Ads 468x60px

.

අද තමයි බිලි පූජාව....... උඹවයි දරුවයි මරා ලේ බොනවා කියා සැමියා කෑ ගැසුවා

බිලිඳු දරුවා මරා ගේ මැද වළ දමන්න හැදූ
අයගේ බිරිඳ පොලිසියට කියයි


බිලි පූජාව පටන් ගත්තේ අද තමයි උඹවයි දරුවයි මරා ලේ බොනවා කියමින් සැමියා මහහඬින් මහ රෑ කෑගැසුවේ යෑයි තම සිඟිති දරුවා මරාදමා එම දරුවාගේ සිරුර ගේ මැද සාලයේ භූමිදාන කිරීමට සැරසුණු සැමියාගේ බිරිඳ වන බී. ජනිතා (42) මහත්මිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන මිල්ලනිය පොලිසියේදී ප්‍රකාශ කළාය. පසුගිය 27 රෑ තම සැමියා සාලයේ මිනීවළක්‌ කැපුවා. ඔහු කලින් කසාදයෙන් දික්‌කසාදවී මා සමග විවාහ වී ඉතා කෙටි කාලයක්‌ වෙනවා. මමත් මීට කලින් විවාහවී දික්‌කසාද වුණා.


සැමියා මේ විදියට ක්‍රියාකිරීම නිසා මම බලවත් තැති ගැනීමකින් හිටියේ. මොහු ගේ දොර ජනේල වසා තිබූ නිසා ගෙයින් එළියට පැන ගන්න පවා බැරි තත්ත්වයක්‌ තිබුණා.

පසුදින පාන්දර මම සැමියාට කිව්වා දොර ටිකකට අරින්න දරුවාගේ රෙදි හෝදන්න ඕනෑ කියලා. එතකොට දොර ඇරියා මම පුළුවන් තරම් ඉක්‌මනින් පොලිසියට ගිහින් මේ පිළිබඳ පැමිණිල්ලක්‌ කළා. එතකොටම වාගේ සැමියාත් පොලිසියට පැමිණියා.

මේ අතර මෙම සැකකරු බිරිඳගේ චෝදනාව තරයේම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙම මිනීවළ හෑරුවේ තමා දිවි නසාගෙන එහි භූමදානය කරගැනීමේ අදහසින් බව ද එම මිනීවළ උඩින් දරුවා රැගෙන ගමන්

ශිෂ්‍යයා ගත්ත මාළුපාන් එකේ කැරපොත්තෙක්‌ - බේකරියට දඩ

අගලවත්ත ප්‍රදේශයේ මාළුපාන් ගෙඩියක්‌ ඇතුළේ කැරපොත්තකු සිටීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ බේකරි හිමියකුට මතුගම මහේස්‌ත්‍රාත් චමරී වීරසූරිය මහත්මිය රුපියල් තුන් දහස්‌ පන්සියයක දඩයක්‌ නියම කර තිබෙනවා.

පාන් ගෙන යන කුඩා රථයකින් අගලවත්ත බෙල්නිව් දෙමළ පාසලේ දරුවකු මිලට ගත් මාළු පාන් ගෙඩියක්‌ පාසලට ගෙන ගොස්‌ කෑමට ගත් අවස්‌ථාවේදී ඒ තුළ මියගිය කැරපොත්තකු සිට ඇත. 


අනතුරුව මේ පිළිබඳව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කර ඇත. අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජානක මාරසිංහ

සෙරෙප්පු එල්ලූ සිසුවියගේ මවට ගුරුවරුන්ගෙන් බලපෑම්


මාස්‌පතා රුපියල් 
පන්දහස බැගින්
ගිණුමක්‌

සෙරෙප්පු පැළඳ පාසල් පැමිණි දැරියගේ බෙල්ලේ එම සෙරෙප්පු දෙක එල්ලූ ගුරුවරිය පිළිබඳව මාධ්‍යයට කළ ප්‍රකාශ නිවැරැදි කරන ලෙස ඇතැම් ගුරුවරුන් තමාට බලපෑම් කරන බව එම දැරියගේ මව ඉන්ද්‍රවතී මැණිකේ මහත්මිය පවසනවා.

තමාගේ දියණියට සිදු වූ මෙම අසාධාරණය පිළිබඳව පළවීමෙන් පසු පොලිසියේ වීරරත්න මහතා දැරියට සපත්තු දෙකක්‌ ලබාදුන් බව පැවසූ ඇය දැන් තම පවුලට නිවසක්‌ තනාදීමටත් දියණිය වෙනුවෙන් මාස්‌පතා

අරලගංවිල ඇළට වැටුණු 10ක් මැරෙද්දී 12 ක් බේරාගත් වීරයන් තිදෙනාගේ කතාව...

අලුත් අවුරුදු සමය කොයි කාටත් සතුට කැන්දාගෙන ආවද පොළොන්නරුවේ අරලගංවිලදී සිද්ධ වූයේ එහි අනෙක් පැත්තය.

ඒ අවුරුදු නෑ ගමනක් යමින් සිටි විසි දෙදෙනෙකු අත්ට්‍රැක්ටරය සමග ඉසෙඩ් ඩී ඇළට පෙරළී දස දෙනෙකු මිය යාම හේතුවෙනි. ඉකුත් අප්‍රේල් 18 වෙනිදා අරලගංවිල අලුත් ඔය ප්‍රදේශයේ දී සිදුවූ මෙම මාරක අනතුරෙන් දොළොස් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීම ටද හැකි විය.

මාස හයක කිරිකැටි ගැහැනු දරුවෙකු, අවුරුදු හතරක  ආබාධිත දරුවෙකු සහ කාන්තාවන් පස් දෙනෙකුද, පිරිමි පස් දෙනෙකු ඇතුළුව දොළොස් දෙනෙකුගේ එසේ දිවි ගලවා ගැනීමට හැකිවූයේ එකම පවුලක ඥාතීන් තිදෙනෙකුගේ වීර වික්‍රමාන්විත දස්කම්වලට පින්සිදු වන්නටය.



අඩි 25 ක් පමණ ගැඹුරු ඇළකට පැන වේගයෙන් ගලා යන සැඩ පහරත් සමග ‍පොර බදමින් ජීවිතයත් මරණයත් අතර සටනක නියැළී ජීවිත දොළහක් බේරා ගැනීම සැබැවින්ම වීර ක්‍රියාවකි.

ලොවම කැළඹූ ගුවන් හා නාවුක අනතුරු දෙකේ අලුත්ම තොරතුරු...

2014 වසරේ මාර්තු මස 8 වෙනිදාට හිරු පායා ආවේ ලොව අඩු වියදම් ගුවන් සේවාවක් ලෙස ජනප්‍රියව තිබූ මලයාසියානු ගුවන් සේවය බරපතළ ඛිෙදවාචක යකට යොමු කරවමිනි. 

ඒ 2014. 03. 08 දින අලුයම 12.21ට පමණ මලයාසියානු ගුවන් සේවයේ පියාසර අංක MH 307 දරන යානය වියට් නාමයට නුදුරින් වූ අහස් තලයේදී අතුරුදන් වීමත් සමගිනි. 

මගීන් 227 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනකු කැටිව ගමන් ගත් බෝයිං 777 වර්ගයේ මෙම ගුවන් යානය ක්වාලාලාම්පූර් පාලක මැදිරිය හා පැවැති සියලු සබඳතා බිඳ දමමින් එදින අලුයම 1.20ට පමණ රේඩාර් තිරයෙන් මැකී ගිය බැවින් ඒ මොහොතේ සිටම දකුණු චීන මුහුද ආශ්‍රිතව වියට්නාමය, මලයාසියාව, චීනය ප්‍රමුඛ රටවල් යානය සොයා වෙහෙසෙන්නට විය. 

08-03-2014 දින සවස වියට්නාමය විසින් තෙල් පැල්ලමක් සාගරයෙන් සොයාගත් අතර යානය මුහුදට ඇදවැටුණු බව ඒ සමගම අනුමාන

යකදුරා නිවසට යාමට හා ඒමට පටන් ගත් නිසා බිරිඳ පිළිබඳ සැකයක් ඇතිවෙලා.

මාතර නගරය මැදින් ගලා බසින සුන්දර නිල්වලා ගංකොමළිය කාගේත් සිත් ගත්තකි. මහානාම පාලම මතින් ගමන් කරන  ඕනෑම කෙනෙකු ගඟ දෙස බලන්නේ එහි සිටින කිඹුලන් බැලීමටය. ඊට අමතරව ඔරු පාරුද පාලම යටින් ගමන් කරන අයුරු දැක ගතහැකිය.

