Ads 468x60px

.

දීපාලි විජේසුන්දර මහත්මියගේ දූගේ මංගල උත්සවය


ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තමා බොහෝ කලක සිට සමීපව ඇසුරු කරන බව එහිදී ප‍්‍රකාශ කොට ඇති දීපාලි විජේසුන්දර විනිසුරුවරිය, ජනාධිපතිවරයා තම දියණියගේ මංගල උත්සවයට පැමිණීම සමහර වෙබ් අඩවි විකෘති කොට පළ කර ඇතැයිද චෝදනා කර ඇත.දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියණියගේ විවාහ මංගලයේදී මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි.

නෙහාරා හා මේනක විවාහයන් අවසාන අදියරේ

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නළු නිලි යුවළක් වන නෙහාරා පීරිස් හා මේනක රාජපක්‍ෂ ඇමරිකාවේ ස්ථීර පදිංචියට යාම සඳහා රහසේ සැලසුම් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ළඟදී ඇමරිකාවේ රූගත කිරීමට නියමිත සිංහල ටෙලියක ප‍්‍රධාන චරිත පන පෙවීමට මෙම නළු නිලි යුවළ තෝරා ගෙන ඇති අතර, ඒ සඳහා අදාළ වීසා ලබා ගැනීමට මොවුන් මේ වනවිට අයදුම් පත් ඉදිරිපත් කර තිබේ. වීසා ලබා ගැනීමෙන් අනතුරුව ලබන වසරේ මුල් මාසයේ ඇමරිකාවට යාමට අදහස් කර සිටින නෙහාරා හා මේනක, එහිදී ඔවුන් දෙදෙනාගේ අනාගතය පිළිබඳව විශාල තීරණයක් ගැනීමට සූදානමින් සිටී. ටෙලියේ රූගත කිරීම් අතරතුර පදිංචිය සඳහා ප‍්‍රදේශයක් සහ නිවසක් තෝරා ගැනීමට ඔවුන් බලාපොරොත්තුව සිටී.

ශ්‍රී ලංකාවේ ගැහැණු හා මිනිසුන් යොදා පවත්වාගෙන හෙළුවැලි වෙබ් අඩවි වංහුං සොයයි


ශ්‍රී ලංකාවේ ගැහැණු හා මිනිසුන් යොදා පවත්වාගෙන යන හෙළුවැලි වෙබ් අඩවි ගැන තොරතුරු සපයා ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර කණ්ඩායමේ හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සහාය පතන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැන්වීය.
මෙවැනි අසැබි වෙබ් අඩවි කිහිපයක් තහනම් කළ බව විදුලි සංදේශ නියාමන කොමිසම දන්වා ඇතැයි එතෙර සිට කි‍්‍රයාත්මක වන මේ වෙබ් අඩවි ගැන තවත් තොරතුරු ගැනීම අපහසු බව එම කොමිසම කියා ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.

දරු උපතෙන් පසු ඊයේ අයිෂ්වර්යා ගෙදරට

සුපිරි ඉන්දීය නිලි අයිෂ්වර්යා රායි බච්චන් පසුගියදිනක සිය කුළුදුල් දියණිය බිහිකලා.මෙම දරු උපත දෙස ලොව කවුරුත් බලා සිටියේ මෙය ඉන්දීය සුපිරි නලු නිලි යුවලකගේ දරුවකු උපත ලබන නිසා වෙනි.කෙසේ වෙතත් දරු උපතෙන් පසු ඊයේ දිනයේදී අයිෂ්වර්යා නිවස බලා පිටත් වුනා.ඒ සිය මාමණ්ඩිය වන අමිතාබ් සමගිනි.මෙම පිටත් වීමේ මොහොත ඊයේ ඉන්දීය මාධ්‍ය කාච වල සටහන් වුයේ මෙලෙසිනි. 

රත්වත්තේ මහතා නිවසේදී ඇද වැටීමෙන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත විය.මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රත්වත්තේ මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ ස්නායු ‍විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජිත් වික්‍රමසිංහ මහතා  විසින් තහවුරු කරනු ලැබිණි. ඔහු පැවසුවේ, රත්වත්තේ මහතා නිවසේදී ඇද වැටීමෙන් මොලයේ අභ්‍යන්තරයේ සිදු වු රුධිර වහනයක් හේතුවෙන් දින කිහිපයක් රෝහල් ගතව සිටි බවයි.ශල්‍ය කර්මයකට ද ලක් කෙරුණු ඔහු අද උදෑසන වනතෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඊජිප්තුවට සහය පතා ඊශ්‍රායෙල් කාන්තාවන් 40ක් නිරුවතින්.....

