Ads 468x60px

.

අද තමයි බිලි පූජාව....... උඹවයි දරුවයි මරා ලේ බොනවා කියා සැමියා කෑ ගැසුවා

බිලිඳු දරුවා මරා ගේ මැද වළ දමන්න හැදූ
අයගේ බිරිඳ පොලිසියට කියයි


බිලි පූජාව පටන් ගත්තේ අද තමයි උඹවයි දරුවයි මරා ලේ බොනවා කියමින් සැමියා මහහඬින් මහ රෑ කෑගැසුවේ යෑයි තම සිඟිති දරුවා මරාදමා එම දරුවාගේ සිරුර ගේ මැද සාලයේ භූමිදාන කිරීමට සැරසුණු සැමියාගේ බිරිඳ වන බී. ජනිතා (42) මහත්මිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන මිල්ලනිය පොලිසියේදී ප්‍රකාශ කළාය. පසුගිය 27 රෑ තම සැමියා සාලයේ මිනීවළක්‌ කැපුවා. ඔහු කලින් කසාදයෙන් දික්‌කසාදවී මා සමග විවාහ වී ඉතා කෙටි කාලයක්‌ වෙනවා. මමත් මීට කලින් විවාහවී දික්‌කසාද වුණා.


සැමියා මේ විදියට ක්‍රියාකිරීම නිසා මම බලවත් තැති ගැනීමකින් හිටියේ. මොහු ගේ දොර ජනේල වසා තිබූ නිසා ගෙයින් එළියට පැන ගන්න පවා බැරි තත්ත්වයක්‌ තිබුණා.

පසුදින පාන්දර මම සැමියාට කිව්වා දොර ටිකකට අරින්න දරුවාගේ රෙදි හෝදන්න ඕනෑ කියලා. එතකොට දොර ඇරියා මම පුළුවන් තරම් ඉක්‌මනින් පොලිසියට ගිහින් මේ පිළිබඳ පැමිණිල්ලක්‌ කළා. එතකොටම වාගේ සැමියාත් පොලිසියට පැමිණියා.

මේ අතර මෙම සැකකරු බිරිඳගේ චෝදනාව තරයේම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙම මිනීවළ හෑරුවේ තමා දිවි නසාගෙන එහි භූමදානය කරගැනීමේ අදහසින් බව ද එම මිනීවළ උඩින් දරුවා රැගෙන ගමන්

කරන ලෙස බිරිඳට තමා කී බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

එහි තවත් පුවත් පහතින්.

සිය නිවස මැද වළක් හාරා බිරිඳ හා දියණිය ඝාතනය කර එම වළට දමා වසා බාල්කයේ එල්ලී සියදිවි නසා ගන්නට තැත් කළ පුද්ගලයා අද (29) පෙරවරුවේ බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් උසාවිය හමුවට පමුණවීමට නියමිතය.

අනතුරුව එම නිවස මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට ලක්විය යුතුද යන්න තීරණය කෙරෙනු ඇත.

සඳුදා (28) දහවල් 42 හැවිරිදි කාන්තාවක් මිල්ලනිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත්තේ සිය සැමියා තමන් හා වයස සති පහක් වන සිය දියණිය මරා වළලන්නට නිවස මැද වළක් කපමින් සිටින බවයි. 


එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදයසිරි කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාල නිවස පිහිටි බණ්ඩාරගම, බැල්ලන්තුඩාව, කුරුඳුවත්තට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකපිට මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බාලසූරියගේ රවීන්ද්‍ර කුමාර පෙරේරා (42) නැමැති අයෙකි. තමන්ගේ ස්වාමි පුරුෂයා නිරතුරුව තමන් සැක කරමින් දරුණු ලෙස පහර දෙන බව සැකකරුගේ බිරිඳ පොලිසියට පවසා ඇත. එහෙත් සිය සැමියා අරක්කු තබා සිගරැට්ටුවක්වත් පානය නොකරන බව ඇය  වැඩිදුරටත් කියා තිබේ.