දිනය ඉකුත් 24 වැනිදාය. වේලාව උදෑසන 11.00 පමණ විය. මහානාම පාලම මතින් ගමන් කළ සියලූ දෙනාටම දැක ගත හැකි වූයේ කුඩා දැරියන් දෙදෙනෙකු නිල්වලා ගඟ මැද ගිලෙමින් සිටින අයුරුය.



ගෙඟ් සිටිනා කිඹුලියගේ පැටියා මිනී නොකන බවට ප‍්‍රසිද්ධ ජන කවියක් තිබුණද ඒ කිසිවකුත් දැරියන් බේරා ගැනීමට ගඟට නොපැන්නේ මිනීමරු කිඹුලන් නිල්වලා ගෙඟ් සිටින බව හොඳින් දන්නා නිසාය. ඔවුන් සියලූදෙනාට කළ හැකිව තිබුණේ අත් උස්සමින් මහ හඬින් කෑ ගැසීමය.

අනේ දරුවෝ දෙන්නෙක් ගඟට දමලා. බේරා ගන්න කියමින් ඔවුන් මර ලතෝනි දුන්නේ මාතර නගරයම කම්පාවට පත් කරමිනි. තවත්

ඔබ දන්නවද තත්පරයට මෙගා බයිට්‌ස්‌ 100 අධිවේගී FTTH බ්‍රොඩ්බෑන්ඩ් සේවාව ගැන

දේශයේ ජාතික තොරතුරු සංනිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු වන ටෙලිකොම් සමාගම මෙරට බ්‍රොඩ්බෑන්ඩ් පදනම වර්ධනය කරමින් හා ප්‍රධාන වෙළෙඳ පොළ ආවරණය කරමින් දිවයින තුළ ප්‍රථම FTTH බ්‍රොඩ්බෑන්ඩ් සේවා ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටී. 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, දිවයිනේ ප්‍රධාන සන්නිවේදන යටිතල පහසුකම් ජාල ක්‍රියාකරු වශයෙන්, FTTH තාක්‍ෂණය ඔස්‌සේ ඉතා අධිවේගී බ්‍රොඩ්බෑන්ඩ් සේවා හඳුන්වාදුන් විට මහල් රාශියකින් සමන්විත

මනම්පේරි ඝාතන කතාවේ සැඟවුනු රහස්‌ - 2


ප්‍රේමවතී මනම්පේරිට 
ඡේ.වී.පී. හංවඩුව 
ගැහුවේ කවුද?
 

රෝහණ විඡේවීරගේ නායකත්වයෙන් ආරම්භවූ ජනතා විමුක්‌ති පෙරමුණට තරුණයන් පමණක්‌ නොව තරුණියෝ ද සිය ගණනින් එක්‌වී සිටි අතර 1971 අප්‍රේල් කැරැල්ලේදී ඔවුන් විසින් ද විශාල වැඩ කොටසක්‌ ඉටු කොට තිබූ බව පසුව කැරැල්ල පිළිබඳ නඩු විභාගවලදී හෙළි විය.

කමණි, සම්පතී, සුසිලා, සුජාතා, හඳගම, ලීලා, පුෂ්පා, පියසීලි, නන්දසීලි, චන්ද්‍ර, ධම්මිකා සහ ආරියවතී ආදී තරුණියන්ගේ නම් රැසක්‌ අපරාධ යුක්‌ති විනිශ්ච කොමිෂ න් සභාව ඉදිරියේ විභාග වූ කැරැල්ලේ මහ නඩුවේදී ලොකු අතුල විසින් දෙන ලද සාක්‍ෂියේදී අනාවරණය විය. 


කැරැල්ල සංවිධානය කිරීමේදී කැරළිකරුවන්ට යුනිෆෝම් මැසීම, ප්‍රථමාධාර සඳහා ඖෂධ රැස්‌ කිරීම, කැරළිකරුවන් වෙත පණිවුඩ ගෙන යැම පමණක්‌ නොව පොලිස්‌ ස්‌ථානවලට පහරදීම සඳහා ද තරුණියන්

මුහුදේ නාමින් සිටි රූමත් ජර්මන් කතට කලිසම පහත් කර සිය නිරුවත පෙන්වූ මීරිගම සමීර

ශ්‍රී ලංකාවේ සිරි නැරඹීමට පැමිණ මීගමුව සංචාරක පුරයේ මුහුදේ නාමින් සිටි රූමත් ජර්මන් ජාතික කතකට නිරුවත පෙන්වා ඇයට අප්‍රසන්න තාවයක්‌ ඇති කළ බව කියන ගුවන් භටයකු පිලිබඳ පුවතක් මීගමුව පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.

මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප ප්‍රතික්‍ෂේප වී රිමාන්ඩ් භාරයට පත් සැකකාර ගුවන් භටයා වූයේ මීරිගම පදිංචි සමීර ලංකා රුවන්තිලක නමැත්තෙකි. 

එම සැකකරුට එරෙහිව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් ගොනු කළ පැමිණිල්ල අනුව මෙම සිද්ධියට මුහුණ දුන් ජර්මන් ජාතික කාන්තාව 25 හැවිරිදි රුවැති කාන්තාවකි. 

ඇය සිය සැමියා සමග සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔවුන් මීගමුව සංචාරක කලාපයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන ඇත. පසුව ඔවුන් තමන් නැවතී සිටි සංචාරක හෝටලයට නුදුරින් වූ මුහුදේ

කරාතේ සිසුවා ලිංගික කටයුතුවලට යොදාගත් ග්‍රාම නිලධාරියා සහ නිලධාරිනිය

තම ලිංගික ආශාවන් සපුරා ගැනීම සඳහා වසර දෙකක පමණ කාලයක සිට 14 හැවිරිදි සිසුවකු හවුලේ ලිංගික අපයෝජනයන්ට ලක්‌ කළ විවාහක ග්‍රාම නිලධාරියකු සහ අවිවාහක ග්‍රාම නිලධාරිනි යක පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා

එම ග්‍රාම නිලධාරීන් දෙදෙනා අප්‍රේල් මස 25 වැනි දින දක්‌වා රිමාන්ඩ් භාරයට පැමිණවීමට නියෝග කල අතර රිමාන්ඩ් භාරයට පත් කළ ග්‍රාම නිලධාරී න් දෙදෙනා වූයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අනුයුක්‌තව සේවය කරන ග්‍රාම නිලධාරියකු සහ ග්‍රාම නිලධාරිනියකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය මගින් සිදු කළ විමර්ශන වලදී අනාවරණය වූ කරුණු අනුව සැකකාර ග්‍රාම නිලධාරියා විසින්

දියණියන් දෙදෙනා ගඟට වීසි කළ තාත්තාත් ඒ ගඟටම පැන දිවි පුදයි...

"ගඟට පනින්නට අපි 
ආවත් පමා වුණා නම් 
ළමයින් මිනීමරු 
කිඹුලන්ට බිලි 
වෙනවා"

තම සිඟිති දියණියන් දෙදෙනා මාතර මහානාම පාලමෙන් නිල්වලා ගඟට දමා ඝාතනය කිරීමට උත්සාහ කළ පියාගේ සිරුර ගඟේ පාවෙමින් තිබියදී පොලිසිය මගින් ඊයේ (25 වැනිදා) සවස සොයා ගෙන තිබෙනවා.

චන්දන සමන් ද සිල්වා නමැති පියා දියණියන් දෙදෙනා නිල්වලා ගඟට දමා පසුව ඔහු ද සිය දිවි හානිකර ගැනීමට ගඟට පනින ආකාරය නගරවාසීන් දැක ඇති බව පොලිසිය පවස
නවා.


පවුල් ප්‍රශ්නයක්‌ දුරදිග යැම නිසා කෝපයට පත් වූ මෙම පුද්ගලයා තම සිඟිති දියණියන් දෙදෙනා පෙරේදා (24 වැනිදා) පෙරවරුවේ නිල්වලා

ඕනේම නං උදව්වක් ඕන කෙනෙක් දැකපු වෙලාවක එයාට උදව් කරලා මාව මතක් කරන්න.


ඒ හොඳටම ඇති

එය අධික ශීතලෙන් යුත් සන්ධ්‍යා සමයකි. පාළු පාරක ගමන් කර මින් තිබූ මාග්‍රට් මහත්මියගේ මෝටර් රථය, යාන්ත්‍රික දෝෂය කට ලක්ව අතරමග නතර විය.

