Ads 468x60px

.

අගවිනිසුරුවරියගේ සැමියාට නඩු දමනවා නම් බෙල්ලන්විල විමලරතනටත් නඩු පැවරිය යුතුයි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති වශයෙන් කටයුතු කරද්දී ‘ද ෆිනෑන්ස් සමාගමේ’ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වත්මන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාට අල්ලස් හා දූෂණ කොමිසම මගින්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවරනු ලැබිය. 

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ධුරය දරමින් අගතියක් වන බව දැන දැනම එසේ කිරීමේ චේතනාවෙන් බැංකුවේ මුදල් යොදාගෙන ද ෆිනෑන්ස් සමාගමේ කොටස් හැත්තෑ අට ලක්ෂ හැට තුන්දහස් තුන්සිය හැට දෙකක, රුපියල් තිස් නව කෝටි එකොළොස් ලක්ෂ තිස් හත්දහස් පන්සිය පනස් හතරයි ශත තිස් තුනක මුදලක් ආයෝජනය කිරීම ඔහුට එරෙහිව එල්ලවී ඇති ප්‍රධාන චෝදනාවයි.



ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාට අක්‍රමිකතා සම්බන්ධයෙන්  නඩු පැවරිය හැකි නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නීති උල්ලංඝනය කරමින් වංචනිකව රුපියල් මිලියන 200 කට අසන්න කළු සල්ලි ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ තැන්පත් කල බෙල්ලන්විල විමලරතන භික්ෂුවටද නඩු පැවරිය යුතු බව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නීති උපදේශකවරයෙකු  පවසා සිටියි. 

එසේම රහස් පොලිසිය විසින් සිදු කරනලද පරීක්ෂණ අනුව බෙල්ලන්විල විමලරතන කාලයක් පුරා විවිධ දුෂිත වියාපාරිකයන්ගේ කළු සල්ලි සේදීම ( Money Laundering  ) සිදු කල බව හෙළි වී තිබේ. 

ලංකාවේ දේශීය ආදායම් නීති රීති අනුව මෙවැනි වංචනික මුදල් තැන්පතු සහ සඳහා  කළු සල්ලි සේදීම සිර දඬුවම් ලැබිය හැකි වරදකි. මුදල් වංචා චෝදනා ගොනු නොවීම සඳහා බෙල්ලන්විල විමලරතන භික්ෂුව කොන්දේසියකින් තොරව රජයට සහය  දක්වන බව තෙවැනි පාර්ශවයක් හරහා ආණ්ඩුවට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.

- සමන්ත කෝනාර
 
Related Posts with Thumbnails