Ads 468x60px

.

බලහත්කාරයෙන් පැහැර ගත් නේවි රුවන් ගැන තවම හෝඩුවාවක් නෑ

රුවන් චන්දිමාල් ඩෙෆ් නොහොත් 'නේවි රුවන්' නමැත්තා පෙරේදා (3 දා) සවස සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වරකාපොලදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති  අතර ඔහු පිලිබදව මේ දක්වා කිසිදු තොරතුරක් ලැබී නැත.පාතාල ලෝකයේ තවත් නමගිය අපරාධකරුවකු වූ 'නේවි රුවන්', කඩුවෙල හංවැල්ල ප්‍රදේශය සිය පාතාල රජ දහන කර ගෙන කප්පම් ගැනීම්, මිනී මැරුම් ඇතුළු  අපරාධ රාශියක් සිදුකල පුද්ගලයකු බව පොලිසිය පවසයි.
කඩුවෙල වසන්ත ඇතුළු පුද්ගලයන් පස්‌ දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ නේවි රුවන් නාවික හමුදාවෙන් පලා ආ සෙබළෙකි.වසර හතක්‌ තිස්‌සේ නාවික හමුදා ඩෝරා යාත්‍රාවක රාජකාරි කළ නේවි රුවන් පසුව ඉන් ඉවත් වී කරාටේ ධම්මික මෙහෙය වූ පාතාල කල්ලියට එක්‌ වූයේය. කඩුවෙල වසන්ත ඇතුළු පුද්ගලයන් පස්‌ දෙනකු ඝාතනය කළේ ඔහු කරාටේ ධම්මිකගේ කල්ලියේ සිටියදීය.

මෙම සිද්ධියෙන් පසු අත්අඩංගුවට පත් වූ නේවි රුවන් වසර කිහිපයක්‌ද බන්ධනාගාරගතව සිටියේය. ඇප මත මුදා හැරීමෙන් පසු මොහු කරාටේ ධම්මිකගේ කල්ලියෙන් ඉවත්වී වෙනමම පාතාල කල්ලියක්‌ බිහිකර ගෙන විවිධ අපරාධවල නිරත වීය. කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන් මොහු මාසිකව ලක්‍ෂ ගණනින් කප්පම් ලබාගත් බව කියනු ලැබේ.
 
Related Posts with Thumbnails