ක්‍රම ක්‍රමයෙන් අඳුර ගලා එයි. තව මොහොතකින් හිම පතනයද ඇරඹෙනු ඇත. බියට පත් මාග්‍රට් මහත්මිය වටපිට බැලුවේ, රථයේ දෝෂයට පිළියමක් කළ හැකි කිසිවෙකු මහමග එනු ඇත්දැයි දැන ගනු පිණිසය. එහෙත්, එය නිවාස ආදියෙන් තොර වනගත පෙදෙසක් වූ බැවින් කිසිවෙකු දක්නට නොවීය.


මොහොතකට පසු, සිය වැඩපළ නිම වී පාපැදියක නැගී නිවස බලා යමින් සිටි කම්කරුවෙක් රථය අසලට ළඟාවෙද්දී සිදුව ඇති දෙය තේරුම් ගෙන එහි මදකට නතර වූයේය. ඔහු දුටු මාග්‍රට් මහත්මිය වහාම රථයෙන් බසින්නට සූදානම් වූවාය.

එහෙත් කම්කරුවා සිනාසී ඇය ඉන් වැළකුවේය.


‘ එළියෙ බොහොම සීතලයි. නෝනා කාර් එක ඇතුළට වෙලා ඉන්න. මං බලන්නං ඇන්ජිමට මොකද වෙලා තියෙන්නෙ කියලා. පැය භාගයකට පමණ පසුව රථය යළි පණ ගැන්විය හැකි විය. වෙහෙසට පත්ව සිටි

මං පිරිමියෙක් එක්ක කතා කළත් මෙයා මාව අනිවාරතේ සැක කරනවා...


මෙයාට දැන් 
හැම තිස්සෙම 
මාව සැකයි...

අනුර සහ ලලනි මැදිවියේ යුවළක්. ඉතා දුක් මහන්සි වී තම ව්‍යාපාරය ගොඩනගා ගත් අනුර මේ වන විට යම් සාර්ථක ත්වයකට පැමිණ තිබුණා. නමුත් මෑතක සිට ඔවුහු විශාල ගැටලුවකට මුහුණපා සිටියා. අනුරට දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් පෙළුණා. 

ඊට ප්‍රතිකාර ගන්නා අතරේ ඔහුට ටික කලක සිට තදබල කෑම අරුචියක් ඇතුළු විවිධාකාර කායික රෝගාබාධ ඇති වුණා. කොතෙක් ප්‍රතිකාර කළත් එය සුවපත් වූයේ නැත. කෙසේ හෝ එක් කායික රෝග වෛද්‍ය වරයකු අනුරව මානසික රෝග සායනය වෙත යොමුකර තිබුණේ මේ අතරතුරදීය.

අනුර සමග ලලනිද මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත පැමිණියා. “කිසිම   බේතකින් මෙයාගෙ ලෙඩේ නම් හොඳ වෙන පාටක් නෑ ඩොක්ටර්. මෙයාගෙ ආච්චිගෙ වැඩේම අපෙ ගේ දිහාම බලා ඉන්න

එප්පාවල එක්‌ මත්පැන් හලකින් 14 වැනිදා රුපියල් කෝටියක තැන්පතුවක්‌...


දිව්‍ය ලෝකය 
ලංකාවට 
ගොඩ 
බැහලා.. !

එප්පාවල නගරයේ මත්පැන් හල් දෙකක්‌ තිබේ. එක්‌ මත්පැන් හලකින් 14 වැනිදා වෙළෙඳාමෙන් රුපියල් කෝටියක මුදලක්‌ තැන්පතුවට ගොස්‌ තිබේ. රට දුප්පත් කියන්නේත් මිනිසුන්ට සල්ලි නෑ කියන්නේත් අමූලික බොරුවක්‌ද? 

එසේ නම් අංක එක මැත්පැන්වලටත්, අංක දෙක සිගරැට්‌ටුවටත්, අංක තුන ජංගම දුරකතනයටත්, අංක හතර - යතුරුපැදියටත් ලැබුණේ කුමන ආශ්චර්යයකින්ද? මේ මොන තරම් ජොලියක්‌දැයි සිතාගන්නටවත්

හමුදාවේ මාමලා නැත්නම් අපි ඉවරයි - නිල්වලා ගඟට වීසි කල දූවරුන් දෙදෙනා කියයි.


පවුල් ආරවුලක්‌ දුර දිග යැම නිසා කෝපයට පත්වූ පියකු තම සිඟිති දියණියන් දෙදෙනා මාතර මහානාම පාලමෙන් නිල්වලා ගඟට විසිකර ඇති අතර දියේ ගිලෙමින් සිටි දියණියන් දෙදෙනා යුද හමුදා නිලධාරීන් සිව්දෙනකු විසින් බේරාගෙන තිබෙනවා. ඊයේ (24 වැනිදා) උදේ 11.30 ට පමණ මෙම සිද්ධිය වී ඇති අතර දරුවන් දෙදෙනා ගඟට විසිකළ පියා අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

සිඟිති දියණියන් දෙදෙනා නිල්වලා ගඟේ ගසාගෙන යද්දී දිවි නොතකා ගඟට පැන පිහිනා ගිය හමුදා නිලධාරීන් සිව්දෙනා ඔවුන්ගේ ජීවිත බේරාගෙන ඇති බව නගරවාසීහු පවසනවා.

හමුදා නිලධාරීන් කළ වීර ක්‍රියාවෙන් දිවි ගලවාගෙන ඇත්තේ සිව් හැවිරිදි චතුමිකා දිනේෂි සහ දෙහැවිරිදි ගිහින්දිකා කාවින්දි නමැති දැරියන් දෙදෙනාය.

මෙම දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගනු ලැබුවේ මාතර ගැමුණු හේවා කඳවුරේ රාජකාරි කරමින් සිටි ලාන්ස්‌ කෝප්‍රල් මානගේ, සාමාන්‍ය සෙබළ කේ. පුෂ්පකුමාර, ඒ. ද සිල්වා සහ කේ. එල්. සී. මධුසංක යන අය බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ දුන් සිඟිති දැරියන් දෙදෙනා තම මව සහ පියා සමග මාතර රත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.



සැකකරුගේ බිරිඳගේ නැගනිය අනියම් සම්බන්ධතාවක්‌ පවත්වන බව කියමින් මෙම පවුලේ නිතර ආරවුල් ඇති වී තිබිණි. පෙරේදා රාත්‍රියේ ද

මාළිගාවත්ත පොලිසියේ වීරෝධාර මෙහෙයුම - තිස්‌ ලක්‍ෂයක කප්පමට පැහැරගත් දරුවා බේරාගත් හැටි

විදිපහන් එළියෙන් මාළිගාවත්ත ජුම්මා මස්‌ජිඩ් පාර ආලෝකවත් වී තිබුණේය. රෑ බෝවෙමින් තිබුණ ද මාර්ගය ජනශූන්‍ය වී තිබුණේ නැත.

විටින් විට නිවසින් පිටතට පැමිණෙන ෂියාම්ගේ බිරිඳ මාර්ගය දෙස බලන්නේ නොඉවසිල්ලෙන්ය. ඇය මහත් කලබලයට පත්වූ බවක්‌ පෙනෙන්නට තිබුණේය. "මේ දරුවා තාමත් නැහැ. වෙනදට මෙච්චර රෑ බෝ වෙන්නේ නැහැනේ. බිරිඳ තනිවම මුමුණන්නට වූවාය. ඒ වනවිට රාත්‍රි 8.30 පසුවී තිබිණි.



ෂියාම්ගේ අට හැවිරිදි පුත්‍රයා මින්රාඡ් ය. මාළිගාවත්ත මුස්‌ලිම් පල්ලියේ පවත්වන ආගම ඉගැන්වීමේ පංතියට යැම ඔහුගේ දින චරියාවේ එක්‌ අංගයක්‌ විය. මින්රාඡ් බොහෝ විට පල්ලියට ගියේ තම සීයා සමඟය. 

