Ads 468x60px

.

මා නොහොඹිනා අයෙක් කළේ නිළියක්-ස්වර්ණා

තමා නොහොඹිනාකම් කරන ගැහැණියක් බවට මඩ ප‍්‍රචාර කරනු ලැබුවේ තමා පිටුපස සිටි නිළියක් විසින් බව ටෙලි නිළි ස්වර්ණා රත්නායක මහත්මිය කියයි.

මෙසේ මඩ ප‍්‍රචාර කරනු ලැබූ නිළිය තමාට කිහිප විටක් පරුෂ වචනයෙන් බැණවැදී ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමා නීතිමය පියවරගෙන ඇති බවත් ඇය සඳහන් කළාය.

අදාළ පුවත පළවූ දිනයේ තමා සිටියේ තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන මාලඹේ පිහිටි ව්‍යාපාරික ස්ථානයේ බවත් ඇය සඳහන් කළාය.

තම සහෝදරිය සමග උත්සවයකට සහභාගිවූ අවස්ථාවකදී පෞද්ගලික ප‍්‍රශ්නයක් ඇති වූ බවත් එහිදී තමන්ගේ නම නීතිමය පැත්තට යොමුවූ බවද ස්වර්ණා පැවසුවාය. තමාගේ ජායාරූප වෙබ් අඩවිවල පළවූයේ තමාගේ පෞද්ගලික ෆේස්බුක් වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා බවඇය කීවාය.

තමා සමග මෙම ප‍්‍රශ්නයට හවුල්වූ බව කියන සෙසු නිළියන් කිසිවෙකු තමා නොහඳුනන බවද ඇය පැවසුවාය.

තමා කිසිදු අත්අඩංගුවට ගැනීමකට ලක් නොවූ බවද කියන ස්වර්ණා සැමියා මෙ සම්බන්ධයෙන් මැදහත් සිතින් බලා ඉවත දමා ඇතැයි ඇය පවසන්නීය.


ගණිකා වෘත්තියේ නියැළී සිටියේ යැයි වන චෝදනාව මත මිරිහාන පොලිසිය විසින් ටෙලිනාට්‍ය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ අතර ස්වර්ණා රත්නායක නම් 45 හැවිරිදි නිළිය කඩුවෙල මේනකා හෝටලයේ දී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
Related Posts with Thumbnails