Ads 468x60px

.

කෘෂිකර්ම ඇමතිගේ අපුරු උපදේශය...

රිළවුන්, වඳුරන්, ඌරන්, කිඹුලන් වැනි උවදුරු සඳහා මගේ උපදේශය නම් මරන්න කියන එකයි...

කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය 27 වැනි දින බණ්ඩාරවෙල ලයින් හෝටලයේ පැවැති වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සම්මේලනය සංවිධානය කර තිබූ කෘෂිකර්ම වැඩසටහනකදී විශේෂ උපදේශයක් ලබාදී තිබෙනවා.

එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ ‘‘තංගල්ලේ වගාවට හානි කළ වඳුරෝ වනජීවී එකෙන් අල්ලලා යාලට ගෙනහින් කූඩු ඇරලා එළියට දැම්මාම උන් ආපසු ලොරියට නැග්ගා. එහෙම ඇවිත් තමන්ට කැමති තැන්වල බැස්සා. රිළවුන්, වඳුරන්, ඌරන්, කිඹුලන් වැනි උවදුරු සඳහා මගේ උපදේශය නම් මරන්න කියන එකයි.

ඌරන් පැටව් දහයක් දොළහක් විතර බෝ කරනවා. ඒක මහ ව්‍යසනයක්. ඉස්සර නම් අපේ ගම්වල දඩයක්කාරයෝ හිටියා. දැන්නම් තුවක්කුත් නැහැ. තුවක්කු තිබුණත් එහෙම කරන්නෙත් නැහැ. ඒකයි මේ ප්‍රශ්නය ඇති වෙන්න හේතුව. ... 


කටුගෙයි හොරකමේ ප්‍රධානියා "කන්ගැට්‌ටා" ඇල්ලු සුක්ෂම මෙහෙයුම දියත් කල හැටි..

කෞතුකාගාරය වහන වෙලාවේ කබඩ් එකක සැඟවී සිටියා. 

කවුරුත් දන්නේ නෑ මම සැඟවී සිටිනවා කියලා. මම රෑ වෙනකල් බිඩි බිබි සිටියා. 

පසුව මට ගෙනියන්න පුළුවන් හැම දෙයක්ම අරගෙන බෑගයට දමා ගත්තා...

රාජසිංහ රජුගේ ඔටුන්නයි සිංහාසනයයි ගෙනියන්නත් හිතුනා..

එදා සොරකම කළ දිනයේ තමාට යැයි කියා වාහනයක් තිබුණේ නම් රාජසිංහ රජතුමාගේ සිංහාසනයත්, ඔටුන්නත් රැගෙන යන බව ජාතික කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු, ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් ‘කන්ගැට්‌ටා’ දීර්ඝ ‍පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කලා
.



පොලීසියට කට්ටි පනිමින් සිටි මෙම සැකකරු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මීගමුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ‍පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි, ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කලා.

මීගමුවේ සංචාරක හෝටලයක

දරු ඵල නොමැති දියණියට නිට්ටඹුවේ කට්ටඩියෙක් දරු ඵල ලබාදුන් හැටි..

කට්ටඩියා දියණියගේ මව නිවසින් බැහැර කරලා...

දරුඵල ලබාගැනීමට කට්ටඩියෙකු ගේ සහාය පැතූ 20 හැවිරිදි තරුණියකගේ ගෙලට සුරයක් දැමීමෙන් පසු මියගිය වෙනත් ගැහැණියක් ආරූඩවීමේ පුවතක් ගලේවෙලින් වාර්තා වෙනවා

සිද්ධිය සැකවින් මෙසේය. 

විවාහ වී වසර දෙකක් ගත වුවත් දරු ඵල නොමැති තම දියණියට දරු ඵල ලබාදීම සඳහා ඥාති දියණියන් මාර්ගයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ කට්ටඩියෙකු ඉකුත් 24 දා රාත්‍රී තම නිවසට ගෙන්වා ගෙන තිබෙනවා

රාත්‍රී 10.00 ට පමණ ශාන්ති කර්මය ආරම්භ කර වරින් වර කට්ටඩියා තරුණියගේ මව නිවසින් බැහැර කර තිබෙනවා. එක් අවස්ථාවක පිටතට ගිය මව නිවස තුළට එන විට තරුණිය සිහිසුන්ව තිබෙනවා

පාන් මිල රුපියල් 2කින් ඉහළට...

අනෙක් බේකරි නිෂ්පාදනවල මිලත් ඉහළ යන ලකුණු...

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 2කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව දැනට රුපියල් 55 සිට 60 දක්වා අගයන් යටතේ අලෙවි වන ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල තවත් රුපියල් 2කින් වැඩි වනු ඇත.

තිරිගු පිටි මිළ ඉකුත් (26)  මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ නැංවූ හෙයින්, පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා
.

අගවිනිසුරුවරියගේ සැමියාට නඩු දමනවා නම් බෙල්ලන්විල විමලරතනටත් නඩු පැවරිය යුතුයි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති වශයෙන් කටයුතු කරද්දී ‘ද ෆිනෑන්ස් සමාගමේ’ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වත්මන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාට අල්ලස් හා දූෂණ කොමිසම මගින්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරනු ලැබිය. 

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ධුරය දරමින් අගතියක් වන බව දැන දැනම එසේ කිරීමේ චේතනාවෙන් බැංකුවේ මුදල් යොදාගෙන ද ෆිනෑන්ස් සමාගමේ කොටස් හැත්තෑ අට ලක්ෂ හැට තුන්දහස් තුන්සිය හැට දෙකක, රුපියල් තිස් නව කෝටි එකොළොස් ලක්ෂ තිස් හත්දහස් පන්සිය පනස් හතරයි ශත තිස් තුනක මුදලක් ආයෝජනය කිරීම ඔහුට එරෙහිව එල්ලවී ඇති ප්‍රධාන චෝදනාවයි.

කාන්තාවන් දූෂණය කර මරා මස් කන පොලිස් නිලධාරියෙක්...

මිනී මස් කෑමේ දැඩි ආශාවකින් පෙළුණු පොලිස් නිලධාරියා අත්අඩංගුවට...

කාන්තාවන් පැහැරගෙන බලහත්කාරයෙන් කෙලසා මරා ඔවුන්ගේ මස් ආහාරයට ගන්නා පොලිස් නිලධාරියෙක් පිළිබඳව ඇමරිකාවෙන් වාර්තා වෙනවා .

අදාළ පොලිස් නිලධාරියා කොටුකර ගැනීමට ඇමරිකා එෆ්.බී.අයි. පොලිසියට හැකි වූ බව එහි සහකාර පොලිස් අධ්‍යක්‍ෂ මේරිගැලිගන් පවසා තිබෙනවා
.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෑන්හැටන් දිස්ති‍්‍රක්කයට අයත් 26 වැනි පොලිස් බල ප‍්‍රදේශයේ රාජකාරී කළ 28 හැවිරිදි ගිල්බර්ටෝවැලේ ය.

වසර හයක් තිස්සේ නිව්යෝර්ක් නුවර විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු පසුපස ලූහුබඳිමින් ඔහුගේ ජංගම දුරකථනයට රහසේ සවන් දුන් පොලිස් කණ්ඩායමට වැදගත් කරුණු රැසක් අනාවරණය වීමෙන් පසු මෙසේ ඔහු අත්අඩංගුවට ගත් බව එෆ්.බී.අයි. පොලිසිය වැඩිදුරටත් පවසා තිබෙනවා
.

මෙලෙස මිනී මස් කෑමේ දැඩි ආශාවකින්