පල්ලියේ සිට නිවසට එතරම් දුරක්‌ නැත. ජනාකීර්ණ වීදිය ඔස්‌සේ තනිව ම නිවසට එන්නට ඔහු පුරුදුව සිටියේය. එහෙත් පසුගිය 09 වැනිදා රාත්‍රි

දකින හැමෝම කියන්නේ, නයනා ඔයා තවත් ලස්‌සනයි කියලයි - නයනා කුමාරි


අපේ ගෙදර 
රතු කට්‌ට 
පනින්නේ 
මහත්තයට

නිළියක්‌ ලෙස සමාජයේ ජනප්‍රිය වනවාට අමතරව ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙන්ද නයනා කුමාරි ඉදිරියට ඇවිත් තිබෙනවා. කාර්ය බහුල වී සිටින නයනාට කේන්තියන්ගේ නැද්ද...? කේන්ති ගිහිල්ලා රතු කට්‌ට පැන්නේ කවදාද...? මේ තොරතුරු දැනගන්න රතුකට්‌ට පැන්න තැන ගැන කතාබහට අද එකතු වන්නේ නයනායි.

නයනාට පොඩි කාලේ ඉඳන්ම කේන්ති යනවාලු නේද...?

අපෝ නෑ... මට එහෙම කේන්ති යන්නේ නැහැ. මම හැම දෙයක්‌ ගැනම උපේක්‍ෂාවෙන් බලන කෙනෙක්‌. මට පොඩි කාලේදී නම් කොහොමටත් කේන්ති යන්නේ නැහැ.

කලා ක්‍ෂේත්‍රයට ආවට පස්‌සේ නම් කේන්ති යනවා ඇති නේද...?

එහෙමත් නැහැ. මමයි හස්‌බන්ඩ්නුයි අරගෙන බැලුවොත් එයාට ගොඩක්‌ කේන්ති යනවා. මම නම් කේන්ති ගන්නේම නැහැ. ක්‍ෂේත්‍රයේදීත් මම

පච්චය නිසා පිටුවහල් කිරීම නීති විරෝධීයි - පිටුවහල් කළ කාන්තාවගෙන් චෝදනාවක්


නිලධාරීන් සල්ලි 
ඉල්ලා සිටියා

බුදු දහම අදහන කෙනෙකු වන තමන්ට, බුදු දහමට නිගා කිරීමේ කිසිදු චේතනා වක් නොතිබුණු බව, බුදු රුව සහිත පච්චයක් අත් බාහුවේ කොටා තිබීම නිසා පිටුවහල් කිරීමට ලක් වූ බ්‍රිතාන්‍ය කාන්තාව කියා සිටියි.

නයෝමි කොලමන් නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ඇගේ දකුණු අතේ බාහුවේ නෙළුම් මලක් මත වැඩ සිටින බුද්ධ රූපයක් සහිතව පච්චයක් කොටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කෙරිණි. තමන් ලංකාවේදී මුහුණ පෑ අත්දැකීම පිළිබදව බීබීසී ලෝක සේවයට අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවා.

‘ගුවන් තොටුපලේ නිලධාරීන්ගෙන් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ටැක්සි රියදුරන් දෙදෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙක්

කිරි ඉබ්බෙක්‌ අහසින් යයි


දඩස්‌ ගාල හයියෙන් 
ශබ්දයක්‌ ඇසුණා.

අනුරාධපුර නගරයේ තුන්වැනි පියවර පුබුදුපුර ප්‍රදේශයේ ගෙවත්තක මිදුලකට අහසින් කිරි ඉබ්බකු වැටී තිබෙනවා.

පෙරේදා (22 දා) රාත්‍රී 10.30 ට පමණ එම ඉබ්බා මෙලෙස බිමට වැටී ඇති බවත්, බිම ඇද වැටීමෙන් ඉබ්බාගේ කටුව පිපිරීමකට ලක්‌ව ඇති බවත් ගෙහිමි කාන්තාව පනස්‌ හතර හැවිරිදි සිවුදරු මවක වන පී. ජී. කුසුමාවතී මහත්මිය අප වෙත පැවසුවා.

තරමක්‌ පැහැපත් බවින් යුත් එම ඉබ්බාගේ කටුව පිපිරීමකට ලක්‌ව ඇතත් ඌ සාමාන්‍ය ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අයුරු ඊයේ (23 දා) පෙරවරුවේ එහි ගිය අපට දැක ගත හැකි වුනා.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ගෙහිමි කාන්තාව වන අනුරාධපුර තුන්වැනි පියවර පුබුදුපුර අංක 2347 දරණ නිවසේ පදිංචි පී. ජී. කුසුමාවතී මහත්මිය මෙසේ
පැවසුවා.

පෙරේදා (22 දා) රාත්‍රී 10.30 ට පමණ මමත් සැමියාත් දරුවනුත් රූපවාහිනිය නරඹමින් සිටින විට නිවසේ මිදුල දෙසින් දඩස්‌ ගාල මහ

නෙයිනාකාඩු ඇළේ ත්‍රාසජනක අද්දැකීම - නම් හෙළිකරන්න බැරි අක්‌කලා කියති

"අපි ඔක්‌කොම ඇළට බැහැලා නාල ඉවර වෙලා ගොඩ ආවා. ගොඩට ආවායින් පස්‌සේ නංගිගේ පිටේ මඩ ගෑවිලා තිබුණා. නංගි මඩ සේදීම සඳහා යළිත් ඇළට බැස්‌සා. නමුත් ඇළට බැස්‌ස නංගී දිය උඩට ආවේ නෑ.

පසුව අපි නංගිව බලන්න ඇළට බැස්‌සා. එක පාරටම උඩට මතුවූ නංගී අක්‌කාගේ උරහිසෙන් අල්ලා ගත්තා. "දිය යටින් මොකක්‌දො අල්ලාගෙන සිටිනවා මාව බේරාගන්න කියා ඇය කෑ ගැසුවා. 

එවිට මා සහ මා සමඟ සිටි අනෙක්‌ සහෝදරිය දියට බැස නංගීව අල්ලා ඇද්දා. නමුත් ඇය එළියට ආවේ නෑ පසුව අප දෙදෙනා නංගීව

ෆේස්‌ බුක්‌ ප්‍රේමය වෛරයක්‌ වී තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දැමූ 19 හැවිරිදි තරුණයා

ෆේස්‌ බුක්‌ සමාජ වෙබ් අඩවිය ඔස්‌සේ දැන හඳුනා ගත් වයස අවුරුදු 19 තරුණයකු හා 24 තරුණියක්‌ මාස 10 ක්‌ තුළ ඇතිකරගත් ආදර සබඳතාවක්‌ දුරදිග ගොස්‌ ඇති අතර පසුව දෙදෙනාගේ ආදරය විරසකයක්‌ දක්‌වා වර්ධනය වූ විටකදී තරුණයා විසින් තරුණියගේ නිරුවත් ඡායාරූප ෆේස්‌ බුක්‌ වෙබ් අඩවියට (අන්තර්ජාලයට) මුදාහැරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් (18 දා) තරුණයකු ගලේවෙල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ගලේවෙල නිලගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක්‌ හා රත්නපුර ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු මීට මාස 10 ඉහතදී face book සමාජ වෙබ් අඩවියෙන් දැන හඳුනාගෙන ඇති අතර එය ආදර සම්බන්ධයක්‌ දක්‌වා දුරදිග ගොස්‌ ඇත. පසුව මෙම දෙදෙනා ජංගම දුරකථන අංක හුවමාරු කරගෙන අනතුරුව මොවුන් ගලේවෙල නගරයේදී පළමුව හමුවී ඇත.

මෙම දෙපළ අතර ඇතිවූ බහින්බස්‌ වීමක්‌ දුරදිග යැමෙන් අනතුරුව මෙම ආදර සබඳතාව විරසකයක්‌ දක්‌වා වර්ධනය වී මෙලෙස තරුණියගේ

මගේ මධු පුතාගේ ජීවිතේ හමුදාවේ මහත්වරු අරගෙන ගියා මව හඬමින් කියයි

පසුගිය 20 වැනිදා පස්‌වරු 4.00 ට පමණ හමුදා බස්‌ රථයක යතුරුපැදිය ගැටීමෙන් මිය ගිය 29 හැවිරිදි එක්‌දරු පියකු වූ ප්‍රබෝධ මධුශාන් තාරක නමැති යතුරු පැදි කරුගේ මවගේ විලාපයෙන් හෝමාගම ප්‍රදේශයේ ජන හදවත් කම්පාවී ගියේය.

ප්‍රදේශවාසීන් 'මධු' යන සුරතල් නාමයෙන් හැඳින්වූ ප්‍රබෝධ මධුශාන්ගේ උපන් ගම්පියස වූයේද මුල්ලේගම මලවියා කන්දවත්ත ප්‍රදේශයයි. මවුපියන් හා පවුලේ බඩ පිස්‌සාද වන මධුශාන් ජීවත් වූයේ පරම්පරානු ගතව ඔවුන්ට හිමිව තිබූ මුල්ලේගම නිවසේය.

