Ads 468x60px

.

පෘථිවිය අසලින් ගිය දැවැන්ත ග‍්‍රහකය ඇපොෆිස් පෘථිවියට එන්නේ නැතිලු...

පෘථිවිය හා ගැටුනොත් ටී.එන්.ටී. මෙගා ටොන් 510ක ශක්තියක් ...

හයිඩ‍්‍රජන් බෝම්බ මෙන් දස ගුණයක්...

වසර 2036 දී පෘථිවියේ ගැටිය හැකි බවට සැක සහිතව තිබූ ඇපොෆිස් (Apophis) ඇස්ටරොයිඩය පෘථිවියේ නොගැටෙන බව නසා ආයතනය සදහන් කර තිබෙනවා.

මීටර් 300ක් පලල ඇපොෆිස් ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 200,000 :1 බව මීට පෙර නසාහි විද්‍යාඥයන් සඳහන් කර තිබුනා.

මෙය පෘථිවිය ආසන්නයෙන් ගමන්ගත් ආසන්නම අවස්ථාවේදී (පසුගිය බදාදා) එය ගමන්කර ඇත්තේ පෘථිවියට හැතැප්ම මිලියන 09.3 ක් (කිලෝ මිටර් මිලියන 15ක්) ඈතින් බවද පැවසෙනවා.

කොහොමද සමනලී, කොහෙද සිහින කියල මගෙන් අහනව - ආශා එදිරිසිංහ

කලා ක්‍ෂේත්‍රයට පිවිසි නිවේදිකාවක්, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ආශා එදිරිසිංහය මේ වන විට ආශා රංගන ක්‍ෂේත්‍රයේද ඉතා සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. 

මෑතදී නිමාවට පත්වුණු ‘රන් සමනළයෝ’ ටෙලි නාට්‍යයේ සමනලීගේ චරිතය නිරූපණය කළේ ඇයයි. එසේම ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වන ‘හීන හතක්’ වැඩසටහන ඉදිරිපත් කරන්නේ ද ඇයයි. 

ආශා අපගේ රංගන ක්‍ෂේත්‍රයට පායා එන තරුවක් ලෙස හැඳින්වීම නිවැරැදිය.මේ ඇයත් සමඟ කල කතා බහක්.

කොහොමද ආශා, මොනවගේ වැඩ එක්කද ඔබගේ කාලය මේ දිනවල ගත වෙන්නේ?
මේ දවස්වල ‘අළු බඳුන’ ටෙලිනාට්‍යයේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නව. මෙහි පිටපත සහ අධ්‍යෂණය දිලූක ප්‍රසාද් ගුණතිලකගේ. ‘අළු බඳුන’ අපේ නිෂ්පාදන ආයතනය වන AD Finity ආයතනයෙන් නිර්මාණය කරන අලුත්ම ටෙලි නාට්‍යය. 


මේක වෙනස්ම නිර්මාණයක්. පරිසරයේ තිබෙන ගුප්ත බව දුෂ්කර ගම්මානවල ජීවත්වන මිනිසුන්ගේ දුක, කඳුළ, ආදරය ගැන කියවෙන අපූරු කතාවක්. 

දෝශාභියෝග උණුසුමේ මර්වින් සිල්වා සංවිධාක ධුරයෙන් අස්වෙයි...

මර්වින් කැලණිය අත්හරියි..! ජනපති එය පිලිගනී...

වැඩි ජන්ද 106කින් දෝෂාභියෝගය සම්මත වෙයි...


මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ (11) පස්වරුවේ හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයට මේවන විට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද සිටින බව සඳහන්ය.

ගින්නලිය විදුහල ඉදිරිපිටදී පුංචි සුසරට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ හේතුව...

වේගය පාලනය කර ගත නොහැකි වූ ලොරිය දරුවා යටකර ගෙන ගියා
- සිද්ධිය ඇසින් දුටු ආච්චි අම්මා

පසුගිය 08 වැනිදා ඌරුබොක්‌ක ඇඹිලිපිටිය මාර්ගයේ ගින්නලිය විදුහල අභියසදී මරණයේ දෝංකාරය රැගෙන ආ ලොරි රථයක්‌ සිඟිති සුසර විශ්මිත යට කර ගෙන ගිය පුවතක් අප ඔබ වෙත ගෙන ආවා. මේ සිද්ධියෙන් මුළු පළාතම කම්පා වුනා. පාසල් දරුවන් ගුරු මව් පියන් හඬා වැලපුනා.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේ ගින්නලිය මහ විදුහලේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එම්. පී. සුසර සත්රූ විශ්මිත (අවු 07) නමැති කුඩා දරුවායි. සුසර කැටවල තල්වත්ත නම් වූ අතිදුෂ්කර ගම්මානයක පුංචි පැල්පතක දරුවන් සිව් දෙනකු ගෙන් යුත් පවුලක තුන් වැන්නාය.

සිද්ධිය සිදු වූ දිනයේ වෙනදා මෙන් පාසල ඇරී සිය මිතුරන් දෙදෙනා සමග ත්‍රි රෝද රථයට යැමේ අදිටනින් පාසල ඉදිරිපිට මාර්ගයට පැමිණිහ. ත්‍රිරෝද රථය වූයේ මාර්ගයේ අනෙක්‌ පසය. අනාරක්‍ෂිතව පවතින මෙම ස්‌ථානයේ පාර මාරු වීමට කහ ඉරක්‌ නැත. පුංචි සුසරට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ ඒ නිසාය.

සිද්ධිය සියෑසින් දුටු සුසරගේ ආච්චි අම්මා,