Ads 468x60px

.

ජැකලින්ගේ මිරිස් ගල කිලෝ නමසීයක් බරයිලු...

අගනුවර නිදහස් චතුරශ‍්‍රයේ නිදහසේ තම විෙවේකය ගත කරන්නට කැමැති නගර වාසින්ට අලූත් තැනක් පසුගියදා ආරම්භ වුණා. එ් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්.

නමින් එය ඉන්ඩිපෙන්ඩන් ආකේඞ් ය. මෙය සිනමා ශාලා විවේක ශාලා සාප්පු සංකීර්ණවලින් යුක්ත සුන්දරවූත් අති රමණීය වුත් ස්ථානයකි.

හොලිවුඞ් බොලිවුඞ් සිනමාව ජයගත් ශ‍්‍රී ලාංකික නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් හා දර්ශන මුණිදාස සම කොටස්කරුවන් ලෙසින් ”කෑම සූත‍්‍ර” නමින් සුන්දර අවන්හලක් මෙහි ආරම්භ කරන්නේ වෙනස්ම අත්දැකීිමක් මෙරට හා විදේශ පාරිභෝගිකයන්ට ලබා දෙන්නටය. 


අපි එහි ගියේ ජැකලින්ගේ තොරතුරු දැන ගැනීමටයි. එහිදී අපට මෙහි සම කොටස් කරු දර්ශන මුණිදාස මුණ ගැසුනා. ”මම ඉන්දියාවේදි ජැකලින් හමු වුණා. එ් හමුව ජුනි මාසේ සිදු වුණේ. එතකොට මගෙ අදහස වුණේ ඉන්දියාවේ ශ‍්‍රී ලාංකික අවන්හලක් විවෘත කිරීමටයි. 

පසුව ඇයත් එක්ක මම කතා කරද්දි  අපි එකඟතාවකට පැමිණියා ලංකාවේ අලූතින් ඉදිවෙන ඉන්ඩිපෙන්ඩන් ආකෙඞ් එකේ ශ‍්‍රී ලාංකික කෑම වට්ටෝරු සහිතව ආපනශාලාවක් විවෘත කිරීමට. එ් අනුව අපි ‘කෑමසූත‍්‍ර ’ කියන අවන්හල අපි ජනතාවට විවෘත
කරන්න තීරණය කළා.

ඇත්තටම ජැකලිින් කියන්නෙ කාර්ය බහුල නිළියක්.. එ් නිසා මට තමා මෙහි බරපතල වගකීම පැවරී තියෙන්නෙ.. කොහොම වුණත් අපේ එකම බලාපොරොත්තුව ශ‍්‍රී ලාංකීය අපේ හිත මිතුරන්ට හොඳ රසවත් කෑම වේලක් ලබාදීමයි. 


ලංකාවේ තියෙන උසස්ම අමුද්‍රව්‍ය වලින් ශ‍්‍රී ලාංකීය අපේ දේ ජාත්‍යන්තරයටත් ලංකාවේ අයටත් ලබා දීමය අපේ අරමුණ. අපි එයට දැඩි වෙහෙසක් දරනවා.. මේ අනුව අපේ අවන්හල නිර්මාණය කරලා තියෙන්නෙ සුවිශේෂි ආකාරයකටයි. 

ඔබට දකින්න පුළුවන් අපේ අවන් හලේ තියෙන මිරිස් ඇඹරුම් ගල. එය කිලෝ නමසීයක් බර  එකක්. මෙයින් තමා අපි මිරිස් අඹරන්නේ.. මේ විදියට අපි දේශීය සම්පත් තමා ප‍්‍රයෝජනයට අරන් තියෙන්නෙ.. මෙහි විශේෂත්වය වන්නේ  ඕනෑම දේශීය ආහාරයක් එම මොහොතේදීම නැවුම්ව සකසා ගන්නට පුළුවන් වීමයි.  

අපි ගාව තියෙන්නේ දේශීය බීම වර්ග පමණයි. ලොකුම කවිච්චිය තියෙන්නෙත් අපේ පබ් එකෙයි..” දර්ශන ඔවුන්ගේ අවන්හල ගැන ගොඩක් විස්තර කිව්වා. ඔහු ලෝක ප‍්‍රකට ව්‍යාපාරිකයෙක් මෙන්ම සූප වේදියෙක්ද වෙනවා. ‘කෑම සූත‍්‍ර’ නිළ වෙබ් අඩවියට ඇතුළත් කළ පසු ඉතා ඉහළ ප‍්‍රතිචාර ලබුණු බවත් ඔවුන්ට දැන ගන්නට ලැබී තිබෙනවා.

‘කෑමසූත‍්‍ර ’ අවන්හලේ ආහාර වල මිල ගණන් පහත පරිදිය.

දර්ශන්ගේ විශේෂ කුකුළු මස් ව්‍යංජනය - රු. 2000/-
කකුළුවන් ව්‍යංජනය 9ග්‍රෑම් 350) - රු. 1800/-
මාලු ඇඹුල්තියල් ව්‍යංජනය - රු. 800/-
කලු පොළොස් මාලුව - රු. 200/-
තෙල් දැමූ බණ්ඩක්කා ව්‍යංජනය - රු. 600/-
කජු මාලුව - රු. 800/-
ප්ලේන් ආප්පයක් - රු. 100/-
බිත්තර ආප්පයක් - රු. 200/-
පොල් රොටී එකක් - රු. 200/-
ඉඳි ආප්ප 6ක් - රු. 100/-
කිරිබත් එක කැටයක් - රු. 100/-
පොල් සම්බෝල - රු. 200/-
ලුණු මිරිස - රු. 100/-
කට්ට සම්බෝලය - රු. 200/-
තැඹිලි ගෙඩියක් (දෙහි සමඟ) - රු. 200/-
 
Related Posts with Thumbnails