සාමාජිකයන් හතර දෙනකුගෙන් යුත් මධුශාන්ලගේ පවුලේ දෙමාපියන්ට අමතරව ඔහුට සිටි එකම සොහොයුරියද ජීවත් වූයේ එම නිවසේය. මෙයට වසර තුනකට පෙර ජීවිතයේ නව මගකට දෙමාපිය

නෙළුම් මලක වැඩ සිටින බුදුරුව පච්ච කොටා පැමිණි සුද්දිය රටින් පිටුවහල්

බුදුරුව
දකුණු 
බාහුවේ

බුදු දහමට නිගා වන අන්දමින් නෙළුම් මලක වැඩ සිටින බුදුන් වහන්සේ ගේ රුව මහජනයාට හොඳින් පෙනෙන අන්දමින් දකුණු බාහුවේ (උරහිසේ) පච්ච කොටා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වහාම ඇගේ මව් රටට පිටුවහල් කිරීම සඳහා ඇය ආගමන විගමන පාලකගේ මිරිහාන රැඳවුම් කඳවුරට භාරදුන් පුවතක් මීගමුව පොලීසියෙන් අප වෙත වාර්තා වෙනවා.

පිටුවහල් නියෝග ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික 37 හැවිරිදි මිචෙල් කැමලීන් නමැත්තියකි. ශ්‍රී ලංකාවට පැමිණි ඇය කටුනායක ගුවන්තොටුපළේදී

සිසුවාට ග්‍රාමසේවා නිලධාරිනිය සමග අඹු සැමියන් ලෙස හැසිරෙනන්ට අණකළ ග්‍රාම සේවා නිලධාරියා


හැඟීම් ඇවිස්සී හුන් 
නිලධාරිනියත් 
බල කරලා

ජාතික ළමා ආරක්ෂක අධිකාරි යේ දුරකථන අංක 1929 ළමා උපකාරක සේවාවට ඉකුත් 11 වෙනිදා පෙරවරුවේ නිර්නාමික දුරකථන ඇමතුමක් දෙමින් කාන්තාවක් දැනුම් දෙන්නේ සීදූව පැත්තේ ග්‍රාමසේවා නිලධාරියෙකු වසර තුනක් තිස්සේ පිරිමි ළමයෙකු සම්බන්ධ යෙන් කරනු ලබන ලිංගික අපයෝජනයක් ගැනය.  අපයෝජනයට ලක්වන පිරිමි ළමයා ගැනත්, ග්‍රාමසේවා නිලධාරියා ගැනත් සියලු විස්තරද ඇය හෙළිදරව් කළාය.

මෙවන් නිර්නාමික පැමිණිල්ලක් 1929 ළමා උපකාරක සේවා මැදිරියට ලැබුණු සැණින් ජාතික ළමා අධිකාරිය ඒ ගැන සොයා බැලීමේ මූලික වගකීම පවරන්නේ ‍පොලීසියටය. එකී තොරතුරට අනුව ළමා අපයෝජන ය සිදුවන බව සඳහන් වූයේ සීදූව පැත්තේ බැවින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය ඒ ගැන සොයා බැලීමේ වගකීම පවරන්නේ සීදූව ‍පොලීසියටය. 


ඒ වනවිට සීදූව ‍පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටින්නේ ‍පොලිස් පරීක්ෂක අයි.ආර්.එම්.එස්.රණසිංහ මහතාය. පැමිණිල්ල ගැන සොයාබැලීමේ කටයුත්ත එහිදී ඔහු පවරන්නේ

අඹතැන්නට කඳුළු ගෙනා කතරගම ඛේදවාචකය


වෑන් එක වැවට වැටුණා 
කියා පාරේ ආපු මාමා 
කෙනකුට කීවා

මම නිදාගෙන සිටියේ පොඩි අක්‌කා ළඟයි. එක පාරම ශබ්දයක්‌ ඇසුණා. ඒ සමගම මාව වතුරට වැටුණා. මම කළුවරේම වතුරෙන් ගොඩට ආවා. ගොඩට ඇවිත් කළුවරේම පාරේ ඇවිදගෙන යන කොට මාමා කෙනෙක්‌ හමුවුණා. මම ඒ මාමාට කිව්වා වාහනේ වතුරේ වැටුණා කියලා. 

ඊට පස්‌සේ පොලිසියේ මාමල ඇවිත් මාව රෝහලට අරන් ගියා යෑයි දෙටගමුව වැවට වෑන් රියක්‌ පෙරළීමෙන් සිදුවූ අනතුරින් දිවි ගලවා ගත් ජනිත චාතිකර දාබරේ නමැති නව හැවිරිදි දරුවා පැවසුවේය.

දෙහිඅත්තකණ්‌ඩිය වැලිකන්ද නෑගම් ගිය 10 දෙනෙකු නෑගම් යමින් සිටියදී ඇළකට වැටී මියගිය සිද්ධියේ දොaංකාරය මැකී යන්නටත් පෙර එවැනිම අයුරින් කතරගම දෙටගමුව වැවට පෙරළී තවත් ජීවිත පහක්‌ (5) පෙරේදා 19 වැනි දින අලුයම අහිමි විය.

මුල්ලේගම අඹතැන්න අංක 34 සේනානි නිවසේ පදිංචි තිදෙනකු හා තවත් පවුලක සැමියා හා බිරිඳ මෙම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්වූහ. මෙම පිරිස කොළඹ කඩුවෙල ප්‍රදේශයේ නෑගම් ගොස්‌ කතරගම වන්දනා කිරීම සඳහා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇත. 


සිද්ධියෙන් දිවි ගලවා ගත් ජනිත චාතිකර දාබරේ 9 හැවිරිදි පිරිමි දරුවා රිය පෙරළීමේදී වැවට වැටී ඇති අතර ඔහු වැවෙන් පීනා විත් මාර්ගයේ

ට්‍රැක්‌ටරයේ රේසරයක්‌ ගැලවුණාම බාධයි කියා හැරී යමු කීවත් එය හදාගෙන යළි පිටත් වුණා

දෙහිඅත්තකණ්‌ඩිය විඡේපුර සිට සෙවන පිටියට අත් ට්‍රැක්‌ටරයේ ටේ්‍රලරයට පොලුවලින් වහලයක්‌ සකස්‌ කරගෙන කළාලයක්‌ උඩට දමා අවුරුදු නෑගම් ගිය එකම පවුලේ දූ දරුවන් සමග ඥතීන් 23 දෙනකු ගමන්ගත් අත් ට්‍රැක්‌ටරය අරලගංවිල අලුත් ඔය පාලම අසලින් ඉසඩ් ඩී. ඇළට වැටීමෙන් 10 දෙනකු මිය යැම නිසා විඡේපුර ගම්මානයට මැති ඇමැතිවරුන් ඇතුළු මහජන ගංගාවක්‌ මේ වන විට පැමිණෙමින් සිටිති.

මෙම ෙ€දවාචකය නිසා මේ වන විට දෙහිඅත්තකණ්‌ඩිය විඡේපුර ගම්මානයම ශෝකාන්තයක්‌ වී තිබේ. ඥතීන් පමණක්‌ නොව ගම්වාසීන් ඇතුළු ජනතාව මහත් සංවේගයකට පත් වී සිටිති.

18 වැනිදා ප.ව. 3.00 ට අලුත් ඔය ඉසඩ් ඩී ඇළ අසලට මා යන විට ද 5000 ක පමණ ජනකායක්‌ රැස්‌ වී සිටි අතර අරලගංවිල පොලිස්‌ ස්‌ථානාධිපති ලලිත් රාජමන්ත්‍රී 232 බලසේනාධිපති කර්නල් ඩයස්‌, පොලිස්‌, හමුදා නිලධාරි සහ අලුත් ඔය ජනතාව මහත් කලබලයෙන් අතුරුදන්වූවන් සොයමින් සිටියා.

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය මගින් මහවැලි බී කලාපයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකක ගොවි පවුල් 20000 කට දියවර සැපයීමට ඉසෙඩ් ඩී ඇළ නිර්මාණය කළ අතර මෙහි ගැඹුර මීටර් 10 ක්‌ පමණ වේ. හරිම භයානක අනතුරුදායක මහවැලි ඇළක්‌ ලෙස

කොරියන් නැව පෙරළුණෙ කොහොමද?