ඊජිප්තුවේ හමුදා සහ කැරලිකාර පාලනය අවසන් කර ප්‍රජාතාන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා ඊශ්‍රායෙල් කාන්තාවන් 40ක් දෙනෙකු නිරුවත් වූ පුවතක් ඊශ්‍රායලයෙන් වාර්ථා වනවා.ඔවුන් මෙසේ නිරුවත් වුනේ මේ වනවිට කයිරෝ අගනුවර පවතින කලබලකාරී තත්වයට විරෝදය පල කිරීමටත්,එරට කයිරෝ අගනුවර ආරම්භ කර ඇථි උද් ඝෝෂනවලට සහය පල කිරීමත් අරමුණු කර ගෙනය.

රාවතාවත්තේ ළමා නිවාසයක දේශීය හා විදේශීය පුද්ගලයන්ට විකිණීමේ මහා පරිමාණ ජවාරමක්‌

ළමා නිවාසයක්‌ පවත්වාගෙන යන මුවාවෙන් කුඩා දරුවන් දේශීය හා විදේශීය පුද්ගලයන්ට විකිණීමේ මහා පරිමාණ ජාත්‍යන්තර ජාවාරමක්‌ අනාවරණය කර ගත් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය ඊයේ (23 වැනිදා) සවස මොරටුවේ පිහිටි එම නිවාසය වටලා එහි සිටි දරුවන් 70 දෙනකු පමණ සිය භාරයට ගෙන තිබේ. ළමා නිවාසය වටලන අවස්‌ථාවේ දරුවන් විකුණන අතරමැදි තැරැව්කරුවකු ද දරුවන් මිලදී ගැනීමට පැමිණ සිටි ඇමරිකානු ජාතික යුවළක්‌, ජර්මන් ජාතික යුවළක්‌ සහ මෙරට කාන්තාවන් දෙදෙනකු ද එහි සිට ඇත.විදේශිකයන් දරුවන් මිලදී ගැනීමට රුපියල් ලක්‍ෂ 7 කට වඩා මුදලක්‌ ළමා නිවාසයට ගෙවා ඇති බවටත් සිංහල කාන්තාව රුපියල් 35,000 ක්‌ ගෙවා ඇති බවටත් තොරතුරු ලැබී ඇති අතර ඔවුන් මෙම ස්‌ථානයට රැගෙන විත් ඇත්තේ අතරමැදි තැරැව්කරු බවටත් තොරතුරු ලැබී ඇත.

මෙවර නත්තලට මිලියන 150ක් වටිනා නත්තල් ගහක්

නත්තල් සමය එළැඹෙත්ම මුළු ලොවම උත්සව අසිරිය සැමරීමට සූදානම් වේ. විවිධ නත්තල් සැරසිලි අතුරින් නත්තල් ගස් සඳහා ඇත්තේ සුවිශේෂී ස්ථානයකි.මෙලෙස සැරසුනු විශේෂ නත්තල් ගසක් පිලිබඳව ජපානයේ ටෝකියෝ අගනුවරින් වාර්තා වේ.ටෝකියෝ වේ ප‍්‍රසිද්ධ ස්වර්ණාභාරණ අලෙවි සමාගමක් වන ගින්සා තනකා සමාගමේ ප‍්‍රදර්ශනය කර ඇති මෙම නත්තල් ගස සම්පූර්ණයෙන්රනින් නිමවූවකි.අඩි 8ක් උසැති මෙම ගස නිර්මාණය කිරීමට රන් කිලෝග‍්‍රෑම් 12 යොදාගෙන තිබෙන අතර, මෙම ගස මල්, හදවත් හැඩ හා පීත්ත යොදාගෙන සරසා ඇත.

දීපාලි විනිසුරුවරියගේ දියනියගේ විවාහ මංගල්‍යයේ ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවෙන්

සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියණිය පසුගිය මාර්තු 07 වැනිදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගත්තා. සුදු කොඩි නඩුව විභාග වන අවස්ථාවේ මෙම විවාහයට සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. මනමාල පාර්ශවයෙන් කතානායක චමල් රාජපක්ෂ මහතා අත්සන් කරනු ලැබුවා.