Ads 468x60px

.

කෘෂිකර්ම ඇමතිගේ අපුරු උපදේශය...

රිළවුන්, වඳුරන්, ඌරන්, කිඹුලන් වැනි උවදුරු සඳහා මගේ උපදේශය නම් මරන්න කියන එකයි...

කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය 27 වැනි දින බණ්ඩාරවෙල ලයින් හෝටලයේ පැවැති වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සම්මේලනය සංවිධානය කර තිබූ කෘෂිකර්ම වැඩසටහනකදී විශේෂ උපදේශයක් ලබාදී තිබෙනවා.

එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ ‘‘තංගල්ලේ වගාවට හානි කළ වඳුරෝ වනජීවී එකෙන් අල්ලලා යාලට ගෙනහින් කූඩු ඇරලා එළියට දැම්මාම උන් ආපසු ලොරියට නැග්ගා. එහෙම ඇවිත් තමන්ට කැමති තැන්වල බැස්සා. රිළවුන්, වඳුරන්, ඌරන්, කිඹුලන් වැනි උවදුරු සඳහා මගේ උපදේශය නම් මරන්න කියන එකයි.

ඌරන් පැටව් දහයක් දොළහක් විතර බෝ කරනවා. ඒක මහ ව්‍යසනයක්. ඉස්සර නම් අපේ ගම්වල දඩයක්කාරයෝ හිටියා. දැන්නම් තුවක්කුත් නැහැ. තුවක්කු තිබුණත් එහෙම කරන්නෙත් නැහැ. ඒකයි මේ ප්‍රශ්නය ඇති වෙන්න හේතුව. ... 


 
කිඹුලන්ට නම් අපේ උදවිය වෙදකම් කරලා තිබුණා. මොනවද කන්න දාලා වැඩේ අවසන් කළා. ඒ වගේ විසඳුමක් තමයි දෙන්න වෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ.’’ යනුවෙනි.

ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව පරිසරවේදීන් විසින් අදහස් දක්වා ඇත. ඔවුන් පවසන්නේ, ඇමතිරවයා විසින් සිදුකර ඇති මෙම ප්‍රකාශය ඉතා බරපතල බවයි. වනජීවීන් පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය මෙය නම් වනජීවී අමාත්‍යාංශයක් පිහිටුවා ඇත්තේ කුමටද? එවැනි අමාත්‍යාංශයක් රටේ බදු මුදලින් නඩත්තු කරන්නේ කුමටද? 


මෙම ප්‍රකාශය පිළිබඳ වනජීවී ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ ස්ථාවරය රටට කිව යුතුය. නියෝජ්‍ය ඇමති එස්.එම්. චන්ද්‍රසේන මේ ගැන කියන්නේ කුමක්ද?

ඇත්ත කාරණය නම් ඔවුන් කිසිවක් නොකියනු ඇත. මේ ආණ්ඩුවේ කිසිවෙකුටවත් පරිසරය ගැන, සතාසීපාවා ගැන හැඟීමක් නැතැ. එය රටම දන්නා කරුණකි.
 
Related Posts with Thumbnails