Ads 468x60px

.

රෝසිගේ මුහුණ දිහා බලාගෙන මට මොකුත් කියන්න බෑ – වෙල්ගම

රෝසිගේ මූණ බලනකොට මට පැටලෙනවා...

රෝසි සේනානායක මහත්මිය විසින් තමාගෙන් ප්‍රශ්නයක් ඇසීමට ඉදිරිපත්වීම ගැන මහත් සතුටට පත්වන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

තමාගේ වසර 19ක පාර්ලිමේන්තු ජීවිතයේ වඩාත්ම සතුටු වන දවස අද බවත් මෙවැනි ‍රූමත් නෝනා මහත්මියක් මගෙන් ප්‍රශ්න අහනවාට ගොඩාක් සතුටුවන බවත් පැවසූ අමාත්‍යවරයා රෝසි සේනානායක මහත්මියගේ මුහුණ දිහා බලාගෙන සිටින විට වචන පැටලෙන බවද කීවේය.

 
කෙසේ වෙතත් එහිදී රෝසී සේනානායක මහත්මිය පැවසුවේ තම නමටවත් මතුපිට පෙනුමටවත් නොව වැදගත් ප්‍රශ්නයක් ලෙස එය තමන් ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා විසින් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය කාන්තාවක් වූ පමණින් කළ අපහාසයක් ලෙස දකින බවත් කියා සිටියේය.
 
Related Posts with Thumbnails