඒකක 159 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය ඒකක 160 ක්ද වන අතර සාමන්‍ය වැඩිහිටියකුගේ IQ අගය ඒකක 100 ක් පමණ වේ.

අතරමං වූ ඉන්දීය ළමයෙකුට තම නිවසට යාමට ගූගල් අර්ත් උපකාරීවේ

පස් හැවිරිදි ළමයාට දුම්රියේ නින්ද ගිහින්...

1986 දී අතරමං වූ ඉන්දීය ළමයෙකු වසර 25කට පසුව තම උපන් නගරය සොයා ගැනීමට ගූගල් අර්ත් උපකාරී වූ පුවතක් BBC වාර්තා කරයි.

පස් හැවිරිදි වියේදී කල්කටාර් බලා යන දුම්රියක නින්දගොස් එහි වීදි දරුවකු ලෙස ජීවත්වූ "සරූ" 1987 දී තස්මේනියාවේ (ඕස්ට්‍රේලියානු) පවුලක් විසින් දරු කමට හදාගැනීම සහා ගෙන ගොස් තිබේ. 

ගණිකාවන්ට පොරකන ඔබාමාගේ ආරක්ෂක නිලධාරීන් කොලොම්බියාවෙන් එලියට

එක් නිලධාරියකු ගණිකාවකට මුදල් ගෙවීම ප‍්‍රතික්ෂේප කරලා...

ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාට ආරක්ෂාව සපයමින් ඔහු සමඟ 14 කොලොම්බියාවට පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනකු නොහොබිනා ලෙස හැසිරීම හේතුවෙන් ආපසු යැවීමට කටයුතු කෙරුණි.

සිරස ප‍්‍රවෘත්ති නිවේදිකා චේතනා ලියනගේ රිය අනතුරක

කැබ් රථයක් චේතනාගේ රථයේ හැපිලා...
මෝටර් රථය වෙලකට වැටිලා...

මැදවච්චිය හා පොලොන්නරුව අතරතුරදී සිරස ප‍්‍රවෘත්ති නිවේදිකාවක් හා මහරාජා ආයතනයේ පුහුණු කළමනාකාරිණියක වන  චේතනා ලියනගේ හා ඇයගේ පවුලේ අය ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.


අනතුර සිදුවන අවස්ථාවේදී චේතනාගේ සැමියා හා දරුවන් දෙදෙනාද මොටර් රථයේ සිටි බව පැවසේ.

ස්ත්‍රී දුෂණයක් සිදු කල කොම්පඤ්ඤවීදියේ දෙවස්ථානයක පුජකයාට නිතිය ක්‍රියාත්මක නොවේ

දුෂණ සිද්ධියේ සාක්ෂි නැතිලු...
පොලිස් පරීක්ෂණ නවත්තලා...

ස්ත්‍රී දුෂණයක් සිදු කල කොම්පඤ්ඤවීදියේ දෙවස්ථානයක දේවගැතියෙකු බේරා ගැනීම සඳහා පල්ලියේ ඉහලින් අතක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. 

දැනටමත් මෙම අදිසි හස්තය පොලිසිය වෙත බලපෑම් කොට දුෂකයාට ගැලවී යාමට මාර්ගය සකසා දී තිබේ. ඉහලින් පැමිණි බලපෑම් නිසා මෙම දුෂණ සිද්ධියේදී සාක්ෂි නොමැති බව පවසමින් පොලිසිය වැඩිදුර පරීක්ෂණ නවතා ඇත.