මගීන් සහ භාණ්‌ඩ ප්‍රවාහනය යන කාරණයේදී වඩාත්ම ආරක්‍ෂාකාරී මාධ්‍යය ලෙස ජාත්‍යන්තර තලයේදී පිළිගනු ලබන්නේ ගුවන් යානයයි. දෙවන තැන නැව් සහ බෝට්‌ටුවලටත් තෙවන තැන ගොඩබිම ගමන් කරන වාහනවලටත් හිමිවේ. 

ප්‍රවාහන කටයුතුවලදී ඉතාම අඩුවෙන් අනතුරට ලක්‌වන්නේ ගුවන් යානාය. නැව් ගිලෙන්නේද කලාතුරකිනි. එහෙත් බස්‌ කාර් මෝටර් සයිකල් ඇතුළු ගොඩබිම් වාහන නිතර හැපෙයි, පෙරළෙයි. 

එහෙත් ගුවන් යානයක්‌ කඩා වැටුණ විට හෝ නැවක්‌ ගිලුණු විට ලැබෙන ප්‍රචාරය සහ හටගන්නා සන්ත්‍රාසය ඉතා විශාලය. මෙයට තෙදිනකට පෙර, එනම් අප්‍රේල් 16 වැනිදා කොරියන් අර්ධද්වීපයට නිරිත දිගින් කහ මුහුද සහ චීන මුහුද අතර මායිමේ පිහිටි Jindo දූපත් සමූහයට කි. මී. 20 ක්‌ ඈතින් ගිලීගිය කොරියන් මගී යාත්‍රාව සාමුද්‍රික අනතුරු ඉතිහාසය සමග සසඳන කල සුළු සිද්ධියකි.

එහෙත් කලාතුරකින් හටගන්නා අනතුරක්‌ වන නිසා එයට ලැබුණේ ලොකු ප්‍රසිද්ධියකි. මෙයට මාස එකහමාරකට පෙර අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයද ගුවන් අනතුරු ඉතිහාසය සමග බලන කල

නිර්නාමික පෙත්සමකින් රටට හෙළිවූ මනම්පේරි ඝාතනය

කතරගම රූමතිය ලෙස අභිෂේක ලද ප්‍රේමවතී මනම්පේරි ඝාතනයට ලක්‌වී ඉකුත් අප්‍රේල් 17 වැනි දිනට හරියටම වසර 43 ක්‌ සම්පූර්ණ විය.

එවකට අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය නොවන්නට මේ සිද්ධිය කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට හොඳටම ඉඩ තිබිණි.

එසේම එකල මෙම සිද්ධිය රටට අනාවරණය කිරීමට අභීතව ඉදිරිපත් වූයේ බී. ඒ. සිරිවර්ධන මහතා කර්තෘත්වය දැරූ 'ඇත්ත' පුවත්පත පමණි.

'ඇත්ත' පුවත්පත මේ සිද්ධිය පළ කළේ එවක ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයකුට කතරගම ප්‍රදේශයෙන් ලැබී තිබුණු නිර්නාමික පෙත්සමක ප්‍රතිඵලයක්‌ වශයෙනි.

කෙසේ හෝ මේ සාහසික අපරාධය හෙළි කරමින් 'ඇත්ත' පළකළ අභීත විලාසයත් එයට දායක වූ ප්‍රවීණ මාධ්‍යවේදී ස්‌ටැන්ලි සමරසිංහ හා මමත් මුහුණ දුන් අත්දැකීම්වලින් බිඳක්‌ විස්‌තර කිරීම මේ ලිපියේ අරමුණයි.

එසේම ප්‍රේමවතී මනම්පේරිට එවන් දුක්‌ඛදායක ඉරණමක්‌ අත්වීමට තුඩු දුන් දේශපාලන හා සමාජ කරුණු මෙන්ම එම සිද්ධිය පසුකලෙක දේශපාලන වේදිකාවල භාවිත කළ ආකාරය ද විමසා බැලීම ලියුම්කරුගේ අරමුණයි.

සත්‍යය තරමටම අසත්‍ය තොරතුරු වලින් පිරුණු එම සිදුවීම්වල අප දන්නා සත්‍යය හෙළිකිරීම අප කළ යුතු සමාජ මෙහෙවරක්‌ ලෙස සලකා මෙම ලිපිය ඉදිරිපත් කරන බව සැලකුව මැනවි.

රට පුරා මහත් ආන්දෝලනයට හේතුවූ කතරගම ප්‍රේමවතී මනම්පේරි තරුණිය ඝාතනය කිරීමේ සිද්ධියට වසර 43 ක්‌ සම්පූර්ණ වූයේ පසුගිය අප්‍රේල් 17 දාය. 1971 අප්‍රේල් කැරැල්ල ගැන සඳහන් කරන විට ප්‍රේමවතී මනම්පේරි නාමයද නිතැතින්ම කියෑවෙන්නේ ඇය හමුදා නිලධාරියකු විසින් නිරුවත්කොට මහමග ඇවිද්දවා ඉතාමත් කෲර අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීම නිසාය. කතරගම නගරයේ දෙනෝදාහක්‌ ඉදිරියේ

මීරිගම බාල වයස්කාර පිරිමි ළමුන් සමග සම්බන්ධකම් කරන ෆේස්බුක් සල්ලාලයෙක්

ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා බාල වයස්කාර දරුවන් බිලි ගැනීමට සූදානම් වූ තවත් ළමා අපයෝජකයෙකු අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය 10වැනිදා සමත් වී ඇත.

අන්තර් ජාලයෙන් සිදුවන ළමා අපචාර වැළැක්වීම සඳහා ජාතික ළමා ආරක්‍ෂක අධීකාරියේ ක‍්‍රියාත්මක සයිබර් වොච් මෙහෙයුමට අනුව එමපුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මීරිගම ප‍්‍රදේශයේ පදිංචි 40 වියැති පුද්ගලයෙක් වන ඔහු මෙරට ප‍්‍රමුඛ සංචාරක ප‍්‍රවාහන ආයතනයක පරිගණක අංශයේ ප‍්‍රධානියෙක් ලෙස සේවය කරන්නෙක් බව සඳහන්ය. 

මේ පුද්ගලයා ෆේස් බුක් ගිනුමක් හරහා බාල වයස්කාර පිරිමි ළමුන් සමග සම්බන්ධකම් ගොඩ නැගීමට උත්සහ දරන බව සයිබර් වොච්

මේකාත් පියෙක්‌ද?

පුරුද්දක්‌ වශයෙන් බාල වයස්‌කාර දැරියක්‌ අඹුකමට ගෙනවුත් ටික කලක්‌ තබාගෙන සිට ඔවුන් පලවා හරින තිරිසන් පුතෙකු තුන්වන වතාවටත් බාල වයස්‌කාරියක අඹුකමට ගනී. 

වයස අවුරුදු දහඅට සම්පූර්ණවීමත් සමඟ තමා විවාහ කරගන්නැයි ඔහු අතින් කෙළෙසුණ එම තරුණිය තිරිසන් පුතාට කියයි. එහෙත් තිරිසනා එයට විරුද්ධවන බැවින් තරුණිය ඔහු සමඟ ආරවුල් ඇතිකර ගනී. 

දිනක්‌ තිරිසනාත් ඔහුගේ නව යොවුන් බිරියත්, තිරිසනාගේ පියාත් කුරුඳු කැපීමට කැලයක්‌ මැදින් යති. ඒ අතර තිරිසනාගේ පියා තරුණියගේ හිසට පොල්ලකින් පහර දෙයි. ඇය සිහිසුන් වූ පසු තිරිසන් පුතා සහ ඔහුගේ මිතුරකුගේ ආධාරයෙන් තරුණියගේ ගෙල කපා මරයි.

ඉහත සඳහන් කතා ප්‍රවෘත්තිය මේ දිනවල රූපවාහිනියෙන් සහ පුවත්පත්වලින් අපි නිතර දකිමු. කියවමු. මෙය සිදුවුණේ ඇල්පිටියේ

කුරුවිට කූප්‍රකට දානපතියකුවන තිස්ස අප්පෝ කෝටි ගණනක් බෙදන හැටි මෙන්න.

විශේෂ පුවත්
2014 අප්‍රේල් 10 01.48 p.m

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට හන්දිය අසලින් වැටී තිබෙන ‘පැරඩයිස්’ මාර්ගය අතුරු සිදුරු නැතිව මහ ජනතාවගෙන් පිරී ගොස් ඇතැයි වාර්ථා වෙයි. 

