Ads 468x60px

.

දිනකට වතුර ගැලුම් හයක් පානය කරන අරුම පුදුම කාන්තාවක්...

මම හැම වෙලාවෙම වතුර බෝත‍ලේට ඇහැගහගෙන ඉන්නේ... 

මම වතුරවලට ගොඩක් ආසයි... 

හැම මොහොතකම මම වතුර බෝත‍ලේ බිගෙන බිගෙන යනවා...

නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට නම් සිරුරට අවශ්‍ය තරම් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය මතයයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය අවම ජල ප්‍රමාණයවත් පානය කළ නොහැකි නම් ඔහු හෝ ඇය විවිධ රෝගාබාධවලට ලක්විය හැකිය.

වර්තමාන මිනිස් ජීවිතයේ පවතින කාර්යබහුලත්වය නිසා බොහෝ පුද්ගලයන්ගෙන් මෙම ජල අවශ්‍යතාව මගහැරී යයි. එහෙත් අවශ්‍ය ජල ප්‍රමාණයටත් වඩා  ජලය පානය කරන ඇතැම් පුද්ගලයන් සිටී. එමෙන්ම සිරුරට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ජලය පානය කිරීම අත්නොහැරිය හැකි පුරුද්දක් කරගත් පුද්ගලයන්ද සිටින බවට වාර්තා වෙනවා.
 
දිනකට අති විශාල ජල ධාරිතාවක් පානය කිරීමේ අසාමාන්‍ය පුරුද්දක් බ්‍රිතාන්‍ය ජාතික සාෂා කෙනඩි සතුව ඇති බව වාර්තා වෙනවා. අසාමාන්‍ය ලෙස ජලය පානය කිරීම අත්නොහැරිය හැකි ලෙස ඇබ්බැහිවී සිටින ඇය 26 හැවිරිදි තරුණ මවකි. ඇය සාමාන්‍යයෙන් දිනකට ජලය ගැලුම් 6ක් පානය කර
නවා. මෙය පුරුද්දක් වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිදු වන බව සාෂා පවසනවා.
 
සාෂා යන එන සෑම තැනකටම ජලය පිරවූ විශාල බෝතලයක් රැගෙන යයි. ඒ ඇයට සෑම විනාඩියකදීම ජලය පානය කිරීමට අවශ්‍ය බැවිනි. සාෂාගේ මෙම අසාමාන්‍ය පුරුද්ද නිසා

රාත්‍රී කාලයේදීද ඇයට පැයකට වඩා නිදිසුවය විඳීමටද නොහැකිවී තිබෙනවා

ජලය පානය කිරීමට ඇති අවශ්‍යතාව නිසා ඇය රාත්‍රියේදී නොනිදා සිටින බව පවසනවා. එපමණක්ද නොව ඇයගේ මෙම පුරුද්ද නිසා දිනකට 40 වතාවක් පමණ වැසිකිළියේ ගතකිරීමට සිදුව තිබෙනවා.
 
බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රාන්තයේ ජීවත්වන සාෂා පානය කිරීමට පිරිසිදු ජලය නොමැතිකමින් රැකියාවෙන් පවා අස්වූ බව පවසන්නීය.

 
“අඩුම වශයෙන් මම පැය විසිහතරක කාලයක් තුළදී ජලය ගැලුම් හයක් පානය කරනවා. සමහර වෙලාවට ඒ ප්‍රමාණයද ඉක්මවා යන අවස්ථා තියෙනවා. මට හැම වෙලාවෙම ජලය පානය කරන්න ඕන. ඒක මට පුරුද්දක් වෙලා” බ්‍රිතාන්‍ය සඟරාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සාෂා එසේ පැවසුවා.

 
දැනට කර ඇති වෛද්‍ය පර්යේෂණයන්ට අනුව නිරෝගී පුද්ගලයෙකු සඳහා දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය මෙන් 13න් ගුණයක් සාෂා ෙදෙනිකව ජලය පානය කර
නවා. නිරෝගී පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය පයින්ට් 3.5ක ජල ධාරිතාව වෙනුවට ජල පයින්ට් 44ක් ඇය පානය කරන්නීය. මෙය අසාමාන්‍ය පරිභෝජනයකි. 

මේ සඳහා සාෂා සතුව විශේෂ ශරීර ලක්ෂණ ඇද්දැයි පරීක්ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ ඇයගේ ශරීර අභ්‍යන්තරයේ එවැනි විශේෂ ලක්ෂණ කිසිවක් නොමැති බවයි. එමෙන්ම මෙම අධික ජල පරිභෝජනය නිසා ඇය කිසිදු රෝගී තත්ත්වයකට පත්ව නොමැති බවද ඉන් තහවුරු විය.
 
“මම හැම වෙලාවෙම වතුර බෝත‍ලේට ඇහැගහගෙන ඉන්නේ. මම වතුරවලට ගොඩක් ආසයි. මගේ උගුර වේලීගෙන එනවා කියලා දැනෙන හැම මොහොතකම මම වතුර බෝත‍ලේ බිගෙන බිගෙන යනවා. 


