Ads 468x60px

.

කළු කුමාර දිෂ්ටිය යවන්න යට ඇඳුම් ගලවා දමා කෙම කල කපුවාට වැඩ වරදී..

තරුණිය පමණක් දේවාලය තුළ තිරය පිටුපසට අරන්...

ඇඟේ පැය භාගයකට වැඩි කාලයක් තෙල් ගාලා අතගාලා...

කළුකුමාර දෝෂය දුරු කර ගැනීමට දේවාලයක පිහිට පතා ගෙන ගිය තරුණියට අතවර කිරීමට තැත් කළැයි කී කපුවකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.

නිරතුරුවම සෑදෙන උදරයේ වේදනාව, හිනෙන් බයවීම නිසා ඥාතියකු මාර්ගයෙන් දුර බැහැර ප‍්‍රදේශයක දේවාලයකට ගිය තරුණිය එම දේවාල කපුවා ආරූඪයෙන් පැවසූ ප‍්‍රතිකර්මය කිරීම සඳහා පොල්ගස් ඕවිට ප‍්‍රදේශයේ දේවාලයකට ගිය දෙවන දිනයේ දී මෙම අතවරය වී ඇතැයි පොලිසිය
පවසනවා.

සැකකාර කපුවා තරුණියට පළමු දවසේ තෙල් වර්ගයක් ඇඟ ගිල්වීමෙන් අනතුරුව රතු පාටට හුරු පැදුරක්, රතු රෙද්දක්, පාට හතකින් යුත් චීත්ත රෙද්දක්, පාට හතකින් යුත් මල්, එක නැට්ටේ දෙහි ඇතුළු විවිධ දෑ ඇතුළත් ලැයිස්තුවක් ලබාදී කෙම්මුර දිනයක නා පිරිසුදු වී පැමිණෙන ලෙස දන්වා ඇතැයි තරුණිය කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.

කපුවාගේ උපදෙස් පරිදි ඔහු ලවා භාණ්ඩ ලැයිස්තුවේ සියලූම භාණ්ඩ රැගෙන සහෝදරයාත් සමග දේවාලයට ගිය තරුණිය පමණක් දේවාලය තුළ තිරය පිටුපසට ගෙන යට ඇඳුම් ගලවා

දිවි සුරැකුම් යන්ත‍්‍රය අකි‍්‍රය කර මැන්ඩෙලාට මිය යෑමට ඉඩ දෙනවාද...?

මැන්ඩෙලා ගැන අවසන් තීරණය පවුලේ අය අතේ - වෛද්‍යවරු

දකුණු අපි‍්‍රකා හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සති දෙකකට ආසන්න කාලයක් සිහිසුන්ව දිවි සුරැකීමේ යන්ත‍්‍රයකට සම්බන්ධ කරනු ලැබ සිටින බැවින් ඔහු ගැන අවසන් තීරණයක් ගත යුත්තේ ඔහුගේ පවුලේ අය යැයි වෛද්‍යවරු පවසති.

මැන්ඩෙලාට ප‍්‍රතිකාර කරන ජොහැන්නස්බර්ග් නුවර වෛද්‍යවරුන් පවසන්නේ, සිහිසුන්ව සිටින මැන්ඩෙලා මේ වනවිට ජීවත් වන්නේ එම යන්ත‍්‍රයේ ආධාරයෙන් බවත් කොතරම් කල් ගියත් ඔහුගේ තත්ත්වය යහපත් නොවනු ඇති බවත්ය. 


දිවි සුරැකුම් යන්ත‍්‍රය අකි‍්‍රය කර ඔහුට මිය යෑමට ඉඩ දෙන්නේ නම් එය තීරණය කළ යුත්තේ ඔහුගේ පවුලේ අය බව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළේ ඊයේ (27) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

සුදර්ශනගේ පෙම්වතිය දොස්තරවරියක්ලු...

මෑතකදී තිරගතවූ 'අභිනික්මන' සිනමා සිත්තම හරහා සිනමවට බට ජනප්‍රිය යොවුන් නළු සුදර්ශන බණ්ඩාරගේ පෙම්වතිය දොස්තරවරියක් බව අප වෙත වාර්තා වෙනවා.

ඇය මීට පෙර වේදිකා නිළියක් ලෙසද කටයුතු කළ තැනැත්තියක් බවත්, සුදර්ශන හා හාදකම ඇතිවී ඇත්තේ ඇය නිළියක්ව සිටි අවදියේ බවත් පැවසෙනවා. කෙසේවුවද මොවුන් දෙදෙනා මේදිනවල විවාහයට ලක ලැහැස්ති වන බවද මේ අතර වාර්තා වෙනවා.

