Ads 468x60px

.

දිනකට වතුර ගැලුම් හයක් පානය කරන අරුම පුදුම කාන්තාවක්...

මම හැම වෙලාවෙම වතුර බෝත‍ලේට ඇහැගහගෙන ඉන්නේ... 

මම වතුරවලට ගොඩක් ආසයි... 

හැම මොහොතකම මම වතුර බෝත‍ලේ බිගෙන බිගෙන යනවා...

නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට නම් සිරුරට අවශ්‍ය තරම් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය මතයයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය අවම ජල ප්‍රමාණයවත් පානය කළ නොහැකි නම් ඔහු හෝ ඇය විවිධ රෝගාබාධවලට ලක්විය හැකිය.

වර්තමාන මිනිස් ජීවිතයේ පවතින කාර්යබහුලත්වය නිසා බොහෝ පුද්ගලයන්ගෙන් මෙම ජල අවශ්‍යතාව මගහැරී යයි. එහෙත් අවශ්‍ය ජල ප්‍රමාණයටත් වඩා  ජලය පානය කරන ඇතැම් පුද්ගලයන් සිටී. එමෙන්ම සිරුරට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ජලය පානය කිරීම අත්නොහැරිය හැකි පුරුද්දක් කරගත් පුද්ගලයන්ද සිටින බවට වාර්තා වෙනවා.
 
දිනකට අති විශාල ජල ධාරිතාවක් පානය කිරීමේ අසාමාන්‍ය පුරුද්දක් බ්‍රිතාන්‍ය ජාතික සාෂා කෙනඩි සතුව ඇති බව වාර්තා වෙනවා. අසාමාන්‍ය ලෙස ජලය පානය කිරීම අත්නොහැරිය හැකි ලෙස ඇබ්බැහිවී සිටින ඇය 26 හැවිරිදි තරුණ මවකි. ඇය සාමාන්‍යයෙන් දිනකට ජලය ගැලුම් 6ක් පානය කර
නවා. මෙය පුරුද්දක් වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිදු වන බව සාෂා පවසනවා.
 
සාෂා යන එන සෑම තැනකටම ජලය පිරවූ විශාල බෝතලයක් රැගෙන යයි. ඒ ඇයට සෑම විනාඩියකදීම ජලය පානය කිරීමට අවශ්‍ය බැවිනි. සාෂාගේ මෙම අසාමාන්‍ය පුරුද්ද නිසා

ලෝක විනාශයෙන් ගැලවීමට වඩාත්ම ආරක්ෂිත බංකරයන් හා සැඟවුම් ස්ථාන කීපයක් අන්තර්ජාලයේ...

අනතුරක් නොවී හැකිතරම් කාලයක් ජීවත්වීමට ඇති ආශාව නිසා...

මෙම ලිපියෙන් ගෙනහැර දක්වනුයේ විනාශයෙන් ගැලවීමට ස්ථාන කීපයක් පිළිබඳ තොරතුරුය...

මායාවරුන්ගේ දින දර්ශනයට අනුව එළඹෙන දෙසැම්බර් 21 දාට ලෝකය සැබෑ ලෙසම විනාශයකට මුහුණ දෙන්නේද යන්නට නොයෙක් මතවාද ඉදිරිපත් වුණද එකී තීරණාත්මක දිනයේදී සත්‍ය ලෙසම කුමක් සිදුවේද යන්නට ලොව බහුතරයක් තුළ වනුයේ අවිනිශ්චිතතාවකි. 

කවුරු කෙසේ කීවද ලෝක විනාශයෙන් ගැලවීමට බොහෝ දෙනෙකු විවිධ උපක්‍රම යොදන්නේ එම අවිනිශ්චිතතාව නිසාත් තම ජීවිතයට අනතුරක් නොවී හැකිතරම් කාලයක් ජීවත්වීමට ඇති ආශාවත් නිසාය. 

මේ නිසාම ඇතැමුන් ලෝක විනාශය සැමරීමට සැමරුම් උත්සව සංවිධානය කරද්දී ජීවිතයට ලොබ බැඳි බහුතරයක් විසින් තම ජීවිතය ගලවා ගැනීමට සුදුසු ආරක්ෂිත ස්ථාන සොයා මෙහෙයුම් ආරම්භකොට තිබෙනවා. 

