Ads 468x60px

.

දෝශාභියෝග උණුසුමේ මර්වින් සිල්වා සංවිධාක ධුරයෙන් අස්වෙයි...

මර්වින් කැලණිය අත්හරියි..! ජනපති එය පිලිගනී...

වැඩි ජන්ද 106කින් දෝෂාභියෝගය සම්මත වෙයි...


මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ (11) පස්වරුවේ හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයට මේවන විට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද සිටින බව සඳහන්ය.


කෙසේ වෙතත් එකී සිදුවීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයිද පරීක්ෂණ කටයුතු සඳහා තමන් සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහෙත් කැලණිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රදේශයේ බොහෝ දෙනකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ මර්වින් සිල්වා අමාත්‍යවරයා තාවකාලිකව හෝ සංවිධායක ධූරයෙන් ඉවත් කළ යුතු බවයි.

මේ අතර පසුගියදා කැලණිය ශ්‍රීලනිප පක්ෂ කාර්යාලය පිහිටි නිවස අයත් ඉඩමේ තිබී කඩු දෙකක් සහ ග්‍රේනේඩ් වර්ගයේ බෝම්බයක්ද සොයා ගැනීමට පොලීසියට හැකිවිය.

නමුත් අප මතක තබා ගත යුතු කරුණ වන්නේ මර්වින් සිල්වා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම අවස්තාව මෙය නොවන බවත් ඒ සෑම අවස්තාවකම ඔහු නැවතත් සංවිධායක ධුරයට පත්වූ බවත්ය


අගවිනිසුරු ගෙදර යවන දෝෂාභියෝගය සම්මතයි..

දෝෂාභියෝගය සම්මතයි අගවිනිසුරු ගෙදර යවන්නට ජනපතිගේ අත්සන විතරක් අඩුයි..

මොහාන් පීරිස්ට බඹරය කැරකෙන ලකුණු..

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝගයේ විවාදය දින දෙකක් පැවති අතර අද එය අවසන් වූයේ ජන්ද විමසීමකිනි.

අකාරාදි පිළිවෙල අනුව නම් වශයෙන් ආරම්භ වූ එම ඡන්ද විමසීම මීට ස්වල්ප මොහොතකට පෙර අවසාන වුනා.

ඒ අනුව වැඩි ජන්ද 106කින් දෝෂාභියෝගය සම්මතවී තිබෙනවා.
යෝජනාවට පක්‍ෂව ඡන්ද 155ක් සහ විපක්‍ෂව ඡන්ද 49ක් ලැබුණු අතර මන්ත‍්‍රීවරුන් 20 ඡන්දය දීමෙන් වැලකී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද විවාදය සඳහා පැමිණ සිටියේ නැත. ඡන්ද විමසීමෙන් ලැබුණු ප්‍රතිඵලය අවසන් වශයෙන් කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යෙමු කිරීමට නියමිතය

එහිදී ජනාධිපතිවරයා විසින් එකී යෝජනාව පිළිගෙන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් ඉවත් කරනු ලැබුවහොත් මීළගට අදාළ ධූරයට පත්වෙනු ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ උණුසුම් කතා බහක් පැතිරයමින් තිඛෙනවා.

ඒ අනුව හිටපු නීතිපති මොහාන් පීරිස්,ශිරාණි තිලකවර්ධන, සත්‍යා හෙට්ටිගේ යන තිදෙනාගෙන් අයෙකු පිළිබඳ බොහෝ දෙනකු බලාපොරොත්තු තබා තිඛෙනවා.

දැඩි රාජපක්ෂ විරෝධියෙකු වූ හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් නන්ද සිල්වා මහතාද මෑත කාලයේ ජනාධිපතිවරයාගේ ගුණ වැයීම පිළිබඳවත්, අගවිනිසුරුවරියට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් දියත් කිරීමත් හේතුවෙන් තවත් පිරිසක් සැක සංකා මතු කරමින් සිටිති.

කෙසේ වෙතත් අලුත්ම ආරංචි මාර්ග මගින් හෙළිදරව් වෙමින් පවතින්නේ මොහාන් පීරිස් මහතාට අදාළ තනතුර ලැබීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.
 
Related Posts with Thumbnails