සුදර්ශනගේ උපන්දිනයදා ගත් ඡායාරූප පෙළක් පහතින්.

ආර්ථික අවපාතයෙන් එංගලන්තයේ ගණිකාවන්ගේ ගාස්‌තු පහලට බැහැලා...

හේතුව විදේශ ශිෂ්‍යාවනුත් ගණිකාවෝ වෙලා...

ඩෙබී බටහිර එංගලන්තයේ වාසය කරන කාන්තාවකි. ඇය අබිසරු ලියකි. ඇය ගණිකා මඩමක්‌ පවත්වාගෙන යන්නේ කුලියට ගත් තට්‌ටු නිවාසයකය. 

ඇය දිනකට ගනුදෙනු කරුවන් දෙදෙනකුට හෝ තිදෙනකුට සේවා සපයයි. නමුත් මීට වසරකට පෙර ඇය දිනකට ගනුදෙනුකරුවන් අටක්‌ හෝ නවයක්‌ සතුටු කළාය.නමුත් වර්තමානයේ ආර්ථික අර්බුදය නිසා ලොව පැරණිතම රැකියාවද අර්බුදයකට ලක්‌ව තිබෙනවා. එම නිසා ඩෙබී සිය ගාස්‌තුවද අඩුකර තිබෙනවා.

පොසොන් කූඩුවට ලැබුණු තෑග්ග ගත්තට විදුහල්පතිනිය ශිෂ්‍යයාට වේවැල් පහර 20ක්‌ ගහලා

පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ ගුරුතුමිය දණගස්‌සවයි... 

තවත් ශිෂ්‍යයෙක්‌ විදුහල්පතිතුමාට පහර දෙයි... 

විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්‌ අංශ ප්‍රධානි නිලධාරිනියට පහර දෙයි

යන පුවත්වල උණුසුම තවමත් දොන්කාර දෙද්දී අසන්නට ලැබුණු තවත් අනුවේදනීය කතාවක්.

"පාසලේ නම කියනකොට පොසොන් කූඩු තරගයේ ත්‍යාග මුදල් ගන්න උඹ වේදිකාවට නැග්ගේ ඇයි දැයි අසමින් විදුහල්පතිනිය මට වේවැල් පාරවල් 20 ක්‌ පමණ ගැසුවා" 

යෑයි දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් පහර කෑමට ලක්‌ වී කළුතර නාගොඩ මහ රෝහලේ 5 බී වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන 11 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි ඉෂාර ජයලත් සිසුවා ඊයේ (27 වැනිදා) දහවල් අපත් සමඟ පැවසුවා. මේ කතාව ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ ඉෂාර ජයලත් ශිෂ්‍යයා මෙසේද පැවසුවා.

දොඩන්ගොඩ පොසොන් කූඩු තරගයක්‌ පැවැත්වුණා. මම තරගයට ඉදිරිපත් වීමට දොඩන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපතිතුමා හමුවුණා. ඔහු මට අයෑදුම්පත්‍රයක්‌ දී විදුහල්පතිනියගේ මාර්ගයෙන් ඉදිරිපත් කරන්නැයි කීවා. මං විදුහල්පතිනියගෙන් අවසර ලබාගෙන

පින්තුරයක කතාව...

මේ දැක්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක්  විසින් මහපාරේ කරන විරෝධතාවයකි. 

සිසුන් හැට දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන්නැයිද ඔවුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරිම වහා ඉවත් කරන්නැයිද, සිසු මර්දනය වහා නතර කරන්නැයිද, පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත නොකරන්නැයිද ඔවුහු ඉල්ලති. ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගොස් අධ්‍යන කටයුතු වෙනුවට මහපාරේ කාලකන්නි වන මේ ශිෂ්‍ය ජිවිත කිසිම හැකියා වර්ධනයකින් තොරව උපාධි නිම කොට රජයේ රැකියා සිඟමන් අයදිති. 

භාෂා දැනුම පරිගණක දැනුම, නායකත්ව හැකියා නොමැති මේ අයාලේ ගිය මෙම මානව සම්පත පුද්ගලික අංශයේ විධායක නිලධාරීන් හඳුන් වන්නේ සෝම්බි හෙවත් ජිවත්වන මළවුන් ලෙසටය. එම නිසා මේ සෝම්බි වරුන්ට පුද්ගලික අංශයේ රැකියා දොර වසා තිබේ.