Ads 468x60px

.

කෝපිකඩේ එන්සිනා (සුසිලා කුරගම) දිවියෙන් සමුගනී...

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ එන්සිනාගේ චරිතය නිසා ප්‍රකටව සිටි රංගන ශිල්පිනි සුසිලා කූරගම ඊයේ අභාවප්‍රාප්ත වූවාය. 

දරුවන් හය දෙනෙකුගේ මවක වන ඇය කලක් තිස්සේ රෝගාතුරව සිටි අතර පසුගියදා අසාධ්‍යවී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මියයන විට ඇය 72 වන වියේ පසුවුණා. එළාර- දුටුගැමුණු, හේමමාලී සරදියෙල් ආදී  ඓතිහාසික නාට්‍යවලින් වේදිකාවට පිවිසි සුසිලා දීපාංජලී ඇතුළු සිනමා නිර්මාණ ගණනාවකද රගපා ඇත. 


අවසන් අවමංගල්‍ය කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.