එවැන්නන්ට පිහිට පැතිය හැකි ලෝක විනාශයකින් වුවද හානියක් නොවී නිරුපද්‍රිතව පවතිනු ඇති බවට විශ්වාස කරන දැනට ලෝකයේ පවතින වඩාත්ම ආරක්ෂිත බංකරයන් හා සැඟවුම් ස්ථාන කීපයක් පසුගිය දිනකදී අන්තර්ජාලයේ පළකොට තිබුනා. 

ජීවතුන් අතර සිටියදීම ‘සාමදානයේ සැතැපීමට‘ කැමැති අයට මෙන්න අවස්ථාවක්...

පියන වසා හෝ පියන විවෘත කර හෝ මිනී පෙට්ටියේ සැතැපී සිටිය හැකියි...

යුක්රේනියා ජාතික මිනී පෙට්ටි සාදන්නෙකු මෙතෙක් නොඇසූ විරූ ව්‍යාපාරයකට අතගසා තිබෙනවා.

ඒ කෙදිනක හෝ තමන්ට හිමි වන මිනී පෙට්ටියක සැතපී සිටින්නට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබා දීමයි. මේ නවතම වෙළද උපක්‍රමය ඔහු හදුන්වාදී ඇත්තේ ‘මිනී පෙට්ටි චිකිත්සාව‘ යනුවෙන්ය.

රජකුමරිය ගැබ් අරන්ලු...

මෙම සතුටුදායක පුවත ඇසීමෙන් රජ පවුල ප‍්‍රමෝදයට...

එංගලන්තයේ ඔටුන්න හිමි කුමරෙකු වන විලියම් කුමරුගේ බිරිද වන කේම්බි‍්‍රජ් හි ආදිපාදවරිය වන කේට් කුමරිය ගැබ්ගෙන ඇතැයි ශාන්ත ජේම්ස් මන්දිර ප‍්‍රකාශකයෙකු පැවසුවා.

එලිසබෙත් මහ රැජින, චාල්ස් කුමරු ඇතුළු රජ පවුලේ සාමාජිකයන් මෙම සතුටුදායක පුවත ඇසීමෙන් ප‍්‍රමෝදයට පත්ව ඇතැයි රජ පවුලේ ප‍්‍රකාශකයා වැඩි දුරටත් පවසනවා.

සති කිහිපයකට පෙර ප‍්‍රංශ සගරාවක් විසින් උඩුකය නිරුවත්ව හිරු රැස් විදින කේට් කුමරියගේ ඡයාරූප කිහිපයක් තම සගරාවේ පල කිරීමෙන් පසු බලවත් අපහසුතාවයකට පත්ව සිටි කේට් කුමරිය පසුගිය

රෝසිගේ මුහුණ දිහා බලාගෙන මට මොකුත් කියන්න බෑ – වෙල්ගම

රෝසිගේ මූණ බලනකොට මට පැටලෙනවා...

රෝසි සේනානායක මහත්මිය විසින් තමාගෙන් ප්‍රශ්නයක් ඇසීමට ඉදිරිපත්වීම ගැන මහත් සතුටට පත්වන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

තමාගේ වසර 19ක පාර්ලිමේන්තු ජීවිතයේ වඩාත්ම සතුටු වන දවස අද බවත් මෙවැනි ‍රූමත් නෝනා මහත්මියක් මගෙන් ප්‍රශ්න අහනවාට ගොඩාක් සතුටුවන බවත් පැවසූ අමාත්‍යවරයා රෝසි සේනානායක මහත්මියගේ මුහුණ දිහා බලාගෙන සිටින විට වචන පැටලෙන බවද කීවේය.

රාති‍්‍රයේ ග‍්‍රහලෝක පහක් එකම දිනයක ළඟට එයි...

මෙම ග‍්‍රහලෝක පහ එකම අවස්ථාවක පියවි ඇසින් දැකබලා ගත හැකියි...

සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක පහක් එකම දිනයක රාති‍්‍රයේ පියවි ඇසින් දැකබලා ගැනිමේ දුර්ලභ අවස්ථාවක් පෘථිවි වාසීන්ට උදා වී තිබෙනවා.