පොලිසිය නිලධාරින් විසින් නිවස පරීක්ෂා කිරීමේදී සාලය මැද අඩි 06 ක් ගැඹුරු අඩි 05 ක් පළලට වළක් හාරා තිබී ඇත. වළට ඉහළින් බාල්කයේ ලණුවක් එල්ලෙමින් තිබී ඇති අතර එහි කෙළවර තොණ්ඩුවක් වැනි යමක් සාදා තිබෙනු පොලිසිය දැක තිබේ.

සැකකරු අත්තඅඩංගුවට ගෙන එම නිවසට සීල් තැබූ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකර ගෙන යනු ලැබේ.පොලිස් භාරයට ගත් සැකකරුගේ බිරිඳගෙන් පොලිසිය දීර්ඝ වශයෙන් සඳුදා (28) දහවල් කටඋත්තර සටහන් කර ගෙන ඇත.


කාන්තාව මීට පෙර විවාහ වී සිටි තැනැත්තියකි. ඇයට පෙර විවාහයෙන් දරුවන් දෙදෙනෙක් සිට ඇත. එම දරු දෙදෙනා ද සමග සැකකරු හා ජීවත් වන්නට මෙම කාන්තාව පැමිණ ඇත්තේ මීට වසර අටකට පමණ පෙරදීය.

සැකකරුට දාව දරුවකු කුස පිළිසිඳගත් දා සිට තමන්ට දරුණු ලෙස පහර දෙන්නට සැමියා පෙළඹුණ බව මෙම කාන්තාව පවසා ඇත. ඒ අතර වාරයේ ඇයගේ රැකවරණය මැද සිටි පෙර විවාහයේ දරු දෙදෙනාද නිවසින් පන්නා දමා ඇත. සිය සැමියාට ස්ථිර රැකියාවක් නැති නමුත් ඔහු මේසන්,වඩු,කාර්මික ආදී ඕනෑම වෘත්තියකට දක්ෂයෙක් බවත් ඇය සඳහන් කර තිබේ.

දරුවා ලැබෙන්නට ආසන්න කාලයේ දී සිය සැමියා තමන්ට සවලකින් පවා පහර දුන් බව ඇය පවසයි.දරුවා බිහි වූ පසු ඇය පිළිබඳ තව තවත් සැකකරු සැක කරන්නට පටන් ගෙන ඇත. ඇය සිට ගෙන සිටියත් සැක කරමින් පහර දෙන තරමට දරුණු සැකයක් ඔහු තුළ හට ගෙන තිබේ.


ඉරිදා (27) උදේ හිටිහැටියේ සිය සැමියා නිවස මැද වළක් හාරන්නට පටන්ගත් බව සැකකරුගේ බිරිඳ පොලිසියට පවසා ඇත.“මොකද මේ කරන්නේ?” යැයි ඇසූ විට උඹත් ළමයත් මරා වළලා මමත් බෙල්ලේ වැළදා ගන්නයි හදන්නේ..” යනුවෙන් සැමියා පැවසූ බව ඇය සඳහන් කරයි.

බොහොම අමාරුවෙන් ඔහුගේ හිත හදා ගන්නට බිරිඳ සමත් වී තිබේ. ඒ අනුව වළ කැපිල්ල සැකකරු නවතා දමා ඇත. නමුත් එදිනම රාත්‍රී 12 ට පමණ  සිය සැමියා යළිත් වළ කපන්නට පටන්ගත් බව සැකකරුගේ බිරිඳ පොලිසියට කියා තිබේ.


තමන් හා දරුවා මරා දමා වළලන්නටත්, අනතුරුව සැමියා සියදිවි නසා ගන්නටත් දරන උත්සාහය ව්‍යර්ථ කරන්නට බැරි බව පෙණුන බැවින් මෙම කාන්තාව දරුවාද කැටුව සඳුදා (28) උදේ මිල්ලනිය පොලිසිට පැමිණ සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

 
Related Posts with Thumbnails