කිසිම කෙනෙක් මම දවසකට මෙච්චර වතුර බොනවා කිව්වට විශ්වාස කරන්නේ නෑ. මම වතුර බොන හැටි දකින අයගේ ඇස් උඩ යනවා. එයාලා පුදුම වෙලා බලාගෙන ඉන්නවා. මට හැම වෙලාවෙම පිපාසයක් දැනෙනවා. ඒ හැම වෙලාවෙම මට වතුර තියෙන්න ඕන. 

ඒ නිසා මම හැම වෙලාවෙම වතුර බිබි තමයි ඉන්නේ. ඒක මගේ පුරුද්දක් වෙලා. මම වතුර බොන්නේ නැතිව රෑට වැඩිම වෙලාවක් නිදාගෙන තියෙන්නේ පැයයි විනාඩි පහළොවක් විතරයි. ඒක තමයි මගේ දිගම නින්ද. නින්ද ගියත් දැනෙන පිපාසය නිසා මට එකපාරටම උඩ ගිහින් ඇහැරෙනවා.” සාෂා වැඩිදුරටත් පවසන්නීය.
 
සාෂා කෙනඩි රැකියාවක් නොකරන දෙදරු මවකි. ඇයගේ මෙම අසාමාන්‍ය පුරුද්ද නිසා රැකියාවක් කිරීමට නොහැකිකමින් පූර්ණකාලීන ගෘහණියක් වූවාය. අවුරුදු දෙකක් වයසැති රෙජී සහ එක් අවුරුදු පේ‍රසර් යන තම පුතණුවන් දෙදෙනා රැක බලාගනිමින් ඇය නිවසේ දිවි ගෙවයි. සාෂාගේ මේ පුදුම පුරුද්ද ආරම්භවී ඇත්තේ අද ඊයෙක නොවේ. 


එවිට සාෂාගේ වයස අවුරුදු දෙකකි. සෑම අවස්ථාවකදීම ජලය ඉල්ලා ඇවිටිලි කරන කුඩා සාෂා පිළිබඳව බියක් ඇතිවූ ඇයගේ දෙමාපියන් වහාම ඇයව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළේය. ඉතා දියුණු වෛද්‍ය පර්යේෂණ කිහිපයකටම ලක්කළද, ඇය සතුව කිසියම් රෝගයක් නොමැති බවට වෛද්‍යවරුන් තහවුරු කළේය.
 
දිනෙන් දින වැඩි වැඩියෙන් ජලය ඉල්ලා ඇවිටිලි කරන සාෂා අවුරුදු හයක් පමණ වනවිට ෙදෙනිකව වයසට නොසරිලන ආකාරයේ අසාමාන්‍ය ජල ධාරිතාවක් පානය කළේය. මේ නිසා ඇයගේ මව සෑම රාත්‍රියකම විශාල ජල බඳුනක් ඇයගේ ඇඳ අසල තැබිමට පුරුදු විය. 


ඇය පාසල් යන සෑම දිනකම විශාල ජල බෝතලයක් රැගෙන ගියාය. ඇයගේ යහළු යෙහෙළියන් ක්‍රීඩාපිටියට වී සෙල්ලම් කරද්දී ඇය ජල කරාමය අසලටවී කල්ගත කළාය. වයස අවුරුදු දහතුනේදී ඇය වතුර පයින්ට් 26ක් ෙදෙනිකව පානය කිරීමට පුරුදුවී සිටියාය.
 
“මම යොවුන් වියට පැමිණෙන විට විශාල ලෙස වතුර බිමට ඇබ්බැහි වුණා. ඒ නිසා මගේ අම්මා වතුර බොන කෝප්ප වෙනුවට විශාල වතුර බෝතල් මා වෙනුවෙන් රැගෙන ආවා. අවුරුදු දහසයේදී මම පාසලෙන් අස්වෙලා සපත්තු හදන තැනක ගබඩා කාමරයේ රැකියාවක් හොයාගත්තා. 


ඒත් වැඩිකල් යන්න කලින් එතන හිටපු අය මගේ අසාමාන්‍ය වතුර බිම ගැන දැනගත්තා. පස්සේ මම එතනින් අස්වෙලා කාපට් කඩයක රැකියාව කරා. ඒත් එතන බොන්න තිබ්බ වතුර පිරිසිදු නෑ. ඒ නිසා මම රැකියාවෙන් අස්වුණා” ඇය පවසයි.
 
වයස අවුරුදු විස්සක් තරම් තරුණ වියේදී සාෂා ජලය පයින්ට් 35ක් ෙදෙනිකව පානය කළාය. එහෙත් 2007 වර්ෂය වනවිට මෙම තත්ත්වය ඉතා ශීඝ්‍රයෙන් වැඩිවන්නට විය. ඒ වනවිට ඇය එහි උපරිමයට ළඟාවී තිබුණි. දැන් ඇය දිනකට අවම වශයෙන් ජලය ගැලුම් හයක් පරිභෝජනය කිරීමට පුරුදුවී සිටියි.

 
සාෂා පිළිබඳව පර්යේෂණ කරන වෛද්‍යවරුන් පවසන්නේ සාෂාගේ මෙම තත්ත්වය ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන අසාමාන්‍ය තත්ත්වයක් බවයි. ජලය කොතරම් පානය  කළද සාෂා කිසිදු රෝගී තත්ත්වයකට පත් නොවීම වෛද්‍යවරුන්ගේද පුදුමයට හේතුවක්වී තිබේ.


 
Related Posts with Thumbnails