එම මාර්ගයට කිසිම වාහනයකට ඇතුළු විය නොහැකි ආකාරයට ජනතාව රොක් වී ඉදිරියට ගමන් කරමින් සිටින බව පැවසේ. ඒ, එම මාර්ගයේ ජීවත් වන කූප්‍රකට දානපතියකුවන තිස්ස අප්පෝ නැමැති ව්‍යාපාරික මහත්මයකු විසින් වාර්ෂිකව සිංහල අවුරුද්දේ රුපියල් කෝටි ගණනක් ජනතාව අතරේ බෙදා දීම මෙම

නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න බැරිවුණා...

ලෝකයේ දියුණුවත් සමගම තාක්ෂණයේ දියුණුව මිනිස්සුන්ගේ යහපත මෙන්ම අයහපත සඳහාද භාවිතා කරන අයුරු දක්නට ලැබිම කනගාටුවට කරුණකි. 

අසත්පුරුෂ මිනිසුන් අද මෙන්ම එදාද ලෝකයේ සිටින්නට ඇත.  අද එකිනෙකාට මුණගැසීමට ඇති අවකාශය පුළුල් වීම නිසා රැවටීම් හා වංචාවලට හසුවන ප්‍රමාණයද පෙර කාලයට  වඩා වැඩිවී ඇත්තේ පුදුමාකාර ලෙසිනි. මේත් එවැනි කතාවකි. අපි ඇය චන්දිමා ලෙස හඳුන්වමු. ඇගේ නැගණියගේ කතාව ඇගේ වචනවලින්ම අසමු.

“මේ කතාව මම කියන්නේත්  තවත් මේ රටවල ඉන්න තරුණ ගෑනු ළමයින්ට පාඩමක් නිසාමයි. අපි ලංකාවේ දකුණු පළාතේ අය. අපේ තාත්තා ව්‍යාපාරික කටයුතු කළේ.අම්මා නම් රැකියාවක් කළේ නෑ. 


ඒත් තාත්තා සාර්ථක ව්‍යාපාරිකයෙක් නිසා අපිට ‍පොඩි කා‍ලේ ඉඳලම කිසිම අග හිඟයක් තිබ්බෙ නෑ. අපේ පවු‍ලේ ගෑනු ළමයින්ම තුන්

ආහාර කල්තබා ගැනීමට ඒවාට වස විස එක්‌ කරන කාලකන්නි වෙළෙන්දෝ

සිංහල අලුත් අවුරුද්දට ඇඳුමක්‌ කැඩුමක්‌ ගන්නට, බඩුවක්‌ මුට්‌ටුවක්‌ ගන්නට ජනතාව තුළ තිබෙන උනන්දුව ඉතා ස්‌වාභාවිකය. 

අතේ මිටේ යමක්‌ වැඩිපුර නැතත් අවුරුද්ද වෙනුවෙන් ණය තුරුස්‌ වී හෝ සතුටු වීම අප වැඩි දෙනාගේ සිරිතය. එහි කිසිදු වරදක්‌ ද නැත.

 දවස්‌ තුන්සිය හැටපහකට වරක්‌ එළඹෙන මේ දවස සිංහල බෞද්ධයන්ට මෙන්ම දෙමළ හින්දුන්ට ද මඟහැර යා නොහැකි සංස්‌කෘතික උළෙලක්‌ බවට පත්ව තිබේ. මේ වටිනා දවසේත් පාරිභෝගිකයා ගසාකන වෙළෙන්දො කොපමණ සිටිත්ද? වෙළෙඳාම යනු ලාභයම මුල් කරගත් ජාවාරමක්‌ ලෙස සිතන පුද්ගලයන් ද වෙළෙඳ සමාජය තුළ ඕනෑ තරම් සිටිති. 

අයුතු ලාභ ලබන, පාරිභෝගිකයන්ට කුණු ජරාව ගිල්ලවන, හොරට කිරන, සාක්‌කුවට සහ මුදල් පසුම්බියට විදින ඒ වර්ගයේ වෙළෙන්දන්

කවදාවත්ම සිප වැළඳ ගැනීමේ දර්ශනවලට පෙනී සිටින්නේ නැහැ - පබසරා


එහාට යන්න හදන බව දැනුණම මම ඒක ගැන කියනවා.

මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන “පබසරා’ ටෙලි නාට්‍යයේ “පබසරා” ලෙස අප හමුවන නිපුනිකා හේවාගමගේ නිවේදනය ඔස්සේ රංගනයට පිවිසි ශිල්පිනියකි. 

දිළිඳුකමේ ගිලී ජීවිතය ජයගන්නට වෙර දරන “පබසරා” නම් අහිංසක දිරිය දියණිය අද වනවිට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන ඇති නිසාම මෙසේ ඇයව අපේ කතාබහට එක්කර ගන්නට අපි සිතුවෙමු.

ඔබ නිළිකමට පිවිසුණේ නිවේදනය ඔස්සේ ?

 
නාලන් මෙන්ඩිස් ගේ “වාසනා වේවා” ටෙලි නාට්‍යයට නවක නිළියන් හොයනකොට මාව ඊට යොමුකළේ විශ්ව ලංකා. මුලදී මම ටිකක් මැලි

සඳුනිව අල්ලාගෙන සිටින කොට මම කැත්තෙන් ඇගේ බෙල්ල වෙන් වෙන්නම කැපුවා

පාසල් යමින් සිටි සඳුනිව ජනක පුතා අපේ ගෙදරට එක්‌කරගෙන ඒම ගැන මමත්, මගේ බිරිඳත් එතරම් කැමැත්තක්‌ දැක්‌වූයේ නෑ. සඳුනි සමඟ පුතා අඹුසැමියන් වශයෙන් අපේ ගෙදර ජීවත් වුණා. 

සඳුනි අපේ ගෙදරට ආපු දවසෙ ඉඳලම අපට කරදර රැසකට මුහුණ දෙන්න සිදු වුණා. සඳුනිට අවුරුදු 18 සම්පූර්ණ වූ ගමන් ඇය විවාහ කරගන්න කියලා පුතාට බලකරමින් සඳුනි නිතර නිතර රණ්‌ඩු සරුවල් ඇතිකර ගත්තා.

පසුගිය 25 දා උදේ සඳුනි ජනක පුතා සමඟ ආරවුලක්‌ ඇතිකරගෙන පුතාගේ ෆෝන් එක පොළොවේ ගැහුවා. එවිට පුතා සඳුනිට පහරදීල මමත් සමඟ කුරුඳු කපාගෙන එන්න පුවක්‌දොඩැල්ලේ ඉඩමට ගියා.


සඳුනි රණ්‌ඩු වෙමින් පුතා පසුපස ආවා. මම කැලේ මැදදී සඳුනිගේ හිසට පොල්ලකින් පහර දුන්නා. සඳුනි සිහි නැතිව බිම ඇද වැටුණු පසු බෙල්ල කපා වෙන්කර සිරුර සහ හිස කන්දෙන් පහළට දාලා පුතා සමඟ ගෙදර

මලයාසියානු ගුවන් යානයේ ඉරණම සදාකාලික අබිරහසක් වෙයිද.?

මලයාසියානු ගුවන් සේවයට අයත් පියාසර අංක MH 370 දරන ගුවන් යානය අතුරුදන් වී අප්‍රේල් මස අට වෙනිදාට මසක් සපිරේ. 

මෙම යානය ඕස්ට්‍රේලියාවට ආසන්න ඉන්දීය සාගරයේ දක්ෂිණ කොටසට කඩා වැටී ඇති බව මැ‍ලේසියානු අගමැති නජීබ් රසාක් මීට දෙසතියකට පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළෝය. 

ඔහු මෙම ප්‍රකාශය කිරීමට පෙළඹී ඇත්තේ යානයේ සුන්බුන් හෝ මගීන්ගේ සිරුරු කොටස් හමුවීමෙන් නොව චන්ද්‍රිකා ඡායාරූපය විශ්‍ලේෂණය කිරීමෙන් බව පවසන යානාවේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් මලයාසියාව සත්‍ය සඟවන බවට යළි යළිත් චෝදනා  නගන්නට විය.

අගමැතිවරයාගේ ප්‍රකාශයට සමගාමීව මලයාසියානු ගුවන් සේවයද යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් වෙත කෙටි පණිවුඩයකින් වාර්තා කර ඇත්තේ යානය විනාශ වූ බවත් කිසිවෙකුත් දිවි රැකගෙන නැති බවත්ය. 


