Ads 468x60px

.

ඉංග්‍රීසි සොඬුන්” ට පාඩම් ඉගැන්වූ සනත්

අද කාලයේ ඉංග්‍රීසි වචන දෙක තුනක් භාවිතා නොකර, වියරණ මරන්නේ නැතිව සිංහලෙන් වාක්‍යයක් හරියට කියාගන්නවත් බෑ. හැබැයි සිංහල යෙක් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරද්දී එහි සුළු හෝ වරදක් වුනොත් ඔවුන් මැරෙන්න හදනවා.ගමෙන් ආපු සනත් ජයසූරිය, සුද්දාගේ ක්‍රමය අත හැරලා සිංහලයාගේ ක්‍රමයටම ක්‍රිකට් ගහලා එතනිනුත් නොනැවතී මෑතක අන්තර්ජාතික විස්තර විචාරයදී “You can see the ‘pas’ coming out” ලෙසට කියලා අන්න ඒ “ඉංග්‍රීසි සොඬුන්” ට හොඳ පාඩමක් ඉගැන්වුවා.

පබා යලි එජාපයට යයිද..?

එක්සත් ජාතික පක්‍ෂයේ සිට රජයට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී උපේක්‍ෂා ස්වර්ණාමාලී (පබා) මහත්මිය යළි එජාපයට එක් කර ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කොට ඇතැයි වාර්තා වේ.2012 අයවැය අවසන් ඡන්දය විමසන දිනයේදී ඇය විපක්‍ෂයට එක් කර ගැනීම සඳහා මෙම මෙහෙයුම ක‍්‍රියාත්මන වන බවද සඳහන්ය.උපේක්‍ෂා ස්වරණමාලී මන්ත‍්‍රීවරිය 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය පල කරමින් රජයට එක් විය.

ලංකාවේ සිදුවූ අවයව ජාවාරම පිලිබඳ කතාව බොරුවක්

පසුගියදා රටම කැළඹු පුවතක් වුයේ මහනුවර කාන්තාවක් පැහැරගෙන ගොස් ශරීර අවයව ගැනීමට උත්සාහ කල පුවතයි.ලංකාවේ ශරීර අවයව ජාවාරම දුලභ සිදුවීමක් වන අතර මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකිරීමට මධ්‍යම දිසා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ඒකකයට පවරනු ලැබිය.

නමුත් සැබවින්ම සිදුවී තිබුනේ වෙනත් සිදුවීමකි. පසුගිය ඔක්තෝබර් මස 17 වනදා ඇය අපචාරයේ යෙදීම චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වෛද්‍ය වාර්තා කැඳවන තුරු දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?



1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය
සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.

දිල්රුක් හා රොසෑන්ගේ පෙම් හබය

වසර 2005 දී ශ‍්‍රී ලංකා රූ රැජින ලෙස අභිෂේක ලැබූ රොසෑන් ඩයස් යළිත් වරක් මවක් වී ඇති බව වාර්තා වේ.රොසෑන්ගේ පළමු විවාහයේ දියණියක් සිටින අතර, ඇය දෙවැනි වරට විවාහය වූයේ පසුගිය වසරේ ජුනි මාසයේදීය.රොසෑන්ගේ අත දෙවැනි වරට ගත්තේ පෙට්රෝලියම් සම්බන්ධව සහ පළතුරු යුෂ සම්බන්ධ ව්‍යාපාර කිහිපයක් අයිතිකරුවෙකු වන දිල්රුක් ලියනගේය.

දිල්රුක් හා රොසෑන්ගේ පෙම් හබය ආරම්භ වූයේ රොසෑන්ගේ පළමු විවාහයේ දියණිය වන රියෑන්ට මාස 03න සම්පූර්ණවූ කාලයේ සිටය.මොවුන්ගේ විවාහය ද හරි අපූරු එකක්වු අතර, එය නිර්මාණය වූයේ ස්වාභාවික පරිසරය හිතකාමී විවාහ මංගල්‍ය උත්සවයක් ලෙසය.

රූකා - ලේකා Music වලට දුන් දායාදය

අම්මාගේත් , තාත්තාගේත් අඩිපාරේ යමින්, ඔවුන්ගේ අත්දැකීම් වලිනුත් පන්නරය ලබා, ඒත් තමුන්ටම ආවේණික ශෛලියක් ගොඩනගා ගන්නා අපේ පරම්පරාවේ ගායිකාවක් හැටියටයි රයිනි චාරුකා ගුණතිලක අපේ මතකයේ රැඳී ඉන්නේ. රූකාන්ත - චන්ද්‍රලේකා මේ රටේ Music වලට ලබා දුන් දායාදයන් අතර වටිනා ම සම්පත රයිනි වැනි දක්ෂ ගායිකාවක් බිහිකිරීම කියලා කිව්වොත් එහි වරදක් නැහැ. 

බලහත්කාරයෙන් පැහැර ගත් නේවි රුවන් ගැන තවම හෝඩුවාවක් නෑ

රුවන් චන්දිමාල් ඩෙෆ් නොහොත් 'නේවි රුවන්' නමැත්තා පෙරේදා (3 දා) සවස සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වරකාපොලදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති  අතර ඔහු පිලිබදව මේ දක්වා කිසිදු තොරතුරක් ලැබී නැත.පාතාල ලෝකයේ තවත් නමගිය අපරාධකරුවකු වූ 'නේවි රුවන්', කඩුවෙල හංවැල්ල ප්‍රදේශය සිය පාතාල රජ දහන කර ගෙන කප්පම් ගැනීම්, මිනී මැරුම් ඇතුළු  අපරාධ රාශියක් සිදුකල පුද්ගලයකු බව පොලිසිය පවසයි.

විද්‍යා බාලන්ගේ සරාගී රංගනය දැක ගැනීමට සිනමා ශාලා පිරී ඉතිරි යයි

ඩර්ටි පික්චර් චිත‍්‍රපටය ඉන්දියාවේ සිනමාහල් 1,600ක තිරගත වීම පසුගිය සිකුරාදා (02) ආරම්භ විය.මෙම චිත‍්‍රපටයේ තිරගත වීම් ආරම්භ කර ගතවූ පසුගිය දින තුනේදී ආදායම් වාර්තා ඉතා ඉහල මට්ටමක පැවැති බවද පැවසේ.ඩර්ටි පික්චර් හි විද්‍යා බාලන්ගේ සරාගී රංගනය දැක බලා ගැනීමට එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වන සිනමා ශාලා පිරී යන බවද වාර්තා වේ.කෙසේවුවද විද්‍යා පැවසුවේ මීට පෙර පවසා තිබුණේ පිටපතට අසාධාරණයක් කිරීමට නොහැකි බැවින් මෙම අභියෝගය බාරගත් බවයි.

කතානායක ක්‍රිකට් කුසලාන එක්දින ක්‍රිකට් තරඟය මෙම මස 11 වනදා

පාර්ලිමේන්තු මැති ඇමතිවරු පක්ෂ බේදයකින් තොරව එක්දින ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත.මේ නම්කොට ඇත්තේ කතානායක ක්‍රිකට් කුසලාන තරඟය යනුවෙනි.මෙම ක්‍රිකට් තරඟයේ පිල් දෙක ලෙසින් ක්‍රීඩා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පාර්ලිමේන්තු අමාත්‍යවරු කණ්ඩායමයි.පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රබලයන් වූ මන්ත්‍රී සනත් ජයසුරිය සහ අර්ජුන රණතුංග ක්‍රීඩා කිරීමට නියමිතයි.