ඒත් මේ කිසිම ප්‍රකාශයක් පිළිගැනීමට යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් සූදානම්  නැති බව පෙනෙන්නට තිබේ. චීනයේ මලයාසියා

දිරිය දියණියක්‌! සෞඛ්‍යාරක්‌ෂිත නවතම නිපැයුමක්‌ ඉදිරිපත් කරයි


මදුරුවන් පලවා හරින සුවඳ කූරක්‌ 
ඖෂධීය වාෂ්ප තෛලයක්‌

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන්කර ඩෙංගු මදුරුවන් පලවා හැරීම සඳහා නවතම වාෂ්ප තෛලයක්‌ නිෂ්පාදනය කර ඇති දිරිය දියණියක්‌ කෑගල්ලේ ඔලගමදී අපට හමු විය.

ඇය නමින් මධුෂානි විඡේතිලකය. ඇය දේවාලේගම මලියදේව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා උසස්‌ පෙළ සඳහා කෑගල්ල බාලිකා මහා විද්‍යාලයට ඇතුළත්ව උසස්‌ පෙළ සාමාර්ථයෙන් පසු කැලණි විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධිය සඳහා පෙනී සිටියි. 


ඒ අතරම ඇය කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නි වේදන පිළිබඳ ඩිප්ලෝමා වක්‌ද, කොළඹ විශ්ව විද්‍යාලයේ කුඩා කර්මාන්ත කළමනාකරණය සම්බන්ධ ඩිප්ලෝමාවක්‌ද හදාරා ඇත. 

මෙම කළමනාකරණ ඩිප්ලෝමාව උපයෝගි කරගෙන හා විදාතා මධ්‍යස්‌ථානයෙන් ලබාගත් පුහුණුවද සමඟ මෙම මදුරු මර්දනය සඳහා අවශ්‍ය දැනුම ලබාගෙන ඇත.

ඇය පළමුවෙන්ම සුවඳ සඳුන්කූරු නිෂ්පාදනය කර පසුව මදුරුවන් පලවා හරින සුවඳ කූරක්‌ නිෂ්පාදනයකර ඇත. මෙම සුවඳ කූර පැය දෙකක්‌

ක්‍රිකට්‌ ඔට්‌ටුව පැරදී ගම්පහ ව්‍යාපාරිකයකුට 'හාට්‌ ට්‍රබල්'

විස්‌සයි විස්‌ස ලෝක කුසලානය ඉන්දියාව දිනන බවට ඔට්‌ටු ඇල්ලූ ගම්පහ ව්‍යාපාරිකයකු රේස්‌ බුකියට වී ක්‍රිකට්‌ තරගය නරඹද්දී ඉන්දියාව පැරදුණු බව ඇසීමත් සමග සිහි නැතිවී ගම්පහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගිය බව ගම්පහ නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය පී. පී. ආර්. පී. රාජපක්‍ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

ඔහුගේ බිරිය සාක්‌කි දෙමින් පැවැසුවේ මීට පෙර ඔහුට රෝගයක්‌ නොතිබුණු බවයි. හදිසි හෘදයාබාධයකින් ව්‍යාපාරිකයා මියගොස්‌ ඇතැයි මරණ පරීක්‍ෂණයේදී නිගමනය විය.

ඉන්දියාව දිනනවා කියා 20 - 20 ක්‍රිකට්‌ මැච් එකට මිය ගිය සැමියා රේස්‌ බයි එකෙන් තුණ්‌ඩුවක්‌ දමා තිබුණා. ශ්‍රී ලංකාව ජයග්‍රහණයත් සමග සිහිසුන්ව සිටි ඔහුව ගම්පහ මහ රෝහලට රැගෙන ගියත් ඒ වන විට ඔහු

කසාද බඳිනවැයි කියා පෙම්වතාගේ ගෙදර නවතා ගත් දැරිය අමානුෂික ලෙස මරා දමලා

කාලයක්‌ තිස්‌සේ අඹුසැමියන් ලෙසත් ඉඳලා

නරක්‌ වූ මළ සිරුර ලඳු කැලෑවකින් හමුවෙයි


ඉකුත් 2012 වසරේ දෙසැම්බර් මස අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි පාසල් ශිෂ්‍යාවක්‌ තරුණයෙකු සමග හොර රහසේ පැනගොස්‌ දෙවසරකට ආසන්න කාලයක්‌ ඔහු සමග ජීවත්ව සිටියදී අභිරහස්‌ ලෙස ඝාතනයට ලක්‌ව ඉකුත් 5 දා එම දැරියගේ නරක්‌වී කුණුවී ගිය මළ සිරුර ලඳු කැලෑවකින් සොයා ගැනීමට දැරියගේ ඥතීන්ට හැකිවී ඇත.

මෙසේ ඉතා අවාසනාවන්ත අන්දමින් ඝාතනයට ලක්‌ව ඇත්තේ ඇල්පිටියේ ඇල්ල ශාසනචන්ද්‍ර මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලැබූ ඇල්පිටියේ ඇල්ල, පුවක්‌දොඩැල්ල ප්‍රදේශයේ පදිංචි කැටීපෙආරච්චි සඳුනි කාංචනා (18) නමැති දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරිය සමග දෙවසරකට ආසන්න කාලයක්‌ අඹු සැමියන් ලෙස ජීවත් වූ දැරියගේ ප්‍රේමවන්තයා ඔහුගේ පියා මව සහ

ප්‍රතිකාර ගන්න රෝහලට ආ පස්‌ හැවිරිදි දරුවාට වෛද්‍යවරයා පහර දෙයි

මාතලේ මූලික රෝහලේ බාහිර රෝගී අංශයට සිය මව සමග ප්‍රතිකාර ගැනීමට පැමිණි පස්‌ හැවිරිදි දරුවකුට එහි වෛද්‍ය වරයකු පහරදීමේ සිද්ධිය පිළිබඳව මාතලේ පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර ඇත. 

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී කයිකාවල ඉකිරිගොල්ල පදිංචි නිමල් තාරක දරුවා සිය මව සමග බාහිර රෝගී අංශයට ගිය අවස්‌ථාවේ එහි පෝළිමේ රැඳී සිටියදී එක්‌වරම වෛද්‍යවරයා පැමිණ කුඩා දරුවාගේ අතින් ඇදගෙන ගොස්‌ පා පහරක්‌ එල්ල කර ඇති අතර ඉන් දරුවා බිම වැටී ඇති බවත් ප්‍රකාශ වෙයි.

පසුව සිද්ධිය පිළිබඳව දරුවාගේ මව වන සුනේත්‍රා මාලනී මහත්මිය පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධිය සියසින් දුටු මානලේ මන්දන්ඩාරව පදිංචි සමන් විතානගේ මහතා මෙසේ කීය. 


මේ දරුවා මට ඉදිරියෙන් මව සමග පෝළිමේ සිටියා. වෛද්‍යවරයාගේ කාමරයේ දොරට හෙමින් තට්‌ටු කරමින් දරුවා සිටියේ. එක්‌වරම

සාමවිනිසුරු විෂය පුහුණුවට සාමදාන විනිශ්චයකාර වරුනට ආරාධනා!

සාමවිනිසුරු මාසික සාර සංග්‍රහයේ මෙහෙයවීමෙන්, සාමදාන විනිශ්චය කාරවරුන් ඔව්න් ගේ විෂයට අදාළ ව පුහුණු කරන සාමවිනිසුරු පුහුණු වැඩමුළුවක්  2014.04.20 දින ගම්පහ දී  පැවැත්වේ. මෙය නොමිලේ පැවැත්වෙන පුහුණු වැඩමුළුවකි.

එම සාමවිනිසුරු පුහුණු වැඩමුළුවට සහභාගී වීමට කැමති ගම්පහ දිසාවේ අධිකරණයක දිව්රුම්/ප්‍රතිඥා දුන් සාමවිනිසුරුවරු වෙතොත්, පහත සදහන් තොරතුරු සම්පූර්ණකර samavinisuru.masika2013@ gmail.com දරන e - mail ලිපිනයට එවීමෙන් ඒ සදහා ආරාධනා ලිපියක් ලබාගත හැකිය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි, නමුත් සාමවිනිසුරු පුහුණුව ලබා ගැනීමට උනන්දුවන, දිවයිනේ කවර ප්‍රදේශයක වුව ද අධිකරණයක